මැදමහනුවර හුන්නස්ගිරිය කන්ද බලකොටුවේ ණටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...

මහනුවර නගරය පසුකොට තැන්නේකුඹුරෙන් මහවැලි ගංගාව හරහා කිලෝමීටර 33ක් පමණ මහියංගණ මාර්ගයේ ගමන්කොට මැදමහනුවර ප්‍රදේශයට ලඟාවිය හැක.

මැදමහනුවර කන්ද අද හඳුන්වන්නේ හුන්නස්ගිරිය කන්ද නමිනි. මෙම කන්ද මුදුනේ පුරාණ බළකොටුවක හෝ මාලිගාවක නටබුන් පවතී. ජනප්‍රවාදයට අනුව මෙම බලකොටුව සාදා ඇත්තේ මහනුවර රජකළ සෙනරත් රජතුමා (1604 – 1635) විසිනි.

මැදමහනුවරට මඳක් නුදුරින් බෝඹුරේ ගම්මානය පිහිටා තිබේ. 1815දී බ්‍රිතාන්‍ය හමුදා පහරදීම් ඉදිරියේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට හසුවූයේ බෝමුරේ දීය. ඉතිහාසයට අනුව ‍ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවර මාලිගාව අතහැර තම බිරින්දෑවරු හා ලඟින්ම ආශ්‍රය කල හිතෛශීන් කිහිප දෙනෙකු සමග පිටත් වූයේ මැදමහනුවර කන්දේ මාලිගාව වෙතටය.

කිලෝමීටර 35ක පමණ දුෂ්කර ගමනකින් පසුව මෙම කණ්ඩායම බෝමුරේ වෙත ළඟා විය. එදින රාත්‍රිය නැවතීමට රජුට ඉතා විශ්වාස වූ උඩුපිටිය ආරච්චිරාළ නැමැති තැනැත්තාගේ නිවසේ ගත කිරීමට තීරණය විය.

නමුත් රජු අල්ලා ගැනීමේ ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයන් ඒ වන විටත් ක්‍රියාත්මක කොට තිබිණි. එදින හවස් යාමයේ දී බ්‍රිතාන්‍ය හමුදාවන් ආරච්චිරාලගේ නිවස වටකොට ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඔහුගේ බිරින්දෑවරුන් තම භාරයට ගත්හ. එම අවස්ථාවේ සිංහල හමුදාවේ සැහැසිකම් බොහෝ ග්‍රන්ථ වල වාර්තා වී ඇත.

නමුත් ඉහත කතාවන්ට වෙනස් වූ ජනප්‍රවාදයක්ද පවතී. එකල බෝඹුරේ ගමේ දියඇල්ලක පිටුපස සිට මැදමහනුවර කන්දේ මාලිගාවට රහස් උමගක් තිබී ඇත. රජතුමා හා මෙම පිරිස මුලින්ම ගමන් කළේ බෝමුරු ගමේ දියඇල්ලටය. රජතුමා තල් අත්තක් දියඇල්ලට ඇල්ලීය. මින් දියඇල්ල දෙබෑවී එය පිටුපස ඇති උමං දොරටුව මතු විය යුතුය. නමුත් මෙවර අවාසනාවට උමං දොරටුව දකින්නට නොලැබිණි. කිසිවක් කර කියා ගත නොහැකි වූ රජතුමා කැලය මැදින් පාගමනින්ම කන්දේ තිබූ මාලිගාවට යාමට පිටත් විය. නමුත් ගමන් විඩාව නිසා ඔවුහු උඩුපිටිය ආරච්චිගේ නිවසේ ලැගුම් ගැනීමට තීරණය කළහ.

හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ ලංකාදීපයට ලිපියක් ලියමින් මෙම දිය ඇල්ල පිළිබදව ගවේෂණය කොට ඇත. බෝමුරේ ගම්මානේ කිසිම තැනක වර්තමානයේ දියඇල්ලක් නොමැත මීට අවුරුදු දෙසීයකට පෙර මෙහි දියඇල්ලක් තිබුණාද ඒ පිළිබඳව කිසිම ගැමියකු දන්නේ නැත.

නමුත් රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානයට පහළින් දොරබෝඹුරේ නමින් හඳුන්වන ස්ථානයක් වර්තමානයේ ඇත බෝඹුරේ ගම්වාසීන් පවසන්නේ දොරබෝඹුරේ නමැති ස්ථානයේ උමං දොරටුව තිබූ දියඇල්ල තිබී ඇති බවය. මෙම ප්‍රදේශය දොරබෝඹුරේ ලෙස හඳුන්වන්නේ මේ නිසා බව පැවසේ. මේ හැර මෙම ජනප්‍රවාදයට පසුබිම් වූ කියපු කිසිම ස්ථානයක් අද සොයා ගත නොහැක.

හුන්නස්ගිරිය කන්දේ ගලින් සෑදූ ශක්තිමත් ප්‍රාකාරයක කොටස් තැනින් තැන දැක ගත හැක. ඊට අමතරව එය මධ්‍යයේ මාලිගයක යයි සැකකරන නටබුන් තැනින් තැන පවතී. මේ පිළිබඳ කිසි ගවේශනයක් කර නොමැති අතර නිසි ගවේෂණයකින් වනයෙන් සැඟවුණු වෙනත් කොටස් ද සොයා ගනු හැකි වෙනු ඇත.

මෙම කන්ද ගවේෂණයට නිසි මාර්ගයක් නොමැත. රජගල රෙසිඩන්සීස් හෝටලයට කලින් ඇති කොන්ක්‍රීට් මාර්ගයෙන් කන්ද තරණය ආරම්භ කළ හැක. කන්දේ යට ප්‍රදේශය පයින් වගාවකින් සමන්විත වේ.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

මැදමහනුවර හුන්නස්ගිරිය කන්ද බලකොටුවේ ණටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මැදමහනුවර හුන්නස්ගිරිය කන්ද බලකොටුවේ ණටබුන් රියදුරු දිශාවන්

මහනුවර සිට හුන්නස්ගිරිය කන්දේ බලකොටුවේ ණටබුන් දක්වා
හරහා : මහියංගණ පාර
මුළු දුර : කඳු පාමුලට කිලෝමීටර් 38
ගතවන කාලය : පැය 1 + කඳු තරයණය
ගත කිරිය යුතු කාලය :
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply