ඔඩ්ඩුසුඩාන් කච්චිලමඩු පුරාවිද්‍යා ස්ථානය (Kachchilamadu Archaeological Site in Mulativu)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

මුලතිවු දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කච්චිලමඩු ග්‍රාමයේ මෙම නටබුන් පිහිටා තිබේ. ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 2ක් පමණ ගමන් ගත් විට හමුවන කච්චිලමඩු හන්දියෙන් දකුණට හැරී මීටර 600ක් පමණ බොරළු මාර්ගයේ ගමන් ගත් විට කිසිවෙකුගේ අවුහරණක් නොමැතිව තනිවූ මෙම නටබුන් පවතී.

මෙහි පවතින පැරණි ශිලා ස්ථම්භ බොහොමයක් වෙනත් ස්ථාන වලින් මෙහි ගෙනවිත් සිටුවා ඇතිබව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව විශ්වාස කරයි. බොහෝ විට කුඹුරු හේන් සඳහා ඉඩම් එළිපෙහෙළි කරනවිට වෙනත් ස්ථානයන්හින් මතුවූ පුරාණ ගොඩනැගිලි අවශේෂ මෙම ස්ථානයට එක් වූවා වියහැක.

මෙම ස්ථානයේ ඇති පුරාවස්තු අතර ශිලා ස්ථම්භයන්ට අමතරව ඇති සඳකඩ පහන, සිරි පතුල් ගල, විශාල ශෛලමය මල් ආසනයක්, මුරගලක් හා අෂ්ටමංගල සලකුණු සහිත ශිලා පුවරුවක් මෙම ස්ථානයට පිටතින් ගෙන ආ බව පෙනේ. එබැවින් මෙම ස්ථානයේ පැවතියේ කුමක්දැයි නිගමනය කිරීමට අපහසුබව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

පෙර පුරාවිද්‍යා වාර්තාවන්ට අනුව මෙය කවන්ධ බුද්ධ පතිමාවක්, ගඩොල් හා පියගැටපෙළ සහිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස වාර්තාකොට ඇත. මෙම ස්ථානය පහත ගූගල් සිතියමේ සලකුණු කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ GIS සිතියමේ ස්ථානගත කිරීමට අනුවය.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි 88-90
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

ඔඩ්ඩුසුඩාන් කච්චිලමඩු පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ඔඩ්ඩුසුඩාන් කච්චිලමඩු පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

ඔඩ්ඩුසුඩාන් සිට ඔඩ්ඩුසුඩාන් කච්චිලමඩු පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : පුදුකුඩුරිප්පු පාර
මුළු දුර : කිලෝමීටර් 4
ගතවන කාලය : විනාඩි 10
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-20  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)