පාත හේවාහැට ඇලිකේවල අම්බලම (Patha Hewaheta Elikewala Ambalama)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...

පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්. වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.

ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

ඇලිකේවල කියනේ මාරස්සන ප්‍රදේශයේ කුඩා ගම්මානයක්. මාරස්සන සිට පස්ගම පාරේ කිලෝමීටරයක් පමණ ගමන් කර ඇලිකේවලට ලඟා වෙන්නට පුළුවන්. ඇලිකේවල අම්බලම තිබෙන්නේ මාරස්සන අම්බලමට කිලෝමීටර ¼ක් පමණ නැගෙනගිරින්.

පොළොවෙන් ඉසවීමට ගල් කුට්ටි 4ක් මත දැව  කඳන් 4කින් සෑදු  සැකිල්ලක් මත කුඩුම්බි කපා ඒමත තවත්  දැව කඳන් 4ක් තිරස්ව රඳවා ඒමත දැව තවත් දැව රාමුවක් ඉහලින් සවිගන්වා ඒ මත වහලය සාදා තිබෙනවා. සිරස් දැව කණු අලංකාර ලෙස කැටයම් කර තිබෙනවා. නමුත් ඒවා දැන් හඳුනාගැති  නොහැකි වන තරමටම ක්‍ෂයවී ගොසින්.  මෙහි ගල්මත ඇති සැකිල්ල හිඳ ගැනීමට ඇති පෝරුව ලෙසද සදා ඇත්තේ මී දැවයෙන්. සිරස් කඳන් සඳහා කොස් දැවද  වහලය සඳහා  බුරුත දැවද  යොදාගෙන තිබෙනවා. මෙම අම්බලම ගොඩමුන්න අම්බලමට සමාන වූවත් ප්‍රමාණයෙන් තරමක් කුඩායි. මෙම ප්‍රදේශයේ ඇති මාරස්සන වෙලමැද  අම්බලම, කන්දේවෙල, ගොඩමුන්න හා ඇලිකේවෙල යන අම්බලම් සතරම 17වන සියවසේ සදනලද බවයි විශ්වාසය.

මුල්කාලයේ මෙහි වහල් පිදුරු සෙවිලි කර තිබී ඇති අතර 1945දී එකල ගම් සභාව පිදුරු ඉවත් කොට සිංහල උළු වහලයක් එක්කොට තිබෙනවා. එකල එය ගම් වැසියන්ගේ රැස්වීම් සඳහා යොදාගෙන තිබෙනවා.

අද වනවිට මෙම අම්බලම තරමක් ගරාවටිලා. අම්බලම කඩා වැටීම නැවත්වීමට සතර දිශාවෙන්ම ලී මුක්කු සවිකරලා. මෙම අම්බලම සංරක්ෂණය නොකළහොත් නොබෝ කාලයකින්ම මෙය කඩ වැටේවි.

පහත ගූගල්  සිතියමේ ලකුණු කර ඇත්තේ මෙම පිටවල අම්බලම පිහිටි දළ  ප්‍රදේශය බව සළකන්න.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.

සම්බන්ධ වෙනත් පිටු

පාත හේවාහැට ඇලිකේවල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පාත හේවාහැට ඇලිකේවල අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට පාත හේවාහැට ඇලිකේවල අම්බලම දක්වා
හරහා :තැන්නේකුඹුර – හාරගම – මාරස්සන
මුළු දුර :කිලෝමීටර 23
ගතවන කාලය  : පැය 1
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply