මුලතිව් තන්නිමුරුප්පුකුලම වැව පුරාවිද්‍යා නටබුන් (Mulativu Tannimuruppukulama Wewa Archaeological Ruins)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.75 out of 5)
Loading...

තන්නිමුරුප්පුකුලම (තන්නිමුරුප්පුකුලම්) වැව මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින විශාලතම වැව් කිහිපයකින් එකකි. වව්නියා-යාපනය මාර්ගයේ පුලියන්කුලම මංසන්ධියෙන් දකුණට හැරී නැදුන්කර්නි පසුකර කිලෝමීටර් හයක් ගමන් ගත් කල තන්නිමුරුප්පුකුලම දෙසට වනාන්තරය හරහා බොරළු මාර්ගය හමුවේ. මෙම වනාන්තරය හරහා කිලෝමීටර් 9ක් ගමන් කළ තන්නිමුරුප්පුකුලම වැව හමුවේ. යළි පිබිදෙන අතීත කුරුන්දාශෝක විහාර භූමිය ඇත්තේද මෙම වැවට කිලෝමීටරයක පමණ නුදුරිනි. වනය මැද ඇති මෙම භූමිය හින්දු කෝවිලක් ලෙස පුරාවස්තු විනාශයකට සැරසුණුද බෞද්ධ භික්ෂූන්ගේ ධෛර්‍යයයෙන් මෙම භූමිය බෞද්ධ උරුමයක් ලෙස ගොඩනැගෙමින් පවතී.

1895 දී ප්‍රකාශිත ජේ.පී. ලුවිස්ගේ වන්නි දිස්ත්රික්කයේ අත්පොත (Manual of the Vanni District by J Penry Lewis) ග්‍රන්ථයේ මෙම වැව සමීපයේ වූ පෙන පහක් සහිත ශෛලමය නාග රූප කැටයමක් හා ඒ ආසන්නයේම වූ බෞද්ධ විහාරස්ථානයක් පිළිබඳව වාර්තා කරයි. මෙම වැව කුරුන්දන්කුලම නමින් එක හඳුන්වා තිබේ. පලවන අග්බෝ රජතුමා (575-608) විසින් කරවන ලද කුරුඳු වැව බව විශ්වාස කරයි.

තුන්වන මිහිඳු රජුගේ (801-804) කාලයෙදී මෙම වැවෙහි ජලය සම්බන්ධයෙන් ඇතිවූ ගැටීමක් රජු විසින් විසඳා තම බිරිඳ හා දියණිය සමඟ මෙම ස්ථානයට පැමිණ ශිලා ලිපියක් ස්ථාපනය කොට ඇති බව සඳහන් කරයි. එම ලිපියෙහි සඳහන් වන අයුරින් කුරුන්ගම නැමැති නගරයක් පිළිබඳවත් මෙම ලිපියෙහි අක්ෂර දෝෂ ඇති නම් නිවැරදි නොකරන ලෙසත් නියෝගයක් නිකුත් කරමින් ශිලා ලිපිය මෙහි සිටුවා ඇත. ලුවිස් මහතා විසින් මෙම ස්ථානය සොයා ගන්නා විට දී මෙම ලිපිය කැබලි 4කට කැඩී තිබූ බව සඳහන් කරයි. අවාසනාවකට මෙම ශිලා ලිපිය මෙම ස්ථානයේ අද දක්නට නොමැත.

වැව් බැම්මේ උතුරු දෙසින් වර්තමාන සොරොව්ව දැකගත හැක. මේ අසල යම් ක්‍රමයකට සකසා තිබුණු බව සැක කළ හැකි විශාල ගල් පුවරු සමූහයක් දැක ගත හැක. මම ගල්පුවරු එකිනෙකට වැද්දීම සඳහා කුඩුම්බි සිදුරු ද ගල් මුහුනතට යොදන ලද කැපුම් වලින්ද යුක්තය. ඒ අනුව කුරුන්දන්කුලම වැවේ පැරණි සොරොව්ව ද මෙම ස්ථානයේම තිබූ බව නිගමනය කළ හැක. ගල් පුවරුවන්හි කැපුම් ලක්ෂණ නිරීක්ෂණයෙන් මේවා අනුරාධපුර යුගයට අයත් බව නිගමනය කළ හැක.

මීට අමතරව මෙම වැවේ නැගෙනහිරට දිශානුගතව තවත් පුරාණ අමුණක නටබුන් පවතී. මේ ආසන්නයේ පෙණ 5ක් සහිත ශිලාමය නාග රුවක් දැකගත හැක. මෙය මෑත යුගයේදී සිමෙන්තියෙන් පිළිසකර කර නැවැත සිටුවා ඇත.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි140-1142
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

තන්නිමුරුප්පුකුලම වැව පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

තන්නිමුරුප්පුකුලම වැව පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පුලියන්කුලම සිට තන්නිමුරුප්පුකුලම වැව පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : නැදුන්කර්නි
මුළු දුර : කිලෝමීටර් 34
ගතවන කාලය : පැය 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply