කුරුණෑගල දිස්ත්‍රික්කයේ දළදාගම (පාදෙණිය-ගල්ගමුව මාර්ගයේ) සිට කිලෝමීටර 9ක් දුරින් අතිදුෂ්කර වනගත ප්‍රදේශයක රත්ගල්ලේගම සීගිරි රජමහා විහාරය පිහිටා තිබේ. දළදාගම සිට මහව වෙත පැමිණ රෝහල ඉදිරිපස ඇති ශ්‍රී රාහුල මාවතේ කිලෝමීටර 3.5ක් ගමන් කොට දකුණට ඇති බොරළු මාර්ගයට හරවා කිලෝමීටර 1.3ක් ගමන් කොට මාකඩු වැව් බැම්ම පසුකොට දකුණට හරවා තවත් මීටර 750ක් ගිය තැන රත්ගල්ලේගම විහාරය හමුවේ.
ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
රත්ගල්ලේගම සීගිරි ටැම්පිට විහාරය මීටර 2.13ක් උස් වූ ගල් කුළුණු 4ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්රදක්ෂිණා පථයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 83ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 54ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 4.11×2.11 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.65×3.30 කි.
අවාසනාවකට මෙන් මෑත කාලයේ මෙම ටැම්පිට විහාරය ප්‍රතිනිර්මාණය කර සුදු හුනු ගෑමෙන් එහි ව්‍යුහය සහ විහාරය තුළ ඇති වටිනා සිතුවම් බොහොමයක් විනාශ වී ඇත.
මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ටැම්පිට විහාර ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
රත්ගල්ලේගම සීගිරි රජමහා ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
රත්ගල්ලේගම සීගිරි රජමහා ටැම්පිට විහාරය රියදුරු දිශාවන්
දළදාගම සිට රත්ගල්ලේගම සීගිරි රජමහා ටැම්පිට විහාරය දක්වා |
හරහා : මහව මුළු දුර : කිලෝමීටර් 9 ගතවන කාලය : විනාඩි 20 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්රාග් ඉතිහාස ලිපි (1) ප්රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)