ත්‍රිකුණාමලය මුතුගම බෞද්ධ නටබුන් (Trincomalee Muththunagar Muthugama Buddhist Ruins)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
Lakmal K. Baduge
By Lakmal K. Baduge

ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි මාර්ගයේ සරස්වති විදුහල අසලින් අෂ්රෝෆ් විදිය දෙසට ගමන් කර ජුම්මා පල්ලිය අසලින් දුම්රිය මග පසු කර දකුණට හැරි මිටර් 500 ක් පමණ ගොස් හමුවන පළමු බෝක්කුව අසලින් වමට හැරි වෙල් යාය දෙසට කිලෝ මිටරයක් පමන ගොස් හමුවන ඇල තරණය කර මුත්තු නගර් සීමාවට පැමිණ එහි තවත් කිලෝ මිටරයක් පමණ අනවසර ඉඩම් හා කැලයේ ගමන් කිරිමෙන් පසුව මෙම පැරණි නටඹුන් ස්ථානයට යා හැකිය.

නටඹුන් විසිර පවතින මෙම භූමියේ දා ගැබද ඇතුළුව ස්ථාන හයක් පමණ නිධන් සෙවිමේ අරමුණින් නිධන් හොරුන් විසින් හාරා ඇත. ඉඩම් අල්ලා ගැනිමේ අරමුණින් අක්කර 10 ක් පමණ නටඹුන් අවට කැලය කපා දමා පැල්කොට ගසා ගෙන ඇත. ශ්‍රී ලංකා වරාය අධිකා‍රියට අයත් වන මෙම භුමිය තුල මා විසින් නිරික්ෂණය කල පුරාවිද්‍යා නටඹුන් පිහිටි තෙවන ස්ථානය මෙය වේ.

කවර කලෙකදි කවරෙකු විසින් ගොඩ නැංවුවක්ද යන්න සොයා ගත නොහැකි වුවත් නිධන් හොරුන් විසින් විනාශ කර ඇති දා ගැබෙහි ගඩොලු දෙස බැලිමේදි එය අනුරාධපුර මුල් යුගයේ ඉදිකරන ලද්දක් බව සිතිය හැකිය. වට අඩි 150 ක් පමණ පමණ වන අඩි 12 ක් පමණ උසැති දා ගැබ් ගොඩැල්ල මධ්‍යයේ ස්ථාන දෙකකින් අඩි 8 ක් පළලැති අඩි 10 ක් පමණ ගැඹුරට දිගු අතට අඩි 16 ක් පමණ කොටසක් හාරා තිබේ. මෙම කැණීම නිසා දා ගැබේ ගඩොලු රාශියක් දා ගැබ අවට විසිර පවති. ඒ අතර බොරදම් කොටස් හා වෙනත් ගඩොලු අවශේෂ කොටස් රැසක් දක්නට ඇත.

දා ගැබට දකුණු දෙසට වන්නට මිටර් 15 ක් පමණ දුරින් පොළව අභ්‍යන්තරයට විශාල කැණිමක් කර තිබේ. අඩි 30 ක් පමණ ගැඹුරට හාරා ඇති අතර මුව කට පළල අඩි හතරක් හෝ හතර හමාරක් පමණ වේ. මෙම කැණීම පාමුල පාදම් ගල් දෙකක් දක්නට ඇත ඊට මිටර් 20 ක් පමණ දුරින් හා පෙරලි ගොස් ඇති අඩි පහක් පමණ උසැති ගල් කණු දෙකකි. ඒ අසල අඩි හතරක් පළලැති අඩි හයක් හෝ අටක් පමණ ගැඹුරැති කැණීමක් කර තිබේ. ඊටත් පහලින් පාදම් ගල් දෙකක් තැන් දෙකක දක්නට ලැබේ. ඊට තවත් මිටර් 15 ක් පමණ දුරින් මනාව සිටුවා ඇති ගල් කණු 20 ක් පමණ ඇත. මදක් ඇලවි ගොස් ඇති එහෙත් බිදි නොගිය උස අඩි හයක් හෝ හතක් පමණ වන එක් ගල් කණුවක් පවති. සෙසු ගල් කණු වල ශේෂයන් පමණක් පවතින අතර ඒවා අඩි දෙකක් පමණ උසට සිටු පරිද්දෙන්ම දක්නට ඇත. බිඳි ගිය ගල් කණු කොටස් ඒ අසල තැන තැන විසිර පවති. එම ස්ථානයේ අනවසර කැණීමක් කර ඇත. අඩි අටක් හෝ දහයක් පමණ ගැඹුරට මෙම කැණීම කර තිබේ.

දා ගැබට මදක් වයඹ දෙසින් මිටර් 30 ක් පමණ ගිය පසු සරළ නිමාවෙන් යුතු ස්පටික හුණු ගලින් කරන ලද අඩි හතරක් හෝ පහක් පමණ පළලැති සදකඩ පහනකි. එහි දකුණු කොන කැඩි ගොස් ඇත. ඒ අසල බොර දම් ගලක් දක්නට ඇත. ඊට පහලින් පිහිටි ගඩොලු ස්ථරය හාරා අනවසර කැණීමක් කර තිබේ මේ නිසා ගඩොලු විශාල වශයෙන් තැන තැන විසිර පවති. ස්ථුප ගොඩැල්ලක් හෝ වෙනත් ගොඩනැගිලි පාදමක ගඩොලු නිර්මාණයක් විය හැකිය. අනවසර කැණිම නිසා තැන තැන විසිර ගිය ගඩොලු අතර තවත් බොරදම් ගලක් දක්නට තිබුණි ඊට මදක් දුරින් කුඩා වලක පාදම් ගල් දෙකක් දක්නට ඇත එක් පාදම් ගලක් විනාශ කර තිබේ. පෙති උළු යැයි සිතිය හැකි උළු කොටස් කිහිපයක් ගඩොලු ගොඩවල් අතර දක්නට තිබුණි.

අක්කරයකට වඩා වැඩි බිම් ප්‍රමාණයක නටඹුන් විසිර පවති. මේ වනවිට අබෞද්ධයන් විසින් එම නටඹුන් පරිශ්‍රය දක්වා කැලය කපා දමා තිබේ. ඒ අසල පැලක් සාදා ඇති අතර එහි වෙසෙන පුද්ගලයා බ්‍රාහ්මිය අක්ෂරයක් වන “අ” අකුර සහිත ගඩොලක් ඇතුළු ගඩොලු රැසක් ගෙන ලිප් බැද ආහාර පිසිමින් ජිවත් වෙයි.

මෙම ස්ථානය නිරික්ෂණයට ගිය ත්‍රෛ නිකායික භික්ෂු බළ මණ්ඩලයේ ලේකම් නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය අලුත් ඔය සද්ධාතිස්ස නාහිමියන් මෙම පුරාවිද්‍යා ස්තා‍නය නිරික්ෂණය කිරිමෙන් පසුව මුතුගම රජමහ වෙහෙර ලෙස නම් කර සංවර්ධනය කිරිමට හා සංරක්ෂණය කිරිමට අවැසි කටයුතු සොයා බලමින් සිටි.

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලය මුතුගම බෞද්ධ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය මුතුගම බෞද්ධ නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  මුතුගම බෞද්ධ නටබුන් දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 12
ගතවන කාලය : පැය 30 + වනය තුල ඇවිදීමට ඇති කාලය.
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply