ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානය (Keridamadu Archaeological Site in Mulativu)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.67 out of 5)
Loading...
ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානයේ සිටි බුද්ධ ප්‍රතිමාවේ සහ අවලෝකිතේෂ්වර  ප්‍රතිමාවේ කවන්ධය - Keridamadu Archaeological Site in Mulativu
ඔසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානයේ සිටි බුද්ධ ප්‍රතිමාවේ සහ අවලෝකිතේෂ්වර ප්‍රතිමාවේ කවන්ධය – Keridamadu Archaeological Site in Mulativu
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

මුලතිවු දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මන්නකණ්ඩාල් ග්‍රාමසේවා වසමට අයත් කෙරිඩමඩු ග්‍රාමයේ මෙම නටබුන් පිහිටා තිබේ. පුරාණයේ කෙළිඳමඩුව (Kelindamaduwa) ග්‍රාමය දෙමළ භාෂාවෙන් කෙරිඩමඩු වූ බව විශ්වාසයයි. කෙළිඳ යනු රතු හෝ සුදු මල් පිපෙන මල් ගස් වර්ගයකි.

මෙම පුරාවිද්‍යා ස්ථානයේ අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිල්ලක නටබුන් සහ හුණු ගලින් කපා කැටයම් කරනලද ජීවමාන ප්‍රමාණයේ සිටි බුද්ධ ප්‍රතිමාවක හා අවලෝකිතේෂ්වර ප්‍රතිමාවක කවන්ධ හමුවී තිබේ.

මීට අමතරව මෙම ස්ථානයෙන් ලබාගත විශාල වෘත්තාකාර ශෛලමය මල් ආසනයක් මන්නකණ්ඩාල් මංසන්ධියේ සදා ඇති කෝවිල් භූමියට ගෙනගොස් එහි තබා ඇත.

ඉහත සඳහන් නටබුන් ගොඩනැගිල්ලේ ගල් කණු 5කි. ගොඩනැගිල්ල මධ්‍යය නිදන් සොරුන් සාරා ඇති අතර එය අවට නොයෙක් ප්‍රමාණයේ ගඩොල් කැබලි, උළු කැබලි, හා පුරාණ වලං කැබලි විසිරී ඇත. මෙම කැබලි අතර පිළිම කොටස්යයි අනුමාණ කල හැකි අවශේෂ වේ.

මෙම ගොඩනැගිල්ලට මීටර 25ක් පමණ නැගෙනහිරින් පොකුණක් දක්නට ඇති අතර අද එහි දිය සිඳී ගොස් ඇත. මෙම පොකුණ මීටර 1/2ක් පමණ ගැඹුර අතර මීටර 20ක් පමණ විශ්කම්භයෙන් යුතුය. ගොඩනැගිල්ලට පසුපසින් මීටර 8ක් පමණ දිග බැම්මක් වේ.

අවලෝකිතේෂ්වර ප්‍රතිමාව ඉතා අලංකාරව අභාරණයෙන් කැටයම් කොට ඇත. දැනට ඉතිරිවී ඇති ක්වන්ධ කොටස සෙන්ටිමීටර 69ක් උස හා සෙන්ටිමීටර 16ක් පළලය. මෙහි ඉතිරිවී ඇත්තේ යටිකය කොටස පමණි. මෙම නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 8-10 සියවස් අතරට අයත් බව විශ්වාස කරයි.

මෙහි හමුවී ඇති සිටි පිළිමයේ හිස, දෙඅත් හා දෙපා අතුරුදහන්ය. ඉතිරිවී ඇති කොටස සෙන්ටිමීටර 140 පමණ උසින් යුතුය. මෙම ප්‍රතිමා ද්විත්වය කෙරිඩමඩු පුරාවිද්‍යා නටබුන් නමින් ඉහත ස්ථානයේ තබා ඇත.

මන්නකණ්ඩාල් මංසන්ධියේ ඇති කෝවිල් භූමියේ අද තබා ඇති ශෛලමය මල් ආසනය අනුරාධපුරයට අයත් බව නිගමනය කොට ඇත, මෙහි විෂ්කම්භය සෙන්ටිමීටර 122 ක් වන අතර ඝනකම සෙන්ටිමීටර 22.5ක් වේ.

ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 23ක් පමණ ගමන් ගත් විට හමුවන මන්නකණ්ඩාල් මංසන්ධියෙන් දකුණට හැරී මීටර 500ක් පමණ බොරළු මාර්ගයේ ගමන් ගත් විට වනයේ මෙම නටබුන් පවතී.

මෙම ස්ථානය පහත ගූගල් සිතියමේ සලකුණු කොට ඇත්තේ ඉහත මාර්ග විස්තරයට අනුවය. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ GIS සිතියමේ ස්ථානගත කිරීමට අනුව ස්ථානය පවතින්නේ ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩුරිප්පු මාර්ගයේ ඊට කිලෝමීටර 4ක් පමණ පෙරය (https://goo.gl/maps/KsoXTJ1biyYvsMoEA). මන්නකණ්ඩාල් මංසන්ධියේ කුඩා හමුදා මුරපොලක් පවතී. වනයෙන් වැසී පවතින මෙහි බොහෝ ප්‍රදේශ හමුදා නිරීක්ෂනය යටතේ පවතින බැවින් ඔවුන්ගෙන් මාර්ග විස්තර හා අවසර ලබාගත හැකිය.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි98-100
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ඔඩ්ඩුසුඩාන් කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

ඔඩ්ඩුසුඩාන් සිට කෙරිඩමඩු පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : පුදුකුඩුරිප්පු පාර
මුළු දුර : කිලෝමීටර් 12.5
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න


© www.amazinglanka.com