ත්‍රිකුණාමලය මඩුවාකුලම වැව පුරාවිද්‍යා භූමිය (Maduwakulama Wewa Archaeological Site in Trincomalee)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2.00 out of 5)
Loading...
නිධන් හොරුන් විසින් වනසා ඇති දාගැබ - ත්‍රිකුණාමලය මඩුවාකුලම වැව පුරාවිද්‍යා භූමිය - Maduwakulama Wewa Archaeological Site in Trincomalee
නිධන් හොරුන් විසින් වනසා ඇති දාගැබ – ත්‍රිකුණාමලය මඩුවාකුලම වැව පුරාවිද්‍යා භූමිය – Maduwakulama Wewa Archaeological Site in Trincomalee
Lakmal K. Baduge
By Lakmal K. Baduge

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කුඹුරුපිටිය ගුවන් විදුලි සංස්ථා අධි සම්ප්‍රේෂණ කුළුණු සංකිර්ණය පසුකර මඩුවාකුලම වැව දෙසට ගමන් කල පසුව වැව් බැම්මේ වම් කෙලවරේ මෙම නටඹුන් සෑය සහිත පුරාවිද්‍යා භූමිය  දැකගත හැකිවේ.

නිධන් හොරුන් විසින් වනසා ඇති දාගැබක්, ප්‍රාකාරයක කොටසක්, මුරගල් දෙකක් පිය ගැට පේලි ගල්කණු රැසක් දක්නට ඇත. දාගැබ හරි මැද කැණිමක් කර ඇත. එක් කොටසක් පලල අඩි 18 ක් දිගින් අඩි 20 ක් පමණ ගැඹුරට අඩි 20 ක් පමණ කැණිමක් කර ඇත මුළු මනින්ම ගඩොලු භාවිතා කර සෑදු විශාල සෑයකි. නිධන් සොයා කැණිම් කල බව පෙනි යයි. කැණීම් කල ස්ථානයේ දා ගැබ වටා විවිධ වර්ණ වලින් නුල් ඇද තිබේ.

අක්කර තුනක පමණ පැතිරුණ සමබිමක නටඹුන් විසිර පවතින අතර නටඹුන් පිහිටි බිම තුල ස්ථාන හතරක් අනවසර කැණිම් කර ඇත. එහි විශාලම කැණිම් ස්ථානය දාගැබට විරුද්ධ දෙසින් වැව දෙසට වන්නට දක්නට ඇත වට අඩි 40 ක් පමණ අඩි 14 ක් පමණ ගැඹුරට කැණිම කර ඇත. කැනිම් ස්ථානයේ ගල් කණු 7 ක් දක්නට ඇත පහල පාදම දක්වා කැණිම් කර ඇති බව පෙනේ
දා ගැබට මදක් දුරින් වනයට වන්නට අඩි 10 ක් දිගින් අඩි 13 ක් පලලින් යුත් ප්‍රාකාර කොටසක ශේෂ දක්නට තිබේ.

ඊට මදක් දුරින් කැලයට වන්නට ගල් කණු හතරක් හා ගඩොලු නිර්මාණයක් දක්නට ඇත. ඒ අවට විසිර ගිය ගඩොලු දක්නට ඇත ඒ අසල අඩි හතරක් පමණ උසැති ගල් කණු හා පෙති උලු කැබලි දක්නට ඇත. මෙම ගඩොලු ප්‍රාකාර කොටස හරහා කැලයට ගමන් කෙරෙන මාර්ගයක් වැටි ඇත. දිගු කලක් පුරාවට ඒ මතින් වාහන ධාවනය කිරිම නිසා ප්‍රාකාරයේ ගඩොලු ගැලවි ගොස් තිබේ.

දා ගැබට මිටර් 50 ක් පමණ පහලින් එක පෙලට සැකසු අඩි 20 ක් පමණ දිගට සරල රේඛියව පැතිර යන ගල් වැටියක් ද අනුරාධපුර මුල් යුගයට නෑකම් කියන මුරගල දෙකක් දක්නට ලැබේ.

ඊට තවත් මදක් දුරින් අඩි 3 හමාරක් දිගින් යුතු පලල අගල් හයක පමණ ගල් කණුවක් පෙරලි තිබේ. ඒ අසල අනවසර කැණිමක් කර ඇත. කැණිම් වල ගැඹුර අඩි තුන හමාරකි. පලල අඩි හතර හමාරකි. දිගින් අඩි හය හමාරකි. වතුරස්‍රාකාර කැණිමකි. නිධන් සොයා කල එකක් බැව් පෙනේ.

ඊට මිටර් 50 ක් පමණ දකුණින් බිදි ගිය ගල් කණු කොටසකි අඩියක් උසැතිය අඩි හතරයි අගල් හයක් පමණ උසැති තවත් ශෛලමය කණුවක් බිම වැටි තිබේ. ඊට තවත් මිටර් 100 ක් පමණ වැව දෙසට වන්නට පෙරලි ඇති ශෛලමය කණු කොටස් කිහිපයක් හා කිසියම් ගඩොලු නිර්මාණයක නටඹුන් පවති. ඒ මත නිතර නිතර වාහන ගමන් කිරිම නිසා විනාශ වි ඇත.

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලය මඩුවාකුලම වැව පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය මඩුවාකුලම වැව පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට මඩුවාකුලම වැව පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :පුනෑව
මුළු දුර : කිලෝමීටර් 30
ගතවන කාලය : විනාඩි 45 ක්  පමණ + වනයේ ගමන 
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)