දාගැබ් හයක නටඹුන් සහිත විලංකුලම දිවුල්වැව රජමහා විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2.00 out of 5)
Loading...
Lakmal K. Baduge
By Lakmal K. Baduge

විනාශය අතිමහත්ය. විනාශ කර ඇති අනුරාධපුර මුල් යුගයට අයත් දා ගැබ් සංඛ්‍යාව මෙතෙකැයි කියා ගණනය කල නොහැකි තරමටම නැගෙනහිර මහ වන මැද පිහිටි ඉපැරණි දා ගැබ් හාරා විනාශ කර අවසන්ය. පුරාවස්තු විනාශ කරමින් අනවසර කැණීම් කරන්නන් මේ කරන්නේ අනගිභවනිය ශිෂ්ඨාචාරයක ඉතිහාසය කියා පානා කැඩපතකට හානි කිරිමක් නොවේදැයි හානි කර ඇති පුරාවස්තු දකින විට වරෙක මට සිතේ.

ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි විලංකුලම අනුරාධපුර මුල් යුගයට අයත් නටඹුන් වලින් පිරිගිය පෙදෙසකි. විලංකුලම වැව් තාවුල්ලේ හා වැව් ඉස්මත්තේ මෙන්ම වැව ආශ්‍රීතව කදු ගැටයේද පැරණි රජ දවස කරවන ලද දා ගැබ් දහයක් විනාශ වෙමින් පවතින බව මී සහ දර කැඩීමට වනයට යන ගැමියන් කියති. ඉන් මා හට සොයා ගැනීමට හැකිවු දා ගැබ් ගණන හයකි. ඒ දා ගැබ් හයම ගර්භය හාරා විනාශ කර තිබේ. භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බව සිතිය හැකි ඒ අවට පිහිටි පැරණි ගොඩනැගිලි සහිත නටඹුන් ස්ථානද හාරා තිබේ. මීට මාස කිහිපයකට පමණ පෙර පාදම් ගල් කිහිපයක්ම කුළු ගෙඩි පහරකට හසුව අවසන් ගමන් ගොස් ඇත.

භික්ෂුන් වහන්සේලා විසින් පැන් සනහා ගන්නට ඇතැයි සිතිය හැකි ජල උල්පත් ද්විත්වයද වස්තුව ඇතැයි සිතා හාරා ඒ අවට පිහිටි ගල් කණු කඩා දමා තිබේ. මේ කර ඇති මහ විනාශය සුළු පටු එකක් නොවන බව මගේ හැගීමයි.

නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක, ත්‍රයිනිකායික භික්ෂු බල මණ්ඩලයේ ලේකම් ශාස්ත්‍රවේදී පුජ්‍ය අලුත් ඔය සද්ධාතිස්ස හිමියන් විහාරාධිපතිත්වය දරණ වර්ථමානයේ දිවුල්වැව රජමහ වෙහෙර ලෙස හදුන්වන ස්ථානයේ විලංකුලම වැව් තාවුල්ල අසල නැගෙනහිර දිසාවට වන්නට පිහිටි දා ගැබ මා විසින් නිරික්ෂණය කල පළමු දා ගැබයි. ත්‍රිකුණාමලය කන්තලේ මාර්ගයේ 187/9 වන බෝක්කුව අසලින් කුඹුර දෙසට හැරි කිලෝමීටරයක් පමණ වැව දෙසට ගිය පසුව මෙම දා ගැබ හමුවේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කැණීම් කර සංරක්ෂණය කිරිමට සුදානම් වන මෙම දා ගැබ මධ්‍යය හාරා විනාශ කර තිබුණි අඩි 35 ක් පමණ උසැති වට අඩි 150 ක් පමණ පළලැති දා ගැබෙහි ග‍ඩොලු ඉවත් කර අනවසර කැණීමක් කර තිබු බව අසුව දශකයේදී පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වාර්ථා කර තිබුණි.

මෙහි බුදු පිළිමයකට අයත් විය හැකි මෙරට කිරිගරුඩ ගල් කැබැලි සමුහයක්ද පෙරලා දමා ගොඩැල්ල අසල කිහිප පොලක පිහිටි පැරණි ගල් කණු කඩා බිද දමා තිබු බවත් අනුරාධපුර යුගයේ මුල් කාලයේ ඉදි කරන්නට ඇති බව සැලකෙන මෙම දා ගැබ මත ගෙපැලක්, වැසිකිලයක්, ගව මඩුවක් හා ලිදක් වැනි වලක් හාරා ගෙන එහි සෙල්ලප්පා නල්ලයියා හා ඊනා මුත්තු සාමි යන අය ජිවත්වන බව සදහන් කරමින් විලංකුලම අවට තවත් දා ගැබ් තුනක් සම්බන්ධවද තොරතුරු යොමු කරමින් එවකට දිසාපති ඩී. ජේ. බංඩාරගොඩ මහතාද 1978 අගෝස්තු 04 වන දා පුරාවිද්‍යා කොමසාරිස්වරයා අමතා රහස්‍ය ලිපියක් යොමු කර තිබේ.

දිසාපතිවරයා විලංකුලම අවට දා ගැබ් තුනක් සම්බන්ධව ‍එම ලිපියේ කරුණු සදහන් කර ඇත. ත්‍රිකුණාමලය නුවර පාරේ 153/11 දරණ බෝක්කුව අසලින් දකුණු පස විලාංකුලම වැව් ඉස්මත්තේ පිහිටි මෙම දා ගැබත් එම පාරේ මදක් දුර ගිය පසුව හමුවන 246 වන කිලෝමීටර් කණුව අසලින් පාරේ වම්පස පිහිටි දා ගැබ හා විලංකුලම වැව් ඉස්මත්තේ සැතපුමක් පමණ කැලයේ හමුවන දා ගැබ හා ඒ තුල පවතින නාග අක්ෂර සටහන් සහිත ගල් පුවරුව හා ඒ අවට පුරාවස්තු සම්බන්ධයෙනුත් ඒවා කඩිනමින් ආරක්ෂා කිරිමට කටයුතු කරන ලෙසත් සිය ලිපියෙන් ඉල්ලා තිබුණි.

එමෙන්ම ඔහු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද 1979 ජුනි අටවන දින ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ ත්‍රිකුණාමලය නුවර පාරේ කප්පල්තුරෙයි මංසංධිය පසුකර ගිය පසු 153/11 බෝක්කුව පසුකල වහාම දකුණු පස ඇති කුඹුරෙහි කරත්ත පාරේ යාර 200 ක් ගිය පසුව හමුවන පැරණි දා ගැබ සහිත බිම හා ඊට සැතපුමක් කැලය දෙසට වන්නට පිහිටි දා ගැබ හා ඒ අවට නටඹුන් සහිත බිම අක්කර 10 ක් පමණ වෙන් කර මැනුම් කටයුතු කර දෙන ලෙසයි.

දිසාපතිවරයාගේ මෙම ලිපි ද්විත්වයේ සදහන් වන ස්ථාන නිවරදි වන අතර මග සළකුණු ප්‍රශ්ණ සහගත වේ. එමෙන්ම පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ වාර්ථාවන්හිද සදහන් වන 153/11 බෝක්කුව හා 246 කිලෝමීටර් කණුව අසල යැයි සදහන් දා ගැබ් දෙක පිළිබදව වන මග සළකුණු මේ වනවිට වෙනස් වි ඇත. මෙම දෙදෙනාම එකම ස්ථානයක පිහිටි දා ගැබ් තුනක තොරතුරු නිවැරදිව සදහන් කරනු ලැබුවද ඔවුන් සදහන් කරන දා ගැබ් පිහිටි ස්ථානයන් පෙන්වන මග සළකුණු පසු කාලිනව සිදුවු යම් යම් වෙනස් කම් නිසාවෙන් වෙනස් වන්නට ඇති බව සිතිය හැකිය.

දිවුල්වැව රජමහ විහාරයේ පිහිටි පැරණි දා ගැබ් ගොඩැල්ල අවට විසිර පවතින පැරණි ගඩොල් තවමත් දැකිය හැකි අතර දා ගැබ කැණීම් කර පාදා ගෙන මනාව සංරක්ෂණය කිරිම කඩිනමින් ඇරඹිය යුතුය.

සටහන : ලක්මාල් කේ. බදුගේ

සම්බන්ධ වෙනත් පිටු

විලංකුලම දිවුල්වැව රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

විලංකුලම දිවුල්වැව රජමහා විහාරය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  විලංකුලම දිවුල්වැව රජමහා විහාරය දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 12
ගතවන කාලය :විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply