කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාර් මංසන්දියෙන් නීලපොල මාර්ගයේ කි.මී. 12 ක් පමණ ගියවිට හමුවන බුද්ධ ප්‍රතිමාව සහිත මංසන්දියෙන් වම් අතට සමගිපුර ග්‍රාමය දෙසට කි.මී. 1.5 ක් පමණ ගියවිට මෙම ස්ථානයට ලඟා විය හැක. මෙම නටඹුන් පිහිටි ස්ථානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 217 සී සමගිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇත.
පුද්ගලික ඉඩමකට පිවිසෙන පටු මගක් අසල අක්කර 1 1/2 ක පමණ කෙසෙල් වගාව සහිත භූමිබාගයක් පුරා මෙම නටඹුන් විසිර පවතී. මෙහි එක් ස්ථානයක් ඉපැරණි චෛත්‍යක් යැයි සැලකිය හැකි ගඩොළු සහිත ගොඩැල්ලකි. ඒම ස්ථානය වටා තවත් ගොඩනැගිලි කීපයකට අයත් ඉදිකිරීම් පවතින අතට ඒවාට අයත් ගල් කණු හා පාදම්ගල් ඒ අවට බොහෝ ස්ථාන වල පවතී. එහි තවමත් මුල් ආකරයටම සෘජුව පවත්නා ගල් කණු 15 ක් පමණ දක්නට ලැබෙන අතර ඒවා මීටර 1 ක පමණ උසකින් යුක්තවෙයි. මීට අමතරව පෙරලී ගිය තවත් ශිලා පලක බොහෝ වෙයි.
සමස්ථයක් වශයෙන් ගත් කල චාම් ඉදිකිරීම් හා ශිලා නිර්මාන ලක්ෂණ සහිත මෙම ඉදිකිරීම් නිසැකවම අනුරාධපුර යුගයට අයත්වනවාට සැක නැත. මේ වනවිට මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට නම්කොට ඇත.
සම්බන්ධ වෙනත් පිටු
සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්
ත්‍රිකුණාමලය සිට සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය දක්වා |
හරහා : කින්නියා – මුතූර් මුළු දුර : කිලෝමීටර් 47 ගතවන කාලය :පැය 1.15 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)