විහාරගම කුඹල්ඔලුව ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 2.00 out of 5)
Loading...
Viharagama Kumbaloluwa Tampita Viharaya - විහාරගම කුඹල්ඔලුව ටැම්පිට විහාරය
Viharagama Kumbaloluwa Tampita Viharaya – විහාරගම කුඹල්ඔලුව ටැම්පිට විහාරය

ගම්හත විහාරගම ගම් පියස ගම්පොළ යුගයේ සිට පැවත එන විහාර ගමකි.මහනුවර යුගයට පෙර ගම්පොළ රාජධානියේ රජකල බුවනකබාහු රජතුමාගේ කාළයේ හෝ ආසන්න යුගයක මෙම විහාරය ඉදිව ඇති බව ජනප්‍රවාදයේ එන කථාවයි.

ලංකාතිලක විහාරය කරවූයේ යැයි කියන හෙණකඳ බිසෝ බණ්ඩාර බිසවගේ ඇමතිවරයෙක් මෙම ගම්මානය පිහිටුවා කුඹුරු අස්වද්දා ජනාවාසයක් ඇති කර රාජ නියමයක් වශයෙන් පවුලේ කෙනෙකු පැවදි කර ගමේ දේපළ කුඹුරු භුක්ති විදින්නගේ අස්වැන්නෙන් කොටසක් පන්සලට දීමට නියම කරන ලදී.

කටාරම් කෙටූ වීශාල ලෙනක් තුල පිහිටි මෙම විහාරය පසුව විනාශ වී දැනට පවතින ස්ථානයේ පිහිටුවන ලද්දේය. පැරණි චෛත්‍යරාජයා හා ඓතිහාසික ටැම්පිට විහාරගෙය නිමවා එය ගම්හත විහාරගම කුඹල් ඔළුව රජමහා විහාරය ලෙස සඝසතු කරන ලද්දේ ය. මනරම් කදුමුදුනක ගල් වැටි වලින් මනාව චතුරශ්‍රාකාර වැලි මලුව,ගල් මලුව,චෛත්‍ය මලුව හා ර්‍ර්ට ඉහලින් චමත්කාර බෝ මලුව නිමවා ඇත.

මෙම ඓතිහාසික සිද්ධස්ථානය අදටත් නිරුපද්‍රිතව පැවතීමට ඒ යුගයේ ඉහළ තාක්ෂනය භාවිතා කොට වැලි මළු, ගල් මලු ආදිය භාවිතා කොට ඉතා විශිෂ්ට ගෘහ නිර්මාණ භාවිතා කොට නිර්මාණය කරන ලදී.

මධ්‍යකාලීන නුවර යුගය වන විට ශිලා භාවිතයෙන් කරන ලද ඉදිකිරීම් කෙරේ දක්වන උනන්දුව අඩුවී දැව හා මැටි භාවිතයට හුරුව තිබූ බවට අතීතය සාක්ෂි දරයි.ඒ අනුව ගල් තලා මත හෝ ගල් කුළුනු මත විහාරාරාම ඉදිකරන්නට ඔවුන් පෙලඹුණු බව නුවර යුගයේ හා ඉන් පසු ඓතිහාසික යුගයන්ගේ ඉදිකිරීම් දෙස විමර්ශනාත්මකව අවදානයක් යොමු කිරීමෙන් පැහැදිලිය.ඒ අනුව මතුපිට පෘශ්ඨයන් මත චිත්‍ර ඇදීමේ වැඩි නැඹුරුවක් මෙම කාළයේදී දක්වා ඇති අතර ඒ සදහා සුමුදු ලෙසින් සකසන ලද මැටි පෘශ්ඨයන් භාවිතයට ගෙන ඇත.

කෙසේ වෙතත් මැටි භාවිතයේ කල්පැවැත්මට ස්වාභාවික උවදුරු කෘමින්ගේ හානිය හා ජලයේ බලපෑම් වලින් ආරක්ෂා වීමට ඔවුනට විකල්පයක් සොයන්නට සිදුවිය. ඒ සදහා ඔවුන්ගේ හොදම හා එකම විකල්පය ලෙසින් යොදාගත්තේ ගල් කණු මත ඉදිකරන ලද ගෘහයන්‍ ය. ඒ අනුව මෙලෙස ටැම් මත ඉදිකරන ලද ගෘහයන් ආශ්‍රිත විහාරයන් ටැම්පිට විහාර ලෙස හැදින්වේ.

තරමක් වීශාල ගල් කුලුණු මත දැව කදන් යොදා ඒ මත යළි ලෑලී අසුරා,ඉන් පසුව දැව කණු සිටවා, ආලින්දක් වටා ගමන් කිරීමට හැකිවන පරිදි  සිංහල උළු සෙවිලි කරන ලද වහලයකින් සමන්විත, වරිච්චි බිත්ති යොදා වැලිමැටි කපරාරු කර සුදු හුනු පිරියමේ වර්ණ සහිත සිතුවම් ඇදි වසර 350 ආසන්න මෙම ටැම්පිට විහාරගෙය තවමත් නිරුපද්‍රිතව ඇත්තේ අතීත ඉදිකිරීම් තාක්ෂයේ ඉහළ ප්‍රායෝගික ප්‍රාගුණ්‍යය නිසාවෙනි.

මෙම විහාරගෙය ඉදිකිරීමට යොදාගෙන ඇති දැව කදන් හා දැව සහ ගල් කණු සරල ලෙසින් හරි හතරැස් ආකාරයට කැටැයම් රහිතව යොදා තිබුනත් සමහර දැව කදන් වල කුඩා මල් කැටයම් තවමත් දක්නට ඇත.එහි විහාර ගෘහයට නැගීම සදහා කුඩා ලී තරප්පුවක් දක්නට ලැබේ.

විහාර ගෘහය තුල හිදුවා ඇති ප්‍රතිමාව හිදි පිළිමයකි.කහ පැහැයෙන් යුතු චීවරයක් සහිත මෙම පිළිමයේ විශාලත්වය පිළිවලින් මීටර් 1.2192 උස හා මීටර් 1.03632ක පළලින් යුතුය. ගම්පොළ යුගයට ආවේනික පිළිමගෙයක් වන මෙහි සිරස් පතක්ද දක්නට ලෑබේ. තවද දෙපස සැරියුත් මුගලන් පිළිමවහන්සේ දෙනමක් දක්නට ලැබුනද අප ගමේ සහ අපගේ අවාසනාවකට එම පිළිම දෙක නිදන් හොරුන් විසින් සොරා ගොස් අවසානය.

මෙම පිළිමගෙයි වහලය සැමවිටම විසිතුරු නෙළුම් මල් මෝස්තරයෙන් සැරසිලි කර තිබේ.මීට අමතරව දෙපස බිත්ති මත විවිද ප්‍රමාණ බුදු රූ වලින් සරසා ඇත. තවද විසිතුරු නෙලුම් මල්, පලා පෙති, ලියවැල් වැනි පැරණි සිංහල කලා අංගයන් සෑම විටම ගම්පොල යුගයේ ගෘහ නිර්මාණයන් මනාව පෙන්වා දී ඇත.

පසුකාලීනව සිදුකළ සුදු හුනු පිරියම් මගින් බොහෝ සිතුවම් වැසීගොස්‍ ය.වරින් වර පුරාවිද්‍යා කෑනීම් සිදු කලද දැන් එයද නතර වී හමාරය. වර්ථමානය වන විට ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යන මේ වටිනා උරුමය අපගේ ඇස් පනාපිටම මෙලෙස අභාවයට යෑම ගැන අප සියලු දෙනාම වගකීම දරුණු ඇතැයි මා සිතමි. තවමත් මෙම  වටිනා උරුමයට හා මෙම විහාරයට ස්වාමීන් වහන්සේ නමක් නැත.විහාර භූමිය තුල අඩි 20 වඩා උස චෛත්‍යක් දක්නට ඇත තවද බෝධ් දෙකකින් හා විශාල ගල් ටැම් රාශියකින් වටවූ මෙම ටැම්පිට විහාර සෑම අතකින්ම අංග සම්පූර්ණ විහාරයකි.

ගමේ සුළු පිරිසගේ උත්සයන් මත තවමත් ඉතිරිව ඇති මෙම සියලු දේ තව නොබෝ කලකින් වැනසීයාම වැලැක් වීමට ගමේ තරුණ ප්‍රජාව එකතු කර බලවේගයක් එක් කිරීම අදිටන් කිරීම අපගේ උත්සහයයි. මෙවන් වටිනා සම්පත් බෞද්ධ උරුමයන් විනාශ වීමට දී බලා සීටිම බෞද්ධයන් වශයෙන් අප නමට විතරක් බෞද්ධ වීම.නිවට කමක් සේ අප දකිමි.

සටහන : ‎සමන්ත එගොඩවත්ත‎

පහත ගූගල් සිතියමේ මෙම ටැම්පිට විහාරය සටහන් කර ඇත්තේ දළ වශයෙන් බව සලකන්න.

සම්බන්ධ වෙනත් පිටු

විහාරගම කුඹල්ඔලුව ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

විහාරගම කුඹල්ඔලුව ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

මහනුවර සිට විහාරගම කුඹල්ඔලුව ටැම්පිට විහාරය දක්වා
හරහා :පේරාදෙණිය
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 45 ක්  පමණ
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)