හින්දු කෝවිලකින් යටවූ කුරුවිල්කුලම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...

කුරුවිල්කුලම් වැව පිහිටියේ පුතුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උදයාර්කට්ටු දකුණු 47 ග්‍රාමයේ ය. ජේ.පී. ලුවිස් මහතා විසින් 1895 දී රාජකීය ආසියාතික සංගමයේ 13 වන වෙළුමට වන්නියේ පුරාවිද්‍යාව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ස්ථානය අතීතයේ දී කුරාවිල් කෝවිල් යන නමින් හැඳින්වූ බවත් මෙහි ගඩොල් ඉදිකිරීමක් මත ශෛලමය වෘත්තයක් ඔහුට දැක ගන්නට ලැබුණු බව වාර්තා කරයි. මෙම නටබුන් අතර මාර්ගයේ වම් පස කොටසේ තරමක් විශාල ප්‍රමාණයේ දාගැබක සාධක දක්නට ලැබේ. ලුවිස්ගේ වාර්තාවේ ගඩොල් ඉදිකිරීම මෙම දාගැබ් ගොඩැල්ල විය හැක. ඒ මත තිබු ශෛලමය වෘතය දාගැබේ චක්‍රය විය හැක. අවාසනාවට මෙම ගල් ජත්‍රය මේ වන විට අතුරුදහන් වී ඇත.

මෙම ස්ථානයේ හින්දු කෝවිලක් සෑදීමට කටයුතු කර ඇති බැවින් එහි ඇති පුරාවස්තු බොහෝ සේ විනාශයට පත්වී ඇත. මෙම ස්ථානයේ තිබූ පිළිම පාදමක් යැයි අනුමාන කරන කොටසක් කලකට ඉහතදී වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි ප්‍රරදේශවාසීන් පවසන අතර මෙම ස්ථානය කුමක්දැයි ඔවුන් නොදනී.

මාර්ගයෙන් දකුණු පස වූ ඉඩමේ පාරට යාබදව මීටර් 10 x 10 ප්‍රමාණයෙන් හා මීටර් එකක පමණ උසින් වූ ගොඩැල්ලක් තිබේ. වගා කටයුතු නිසා මෙම ස්ථානයට දැඩිව හානි සිදුවී ඇත. මෙහි ඇති වුණු කොටස් අනුව එම ගොඩනැගිල්ල අනුරාධපුර යුගයේ අවසන් භාගයට අයත් බව පෙනේ.

එම ගොඩැල්ලට දකුණු දිශාවෙන් මීටර් දහයක් පමණ දුරින් වගා භූමියේ ගසක් යට හුණුගල් ප්‍රතිමාව කොටසක් හමුවේ එම කොටස මීටර් භාගයක් පමණ උස වන අතර සෙන්ටි මීටර් තිහක් පමණ පළලවේ. මෙම ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස හඳුනාගත හැක.

මෙම වගාවට දකුණෙන් වූ කුඹුරේද ගොඩනැගිලි සාධක බහුලව විසිරී තිබේ. කුඹුරු කිරීම් හේතුවෙන් මෙම ස්ථානයේ නටබුන් විශාල ලෙස විනාශ වී ඇති අතර ගඩොල් උළු හා කණු පාදම් කොටස් අවට විසිරී තිබේ.

පුතුකුඩුඉරිප්පු සිට පරන්තන් දෙසට කිලෝමීටර 12ක් ගමන් ගෙන උදයාර්කට්ට මංසන්දියට පැමිණ සමෘද්ධි ග්‍රාමීය බැංකුව අසලින් වම් පසට ඇති උච්චිපිල්ලෙයාර් කෝවිල දෙසට ඇති බොරළු පාරේ ගමන් කොට කුරුවිල්කුලම් වැව පසුකලවිට වැව ඉස්මත්තේ කුඹුරු යායකට යාව මාර්ගය දෙපස මෙම නටබුන් දක්නට තිබේ.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි105-107
  • Lewis, J., 1895. Archaeology of the Wanni. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, XIII (1893-1894), p.173.
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

කුරුවිල්කුලම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුරුවිල්කුලම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පුදුකුඩුරිප්පු සිට කුරුවිල්කුලම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : පරන්තන් පාර
මුළු දුර : කිලෝමීටර් 12.5
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply