වලල පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...

වලල කඩමණ්ඩිය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ මඩවල සහ රජවැල්ල අතර, මඩවල සිට රජවැල්ල මාර්ගයේ ට කි.මී. 2.6 ක් සහ රජවැල්ල සිට කි.මී. 5.5ක් දුරිනි. වලල හන්දියේ සිට වාවින්න මාර්ගයේ කිලෝමීටරයක තරම් දුරින් මෙම විහාරය පිහිටා තිබේ.

මෙම විහාරස්ථානයේ අතීතය අවම වශයෙන් මහනුවර යුගය දක්වා දිවයනබව එහි ඇති ටැම්පිට විහාරය කියාපායි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

වලල ටැම්පිට විහාරය සෙන්ටිමීටර 48 ක් උස ගල් කණු 25 ක් මත ඉදිකර ඇත. විහාරයේ අභ්‍යන්තර කුටිය වටා ප්‍රදක්ෂිණා පථයක් ඉදිකර ඇත. මෙම පථයේ ඉදිරිපස සහ දෙපැත්ත සෙන්ටිමීටර 66 ක් පළල වන අතර පුද්ගලයෙකුට යෑමට එය යන්තම් ප්‍රමාණවත් වේ. කුටිය පිටුපස පථය ඊටත් වඩා කුඩා, පළල සෙන්ටිමීටර් 61කි. මෙහි අභ්‍යන්තර පිළිම කුටිය දිග මීටර් 4.42 ක් සහ පළල මීටර් 2.80 කි. සම්පූර්ණ ව්‍යුහය දිග මීටර් 5.74 ක් වන අතර පළල මීටර් 4.11 කි. වේදිකාවේ සිට ඉහළට එසවෙන දැව කුළුණු 18 ක් මත වහලය තබා ඇත. මෙම කුළුණු වල සරල කැටයම් දැකිය හැක . විහාරයට පිවිසීමට දැව සෝපානයක් ඇත. මෙහි පිටත දොර රාමුව සරලය. මොණර පූට්ටුව කැටයමක් රාමුව උද කැටයම් කොට ඇත. මෙම දොර ප්‍රදක්ෂිණා පථයට විවර වේ.

අභ්‍යන්තර පිළිම කුටියට පිවිසීම සඳහා චන්ද්‍රවංකයෙන් සැරසුණු විශාල දැව උළුවස්සක් සහිත දොරකි. මේ දෙපස දොරටුපාල පිළිම දෙකකි. සූර්යයාගේ හා චන්ද්‍රයාගේ චිත්‍ර 2ක් මෙම දොරටුපාල රූප 2කට ඉහළින් පින්තාරු කොට තිබේ. මෙම දොර රාමුව විවිධ ලියවැල්ල් මෝස්තරයන්ගෙන් පින්තාරු කර ඇත.

ඇතුළත කුටීරය තුළ දොරට මුහුණ ලා ප්‍රධාන සිටි බුද්ධ ප්‍රතිමාව පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේගේ පිළිමය වටා රැස් මාලාව ඇඳ ඇත්තේ නුවර යුගයේ සුලබ ගිනිදළු මොස්තරයකින්ය. බුදු පිළිමය අසල සාරියුත් සහ මුගලන් තෙරුන්ගේ චිත්‍ර ඇඳ ඇත. මෙහි දෙපස බිත්ති වලට පිටුපා බුදුන්ගේ හිටි පිළිම 4ක් අඹා තිබේ. මෙහි ඇති සියළුම පිළිම සිරස් පතකින් හා මුළු සිරුර වටා පැතිරුණු රශ්මි මාලාවකින් සමන්විතය.

මෙම ටැම්පිට විහාරය ඉදිරිපිට දිගැටි මණ්ඩපයක් ඉදිකර ඇත. මෙය සම්පූර්ණයෙන්ම ගඩොලින් සැදූ ව්‍යුහයකි. ඉදිරිපසින් සහ පැතිවලින් මෙම මණ්ඩපයට ඇතුළු වීමට දොරටු තබා තිබේ. 2500 වසර සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිත්තෙන් 1956 දී මෙම මණ්ඩපයට සම්බන්ධ කොට තොරණක් සහිත ඝන්ටාර කුළුණක් එක් කොට තිබේ.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

වලල ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වලල ටැම්පිට විහාරය දිශාවන්

මහනුවර සිට වලල ටැම්පිට විහාරය දක්වා
හරහා : ලේවැල්ල
මුළු දුර : කිලෝමීටර් 12
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply