ජීවාන පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 2.75 out of 5)
Loading...
Jeewana Purana Tampita Viharaya
Jeewana Purana Tampita Viharaya

කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය විට හමුවන දේවාලගම මංසන්ධියෙන් පුස්සල්ල අතුරු මාර්ගයට හැරී මීටර පන්සියයක් පමණ ගමන් කළවිට ජීවාන රජමහා විහාරය හමුවේ.

පුරාණ බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ගන්දොළහ පත්තුවට අයත් ජීවාන ග්‍රාමයේ ඇති මෙම විහාරයේ ටැම්පිට විහාරය උස් වූ ශෛලමය කුළුණු මත ගොඩනැඟුණු බුදු මැදුරකි.

සාමාන්‍යයෙන් ටැම්පිට විහාරයකකුළුණු අඩි 3-4 ක පමණ උසින් යුක්ත ය. නමුත් මෙම ටැම්පිට විහාරයේ ඇති කුලුනු වල උස නිසා එහි පහල කොටස යටි මහලක් ලෙස භාවිතා වේ. යටි මහලේ ආරක්ෂාවට ටැම්පිට විහාරය වටා තවත් වහල් පියස්සක් එක් කොට ඇත.,

විහාරයට ඇතුළු වීමට ඇත්තේ දැවමය කදන් සහිත උළුවස්සකි. එහි උඩලිපත මධ්‍යයේ නරිලතාවකින් කුළුගැන්වෙන කොළ මල් සහිත ලියවැල් රටාවකින් යුත් කැටයමකි. උළුවහු කණු පාදමේ අතින් මල් කළඹක් ගත් නැට්ටුවෙකු කැටයම් කොට තිබේ.

එෆ්. එච්. ප්‍රයිස් මහතා විසින් 1886 මාර්තු 28 වන දින ඔහුගේ දිනපොතේ මෙසේ සඳහන් කොට ඇත

ජීවානෙහි පියගැට 168 කින් සමන්විත දැකුම්කළු සෙල්මුවා පියගැට පෙළකි. බොහෝ කලකට පෙර කඳුමුදුනෙහි සිසු හිමිනමක් විසින් බඳවන ලද බව කියවේ. එය මට මිහින්තලය සිහි නැංවීය.

පෙරළා එන අතර නටඹුන් විහාරයක් නැරඹීම සඳහා වරාගොඩ දී වෙනත් මාර්ගයකින් හැරී ගියෙමි. එය පරම්පරා කිහිපයක් විසින්ම භාවිතා කොට නැත. එතැනට පමණක් පාර කපා දුන් ගැමියෝ ඔවුන්ගේ මතකයේ හැටියට මීට පෙර තමන් හෝ අන් කිසිවකු හෝ මේ කරා පැමිණ නැතැයි පැවසූහ. මෙය ගල් විහාරයකි. පුරාවස්තුමය වශයෙන් ඇඟවෙන කිසියම් ගුණයක් හැරෙන්නට ඇල්මක් ඇති කරවන කිසිවක් එහි නොවේ

මුලාශ්‍ර

  • විතානාච්චි, චන්දන රෝහණ, 2016. පෞරාණික ස්ථාන හා ස්මාරක : කෑගල්ල දිස්ත්‍රික්කය. 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ් ), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.

සම්බන්ධ වෙනත් පිටු

ජීවාන පුරාණ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ජීවාන පුරාණ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

මාවනැල්ලේ සිට ජීවාන පුරාණ ටැම්පිට විහාරය දක්වා
හරහා : දේවාලගම
මුළු දුර : කිලෝමීටර් 6
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)