දොඩම්ගස්ලන්ද ගිණිහිරිය ශ්‍රී සුදර්ශන ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...

කුරුණෑගල සිට ගලේවෙල මාර්ගයේ ඉබ්බාගමුව දක්වා ගමන් කොට දොඩම්ගස්ලන්ද මාර්ගයේ කටුපිලවත්ත මංසන්ධියට පැමිණ උඩහොරොම්බුව මාර්ගයේ පැමිණීමෙන් ගිණිහිරිය ශ්‍රී සුදර්ශන විහාරයට ලඟාවිය හැක. ඉබ්බාගමුව සිට මෙම විහාරයට ඇති දුර කිලෝමීටර 13.5කි. පලාපත්වල (මාතලේ-ගලේවෙල මාර්ගයේ) සිට දුර කිලෝමීටර 21කි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

දොඩම්ගස්ලන්ද ගිණිහිරිය ටැම්පිට විහාරය සෙන්ටිමීටර 74ක් උස් වූ ගල් කුළුණු 6ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු ආලින්දයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 91ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 41ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 3.48×2.51 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.80×3.33 කි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

ගිණිහිරිය ශ්‍රී සුදර්ශන ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගිණිහිරිය ශ්‍රී සුදර්ශන ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

කුරුණෑගල සිට ගිණිහිරිය ශ්‍රී සුදර්ශන ටැම්පිට විහාරය දක්වා
හරහා :ඉබ්බාගමුව
මුළු දුර : කිලෝමීටර් 27
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 50 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com