යාපනය කයිට්ස් බලකොටුව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 2.33 out of 5)
Loading...
Ruins of Kayts Island Fort
Ruins of Kayts Island Fort
Photo By : anOj pathy

අතීතයේ ඌරාතොට (ඌරුතොට) නමින් හැඳුන්වූ කයිට්ස් පුරාණ කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායක් විය.  නාගදීප දෙමළ  සෙල්ලිපියට අනුව 1වන පරාක්‍රමබාහු (1153-1186) රජ සමයේ උරාතොට ඉන්දීය වෙළඳ නැව්  සඳහා විශේෂ තොටුපළක්  වූ බවත් අශ්වයින් සහ ඇතුන් ගෙන එන නැව්වලට රජු  විශේෂ සැලකිලි දැක් වූ බවත් සඳහන් වේ.

ඌරාතොටට කයිට්ස් යන නම ලැබුනේ පෘතුගිසීන්ගෙන්. එය  “Caes dos Elefantes” යන්නෙන් බිඳී ආ නාමයක්.  මෙම පදයේ තේරුම “ඇතුන්ගේ තොට” යන්නයි. පෘතුගිසීන් මෙම වරාය මෙසේ හඳුන්වන්නට යෙදුනේ ලංකාවේ අලි ඇතුන් ඉන්දියාවට අපනය කලේ මේ තොට හරහා බැවින්. “Caes dos Elefantes” යන නම පහසුවට “Cais” ලෙස හැඳින්වුවා. පෘතුගිසීන් පලවාහැර ලන්දේසීන් යාපනයට පැමිණි පසු මෙම නම තවදුරටත් “Cays” ලෙසද ඉන්පසු කයිට්ස් (“Kayts”) ලෙස පරිනාමණය වුවා.

කයිට්ස්හි ඇති බලකොටුව තනා ඇත්තේ පෘතුගිසීන් විසින්. පෘතුගිසී ජාතික ඇන්ටෝනියෝ බෝකාරෝ වසර 1635දී මෙම බලකොටුව පිළිබඳව සටහනක් තබා තිබේ. මෙම බලකොටුව මන්නාරම් බලකොටුව තරම් විශාල නමුත් මන්නාරම් බලකොටුවට වඩා ශක්තිමත්ව මෙය සාදා ඇති බව පවසයි.

ලන්දේසීන් යාපන ප්‍රදේශ 1658දී යටත්කර ගන්නා සටනේ කයිට්ස් බලකොටුව භාරව සිටි පෘතුගිසී අණ දෙන නිලධාරීයාට ලංදෙසීන් විසින් යටත් වනලෙස යැවූ පණිවිඩය පිළිබඳව ලන්දේසි දේවගැතියෙකු වන බැල්ඩියස් (Baldaeus) විසින් 1672දී පළකරන ලද ග්‍රන්ථයක සඳහන් කර ඇත. මීට අමතරව මෙම බලකොටුව පිලිබඳ විසිතරයක් ඔහු සඳහන් නොකරයි. ලංදේසි හමුදාව කයිට්ස් බලකොටුව නැවත ගොඩනැගීමට තැත් කර නොමැත. මීට හේතුව මීට ආසන්නයේ පැවතුන හැමන්හිල් බලකොටුව නිසා වියහැකිය.

මෙම බලකොටුව  ඉන්පසු වාර්තා කරන්නේ 1832දී “පෙන්” (PENN) යන කතෘ අන්වර්ථ නාමය භාවිතා කරන පුද්ගලයෙකු වසින් “කොලම්බෝ ජර්නල්”  (Colombo Journal) පුවත්පතටයි. ඔහු මෙම බලකොටුව සංචාරය කරනා විටදීත් එය නටබුන් වී පැවති බව වාර්ථා කරයි. එකල මෙය හඳුන්වා ඇත්තේ “අයර් බලකොටුව” (Erie Fort) යන නමිනුයි. මෙම නටබුන් අද්‍යයනය කිරීමෙන් මෙය අඩි  130 දිග හා පළල, සිලින්ඩාකාර අට්ටාල 4 ක් සහිත ඉතා පුළුල්වූ බිත්ති ඇති බලකොටුවක් බව සඳහන් කරයි. එහි නැගෙනහිරින් හා බස්නාහිරින් දොරටු දෙකක් හා උතුරු දිශාවෙන් මුහුදට මුහුණලා බලකොටුවේ පිටත බෑවුමේ කොටසක් ඉතිරිවී තිබුන බව පවසයි.

ජේ. පියර්සන් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා 1926දී පල කළ  ලිපියකට අනුව එම කාලය වනවිට “පෙන්” (PENN) විසින් සඳහන් කර තිබූ මෙම බලකොටුව බොහෝ ලෙස විනාශයට පත්ව තිබූ බව සඳහන් කරයි. නමුත් පියර්සන් මෙම බලකොටුව පිලිවෙලින් අධ්‍යනය කරමින් මෙය සතරැස් නොව අශ්ව ලාඩමක හැඩයක් ගත් බව පවසයි. අට්ටාල 2ක්  මුහුදට මුහුණලා තිබු අතර දකුණු දිශාවේ මෙය වක්‍රාකාර වූ බව හඳුනාගෙන ඇත .

අට්ටාල 2 සම්බන්ධ වන ප්‍රාකාරයේ සිට මෙහි උපරිම දිග අඩි  274ක් වූ අතර උපරිම පළල ආදී 206ක් විය. මෙහි පිටත බිත්ති අඩි  19ක් පළල විය (පහල බිම් සැලැස්ම බලන්න). මෙහි දකුණු පස ප්‍රදේශය ආරක්ෂක සේනාවන්හි නේවාසික ප්‍රදේශය වූ අතර මැද විවෘත අංගණයක් තිබී ඇත. මෙහි වූ කාමර 10ම  මෙම අංගණයට විවෘතවී තිබිණි.

කයිට්ස් බලකොටුවේ උතුරු කොටසේ පිට හා ඇතුළු පවුරු 2ක් තිබී ඇත. එය නැගෙහිර සිට උතුරු අට්ටාල හරහා බස්නාහිරට අඩි  150ක දිගින් යුක්ත විය. පවුරු 2 අතර අඩි 13ක පරතරයක් තිබිණි. බොහෝ සේ ගරාවැටී තිබු මෙම බලකොටුවේ සුන්බුන් ඉවත් කොට දැන් වන විට සංරක්ෂණය කර තිබේ.

මෙම බලකොටුව අසලින් පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් සෙල් ලිපියක් හමුවී ඇත. දෙමළ අක්ෂරයෙන් ලියා ඇති මෙම සෙල්ලිපියේ අන්තර්ගතය මෙසේ වේ;

යහපතක්ම වේවා !! මන්නාරමේ මාතෝට්ටම් (රාජරාජපුර) ජයන්කොන්ත හෙවත් මුවෙන්ත වේලර් නම් අධිකාරී සහ සෙන්පති විසින් ශ්‍රී ලංකාව යටත්කොට මිහිඳු රජු සහ රජුගේ බිසවද රැගෙන ගියේය.

මෙම සෙල්ලිපියේ දැක්වෙන මිහිඳු රජු අනුරාධපුරය රාජධානියේ අවසාන රජු ලෙස සලකන 5 වන මිහිඳු රජ (ක්‍රි.ව. 982-1029) බව පෙනේ. මහාවංශය චෝළ ආක්‍රමණිකයන් 5වන මහින්ද (මිහිඳු) සමයේ රට ආක්‍රමණය කොට මිහිඳු රජුගේ බිසව අල්වාගෙන බොරු සමාදානයක් පෙන්වා රජු රවටා ඔහුද අත්අඩංගුවට ගෙන ලංකාවෙන් ,මංකොල්ල කෑ සියලු වස්තුවද, රජු හා මෙහෙසියද ඉන්දියාවට යැවූ බව සඳහන්ය. මහාවංශයේ සඳහන් මෙම විස්තරයේ සත්‍යතාවය ඩෙල්ෆ් ශිලා ලිපියෙන් සනාථ වේ. මෙම සෙල්ලිපිය යාපනය කෞතුකාගාරයේ තබා ඇත.

කයිට්ස් බලකොටුවේ සැළැස්ම 1923දී පලකළ FORTS OF THE JAFFNA ISLANDS ලිපියෙන්
කයිට්ස් බලකොටුවේ සැළැස්ම 1923දී පලකළ FORTS OF THE JAFFNA ISLANDS
From the "Journel of the Duch Burger Union of Ceylon" of April 1940
From the “Journal of the Dutch Burger Union of Ceylon” of April 1940

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • Baldaeus, P., 1672. ‘A true and exact description of the most celebrated East-India coasts of Malabar and Coromandel and also of the Isle of Ceylon. 1st ed. Amsterdam: Janssonius van Waasberge en van Someren.
  • NOTES ON THE FORTS OF THE JAFFNA ISLANDS. Pearson, J. (1923).  The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland, 29(76), 186-193.
  • Abeyasinghe, T. B. H. , 1995, Description of Ceylon in the in the Book of the Plans of all the Fortresses Cities and towns of the State of Oriental India by ATNONIO BOCARRO Dedicated to the Most Serene Royal Majesty Philip IV of the Spains and III of Portugal our Lord the King February 17, 1635. . Journal of the Royal Asiatic Society of Sri Lanka , new series. 1995. Vol. 39
  • කෝරළගේ, එස්. බී. and කල්ප අසංක, එම්. වී. ජී. , 2017. යාපනය දිස්ත්‍රික්කය. 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, p.91.

සම්බන්ධ වෙනත් පිටු

කයිට්ස් බලකොටුව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කයිට්ස් බලකොටුව රියදුරු දිශාවන්

කොළඹ සිට යාපනයට (මාර්ග 1) කොළඹ සිට යාපනයට (මාර්ග 2)
හරහා : කුරුණෑගල -දඹුල්ල – අනුරාධපුර – වවුනියාව
මුළු දුර :කිලෝමීටර 400
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : පුත්තලම  – සීලාවතුර – පූනරීන්
මුළු දුර: කිලෝමීටර 365
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න 
යාපනය සිට කයිට්ස් බලකොටුව දක්වා
හරහා :
මුළු දුර :කිලෝමීටර 23
ගතවන කාලය  :විනාඩි 30
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply