කෑගල්ල යටිදොල පහළ පුරාණ රජමහා විහාරයේ ණටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 2.25 out of 5)
Loading...

කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය විට හමුවන දේවාලගම මංසන්ධියෙන් පුස්සල්ල අතුරු මාර්ගයට හැරී කිලෝමීටර 3.5ක් පමණ ගමන් කළවිට යටිදොල පහළ පුරාණ රජමහා විහාරය හමුවේ.

මෙම ලෙන් විහාරයට ගමන්කිරීමට විහාර භූමියේ සිට ශෛලමය පඩි 100කින් යුත් පියගලපෙලක් පවතී. මෙම කඳුවැටියේ පිටතට නෙරා ගිය පර්වතයක් යට මෙම ලෙන් විහාරය සාදා ඇත.

මෙහි පියස්ස සහිත බරාඳය අඩි 43 අඟල් 8ක් දිගය. විහාර ගොඩනැගිල්ලට දකුණින් ලෙණ තුල කුඩා දාගැබකි. ගොඩනැගිල්ලට ඉදිරියෙන් මෙන්ම පැත්තෙන්ද ඇතුල්වීමට පියසි පවතී.

මෙම ලෙන්විහාරයේ වම් පස බිත්තිය ඉදිරියේ විෂ්ණු රුවක්ද, හිඳී හා හිටි බුදු පිළිම 2ක් පවතී. පසු පසින් ගල ඉදිරියේ එකිනෙකට වෙනස් වූ හිඳී බුදු පිළිම 2ක් හා හිටි බුදු පිළිම 2කි. දකුණු පස බිත්තිය ඉදිරියේ අඩි 7 අඟල් 6ක් උස අඩි 6යි අඟල් 6ක් පළල වූ ද දැවැන්ත හිඳි පිළිමයකි.

මෙම විහාර මන්දිරයේ සියලු පිළිම වල බුදු රැස් වලල්ල අලංකාරව දක්වා තිබේ. හිටි පිළිමවල චීවරය රක්ත වර්ණයෙන් දක්වා ඇති අතර හිඳි පිළිමවල චීවරය කසා වර්ණය. ලෙන් විහාරයේ වහල් තලයෙහි මාර යුද්ධය දක්වා තිබේ. ඉදිරිපස බිත්තියේ දහම්සොඬ හා වෙස්සන්තර ජාතක කතා වස්තු වල සිද්ධි චිත්‍ර මාර්ගයෙන් නිරූපිතය.

මෙම විහාරය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ ලෙව්කේ දිසාවගේ උපදෙස් මත බව හා පිලිම ශීර්ෂ අසමානුපාතික ලෙස විශාල කර ප්‍රතිසංස්කරණය කොට ඇති බව බෙල් මහතා වාර්තා කරයි.

මෙම පර්වතය මුලෙහි යටිදොල පහළට යාබදව කුඩා ලෙන් විහාරයක් ඇත. එහි මකර තොරණ නිරුපද්‍රිත ඇති නමුත් වර්ණය වියැකී තිබූ බව 1892 දී කෑගලු වාර්තාවේ සඳහන් වේ. පෘතුගීසීන් විසින් හිඳි බුදු පිළිමයක හිස කඩා එය අසල වූ ඇලක වලකට දමා ඇතැයි පවසන අතර එම දිය වල කොට බුදු වල යනුවෙන් එකල හඳුන්වනු ලැබූ බව සටහන්වේ.

මූලාශ්‍ර 

  • H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ් ), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.

සම්බන්ධ වෙනත් පිටු

කෑගල්ල යටිදොල පහළ පුරාණ රජමහා විහාරයේ ණටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කෑගල්ල යටිදොල පහළ පුරාණ රජමහා විහාරය රියදුරු දිශාවන්

කෑගල්ල සිට යටිදොල පහළ පුරාණ රජමහා විහාරය දක්වා
හරහා : දේවාලගම
මුළු දුර : කිලෝමීටර් 8.4
ගතවන කාලය :විනාඩි 20 (+ගල්පඩි 100)
ගත කිරිය යුතු කාලය : පැය 1-2 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply