ගෝමරන්කඩවල පහලගම පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මැදවච්චිය ග්‍රාම නිලධාරි වසම කෙලවර මෙම නටඹුන් ස්ථානය පිහිටා ඇත. ගෝමරන්කඩවල සිට තිරියාය දක්වා ගමන් කරන විට පාරේ දකුණු පස මෙම නටඹුන් ස්ථානය පිහිටා තිබෙනු දක්නට හැකිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මනාව සංරක්ෂණය කර ඇති මෙම ස්ථානය තුල කුඩා දා ගැබක් පිළිමගෙයක්, පිළිමයක්, බෝධිඝරයක් හා සෙල් ලිපියක් දක්නට තිබේ. දා ගැබට දකුණින් පිළිමගෙයද ගිණි කොන දෙසින් බෝධි ඝරයද පිහිටා ඇත.

දා ගැබ අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලු වලින් සාදන ලද එකකි. දා ගැබ ඉදිරිපස හා පසුපසට මලුවේ අඩි දෙකක පමණ දිගින් යුතු ශෛලමය සිරිපතුල් ගල් දෙකක් දක්නට ඇත. වෘත්තාකාර ගඩොලු ප්‍රාකාරයක් දා ගැබ වටා දක්නට ඇත. එය මනාව සංරක්ෂණය කර ඇත. බෝධිඝරය දෙසින් මලුවේ ප්‍රවේශය පිහිටා තිබේ. කුඩා කොරවක්ගලක් දක්නට ලැබේ. එකම ගලින් මුරගලක ආකාරයට එය නිමවා ඇත. පියගැට තුනක් වැනි කුඩා උසකින් යුත් ප්‍රවේශයක් බැවින් මෙවැනි කොරවක් ගලක් සහ මුරගලක් නිර්මාණය කරන්නට ඇති බව සිතිය හැකිවේ. මළුවේ ප්‍රවේශය අසල වම්පසට වන්නට අඩි හතක් පමණ උසැති ශෛලමය කණු දෙකක් දක්නට ලැබේ. එක් කණුවක් මදක් දා ගැබ දෙසට ඇලවි ඇත. ඒ අසල ගඩොලු වේදිකාවක් මත ගොඩ නැංවු ශෛලමය පුවරුවකි.

දා ගැබට ගිණිකොන දෙසින් බෝධි ඝරය පිහිටා ඇත. එය ප්‍රාකාර හතරකින් සමන්විත වේ. පලමු ප්‍රාකාරය හා දෙවන ප්‍රාකාරය අතර පරතරය අඩි 8 කි. දෙවන ප්‍රාකාරය අගල් 124 ක් පලලින් යුත් වන අතර තෙවන ප්‍රාකාරය 74 කි ඇතුලත ප්‍රාකාරය අගල් 51 ක් පලල වේ. ගඩොලින් නිමවා ඇත.

දා ගැබට දකුණින් පිළිමගෙයි නටඹුන් දක්නට ලැබේ මෙය ටැම්පිට විහාරයක් වන්නට ඇතැයි විශ්වාස කල හැකිය. අඩි දෙක හමාරක් පමණ උස්වු ගල් කණු 20 ක් සමාන දුරින් චතුරස්‍රාකාරව පිහිටුවා ඇත. ගඩොලින් නිර්මාණය කර ඇති පාදමෙහි සහ ගෘහය අභ්‍යන්තරයේ පොලවේ දෙපේලියට සිටවු ගල්කණු තුන බැගින් ගල් කණු හයක් දක්නට ඇත. පියගැට පේලි දෙකකින් යුක්ත ප්‍රවේශයක් මේ සදහා නිමවා ඇත. ප්‍රතිමාඝරය වටාද ගඩොලින් නිර්මිත චතුරස්‍රාකාර පවුරක පාදමක් දක්නට ලැබේ. එමගින් ප්‍රතිමාඝරයෙහි මළුව නිමවා ඇත.

පිළිමගෙය ප්‍රාකාරයේ ඉදිරිපස බැම්ම මත තිරස්ව තබා ඇති හිටි පිළිමයකි. හුණුගලින් නිමවා ඇත ශිර්ෂය අහිමිය අගල් 57 ක් දිගින් යුතු අගල් 21 ක් පලලින් යුක්ත වේ. පිළිමයේ දෙ අත් දක්නට නැති අතර වම් පාදයේ කොටසක් දක්නට ඇත. පාදම නැත ප්‍රථිමාව හතරට කැඩි ගොස් ඇත. සිවුරේ රැළි මනාව නිරුපණය වේ.

සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎


ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 7.5ක් පමණ ගියවිට හමුවෙන අඩම්පනේ ප්‍රදේශයේ පහලගම පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත. මෙය අනුරාධපුර දිස්ත්‍රික්කය අභ්‍යන්තරයේ සැඟවුණු  පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් එකකි.

මෙය විශාල භූමියක් නොවුනත් අප මෙහි යනවිට හොඳින් නඩත්තු කරතිබුණි. සංරක්‍ෂිත නටබුන් ස්ථූපයක්, බෝධිඝරයක් සහ පිළිම ගෙයකින් මෙම පුජා භූමිය සමන්විත වේ. ස්තූපය එතරම් විශාල නොවුනත් මෙවන් ආරාම සංකීර්ණයහි ස්තූප හා සමාන වේ. ස්තුප මළුව වෘත්තාකාර වේ. මළුවට ඇතුල්වන සෝපානයේ ගඩොලින් කල පඩි 2කි. මේ දෙපස කැටයමින් තොර කුඩා ශෛලමය කොරවක් ගල් දෙකකි.

කැණීම් වලදී සොයාගත් පුරාණ ගලින් කල නොයෙක් නටබුන් ස්ථූපය වටා තැන්පත් කර ඇත. මේ අතර ශ්‍රී පතුල් ගලක්ද වේ. ශ්‍රී ලංකාවේ බුදු පිළිම තැනීමට ආරම්භ වූයේ 2-3 වන සියවස් අතරය. මීට පෙර ශ්‍රී පතුල ගල් ජීවමාන බුදුන් වහන්සේ නිරූපණය කිරීමට භාවිතා කරන ලදී. එබැවින් මෙය අනුරාධපුර මුල් අවධියේ ආරාමයක විය හැක.

සංරක්‍ෂිත පිළිම ගෙය ස්තූපයටඉදිරිපිට පිහිටා ඇත. කැබලි වලට කැඩුණු ජීවමාන ප්‍රමාණයේ ශීර්ෂය නොමැති ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් පිළිම ගෙයෙහි ගඩොල් බිත්තියක් මත තැන්පත් කර ඇත.

සම්බන්ධ වෙනත් පිටු

පහලගම පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පහලගම පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  පහලගම පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :ගෝමරන්කඩවල
මුළු දුර : කිලෝමීටර් 46
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply