මොල්ලිගොඩ පුරාණ අම්බලම හා බෝධිය (Molligoda Ancient Ambalama and Bodhiya)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.50 out of 5)
Loading...

පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්.  වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා.  ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.

ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

අද හමුවන අම්බලම් බොහොමයක් නුවර රාජධානි කාලයේ නිර්මාණය කල ගොඩනැගිලි. සමහර අම්බලම් කාගෙවත් පිහිටක් නොමැතිව විනාශ වෙමින් පවතිනවා එහෙමත් නැත්නම් දැනටමත් විනාශ වෙලා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද අම්බලම් බොහොමයක්ද පවතිනවා.

මාවනැල්ල ගනේතැන්න විදුහල අසලින් ඇරඹෙන මොල්ලිගොඩ මාර්ගයේ (ශ්‍රී සෝමානන්ද මාවත) මීටර 500ක් පමණ ගමන් කලවිට ගනේතැන්න විදුහලේ ක්‍රීඩා භූමියහමුවෙනවා. එය පසුකොට මීටර 200 ක් පමණ යනවිට හමුවන දකුණට ඇති මාර්ගයේ මීටර 350ක් පමණ ගියවිට පුරාන බෝධියකට යාබදව ගරා වැටුන අම්බලමක් දැකගන්නට පුළුවන්. මෙම අම්බලමට නියමිත නමක් නැති බැවින් අපි මෙය මොල්ලිගොඩ අම්බලම යන නමින් හඳුන්වමු.

මොල්ලිගොඩ අම්බලම කුඩා සතරැස් ශෛලමය අම්බලමක්.  අඩි  2½ක් පමණ උස ශෛලමය පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. මේ සඳහා හොඳින් කැපූ විශාල ගල් කුට්ටි භාවිතා කර තිබෙනවා. ඒමත ගලින් බැඳී කණු 4ක් සදා තිබෙනවා.  මෙහි වහලය සම්පූර්ණයෙන් විනාශ වෙලා. කණු 4 න්  ඉතිරිව ඇත්තේ තුනක් පමණයි.

මෙම අම්බලම පිළිබඳව පුරාණ තොරතුරක් හමුවන්නේ නැහැ. නමුත් 19වන සියවස අගදී හෝ 20වන සියවස මුල් භාගයේදී මෙය සෑදුවා වන්නට පුළුවන්.  සුප්‍රසිද්ධ අලුත් නුවර දේවාලය තිබෙන්නේ මෙම අම්බලමට කිලෝමීටර 1.5ක් පමණ නිරිතදිග දෙසින්. අද තිබෙන මාර්ගයෙන් යනවානම් කිලෝමීටර 2.5ක් දුරින්.  යම්විට අලුත් නුවර දේවාලයට යන පුරාන මාර්ගයක් මෙම අම්බලම ඇති මාර්ගය හරහා තිබෙන්නට ඇති. පුරාණ  බෝධියට මගීන්  පුද පඬුරු පූජා කොට ගිමන් නිවීම සදහා මෙම අම්බලම භාවිතා කරන්නට ඇති.

සම්බන්ධ වෙනත් පිටු

මොල්ලිගොඩ අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මොල්ලිගොඩ  අම්බලම රියදුරු දිශාවන්

මාවනැල්ල (හිඟුල) සිට මොල්ලිගොඩ අම්බලම දක්වා
හරහා : ශ්‍රී ධර්මරතන මාවත ඔස්සේ
මුළු දුර :කිලෝමීටර 3
ගතවන කාලය  : විනාඩි 10
ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

Leave a Reply