මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් (Wellamadama Ganadevi Ambalama Ruin)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.50 out of 5)
Loading...

දෙවිනුවර නගරය ලංකාවේ ඇති ඉතාමත් පෞරාණික නගර වලින් එකකි.  මේ නගරයේ අතීතය ඉතාමත් ඈතට දිව යන අතර දෙවන දප්පුල රජුගේ රාජ්‍ය කාලය ආරම්භයද සමඟ සම්බන්ද වේ.  දෙවන දප්පුල විසින් ගරා වැටුන දෙවිනුවර පුරාණ රජමහාවිහාරය, උපුල්වන් දේවාලය ප්‍රතිසංස්කරණ කර, නගර සිවු කොන මහා දේවාල  සතරක්ද  පරිවාර දේවාල සතක්ද, වැව් සතක්ද, පොකුණු සතක්ද බන්දවන ලද බව වාර්තාවේ.  මෙහිදී දේවලය අවට වන වැල්ලේමඩම පුරාණ ගණ දෙවි කෝවිලද, මැද්දවත්තේ නාග කෝවිලද, කයිසාවැල්ලේ ශිව කෝවිලද, දෙවොල් දේවාලයක්ද ඇතුලු තවත් කෝවිල් තිබු බව තිසර සංදේශය, පරවි සංදේශය, කෝකිල සංදේශය, දෙවිනුවර පුරාණය, දෙවනගර පුරාණය පුස්කොලපොත් ඇතුලු බොහෝ පොත්වල සදහන් වී ඇත.

තිසර සංදේශයේ කතුවරයා දෙවිනුවර සිට දැතිගම්පුරයට පියාඹන තිසරාට 30 වන පද්‍යයයේ මෙසේ උපදෙස් දෙයි

සියුමැලි තගෙ තෙලෙ සපල්ලේ තුඩ ම
පෑයේ සිරිනි එත කිරණැල්ලේ සැඩ ම
නොම සිට නෙරළු තුරු සෙවණැල්ලේ වැඩම
කෙරෙමින් ගණිඳු දැක යව වැල්ලේ මඩම

තිසාරා යන ගමනේදී  පොල්ගස් සෙවණෙන් ගොස් වැල්ලමඩමේ ගණදෙවි දෙවාලය දැක යන ලෙස මෙම කතුවරයා පවසයි. තිසර සංදේශය ලියා ඇත්තේ පස්වන පරාක්‍රමබාහු කාලයේ (1344-1359)  බව විශ්වාසයි. මෙහි කතුවරයා කව්රුන්ද යන්න සඳහන් නැතත් මෙය දෙවිනුවර වාසය කල ගුණවත් යතිවරයෙකු බව ගම්‍ය වේ.

රුහුණු විශ්වවිද්‍යාලය සිට දෙවිනුවර දක්වා ඇති වැල්ලබඩ මාර්ගය ඇති ඇති ප්‍රදේශය අදත් හඳුන්වන්නේ වැල්ලමඩම ලෙසයි. වර්තමානයේ වැල්ලමඩමේ ගණදෙවි කෝවිලේ ඇත්තේ ගණදෙවි අම්බලමේ කොටසක් පමණී. කොරල් ගල් හා පාෂාණ සංයෝගයකින් මෙහි බිත්ති සදා ඇත. තනි කාමරයකින් යුතු කුටියක් වන මෙම අම්බලමේ වහල 2013 දක්වා පමණ වනතෙක් පැවති බව පැවසේ.  නමුත් අද පවතින්නේ ඉදිරි හා පැති බිත්තිවල කොටස් හා  ඇතුලත වාඩිලා ගැනීමට තැනූ පිල් බංකුව පමණි.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • දෙවිනුවර ප්‍රෞඩත්වය බදු වූ පෞරාණික රස්සන්දෙනිය වැල්ලමඩම ගණදෙවි අම්බලමේ පුරාණය : කරන්දෙණිය මහදුරගේ පසිදූ දේශාන්.
  • තිසර සන්දේශය – si.wikibooks.org

සම්බන්ධ වෙනත් පිටු

මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් රියදුරු දිශාවන්

මාතර සිට වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් දක්වා
හරහා : දෙවිනුවර දෙසට
මුළු දුර :කිලෝමීටර 4.5
ගතවන කාලය  : විනාඩි 10
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply