මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.33 out of 5)
Loading...

පෙරාරු (පේ ආරු) යන නමින් හැඳින්වෙන ඔය වවුනියා දිස්ත්‍රික්කයේ  නැගෙනහිර ප්‍රදේශයෙන් ආරම්භ වී මුලතිව්හි නන්දිකඩාල් කළපුවෙන් මුහුදට එක්වේ. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුතියන්කට්ටුව (මුතියන් කට්ටි කුලම්) ග්‍රාම නිලධාරී වසමේ පෙරාරු ඔය හරහා පුරාණ අමුණක නටබුන් දැකගත හැක.

පුරාණයේ ගංගා හා වෙනත් දියපහරවල් හරහා බඳින ලද උසින් අඩු බැමි අමුණු ලෙස හැඳින්වේ.  මෙම අමුණු මගින් ගංගාවේ ජල කඳ වෙනත් ඇල මාර්ග වලට හරවා  කෙත්වතු වලට හෝ වෙනත් වැව් පිරවීම සඳහා භාවිතා කරන ලදී. 

මෙම පැරණි අමුණ සෑදීම සඳහා භාවිතා කරන ශිලා පුවරුවල ඇති කළ කටු සිදුරුවල හැඩය අනුව මෙය අනුරාධපුර යුගයේ නිර්මාණයක් බව පැහැදිලිය.  අමුණේ ඉවුරු දෙකෙන් එක් ඉවුරක් බොරදම් හා ගල් කුට්ටි භාවිතයෙන් ක්‍රමානුකූලව සකස් කර ඇති අතර ස්වභාවික ගල් තලාව උපයෝගී කරගෙන අවශ්‍ය ස්ථාන වලට පමණක් බැමි යොදා දෙවන බැම්ම සකසා තිබේ. 

දිය පහර හරහා බැඳී අමුණේ ගල් මෑතක දී ගරා වැටී  ඇත.  ස්වභාවික ගල්තලාවක් මත පිහිටා තිබීම නිසා පෙරාරු ඔය පටු වන ස්ථානය මෙය වන බැවින් අමුණ නිර්මාණය කිරීමේදී ඒ සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරා ගැනීමට පැරැන්නන් කටයුතු කර ඇති බව මනාව පැහැදිලිය. 

වව්නියාවේ සිට ගමන් කිරීමේදී ඕමන්තේ පසු කොට පුලියන්කුලම හන්දියෙන් නැදුන්කේනි  හරහා ඔඩ්ඩුසුඩාන් වෙත ළඟාවිය හැක. ඔඩ්ඩුසුඩාන්  සිට මුතියන්කට්ටුකුලම වැව දෙසට ගමන් කොට දකුණු ඇළ මාර්ගය ඔස්සේ කිලෝමීටර් තුනහමාරක් පමණ ගමන් කර මෙම අමුණට ළඟා විය හැක. පෙරාරු ඔය දෙසට ඇති අවසාන අඩි පාර පෙන්වමින් කහ වර්ණයෙන් පුරාවිද්‍යා පුවරුවක් සවි කොට ඇත.  එහි දිශාව පෙන්වා පුරාවිද්‍යා ස්ථානය ලෙස සඳහන් කොට ඇත. නමුත් අද වන විට  මෙම පුවරුව තිබේදැයි නොදනිමි.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .96-97.
  • GIS Based Dashboard for Archaeological Sites – District Summary

සම්බන්ධ වෙනත් පිටු

මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ රියදුරු දිශාවන්

වවුනියාව සිට මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ දක්වා

හරහා : ඕමන්තේ – පුලියන්කුලම – ඔඩ්ඩුසුඩාන් – මුතියන්කට්ටුකුලම වැව මාර්ගය 
මුළු දුර : කිලෝමීටර් 62
ගතවන කාලය : විනාඩි 1.30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply