කාලි මෑණින්ට කල ප්‍රදානයන් සටහන් කළුතර දෙමළ සෙල් ලිපිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...
Tamil Inscription in Kalutara
Tamil Inscription in Kalutara
Photo Credit : Jinadasa Katupotha

මෙම සෙල්ලිපිය පිහිටා ඇත්තේ ගාලු පාර සහ කොළඹ-ගාල්ල දුම්රිය මාර්ගය අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලය. මෙම සෙල්ලිපියේ අක්ෂර සහ විස්තරයෙන් එය 15 වන සියවසේ කෝට්ටේ රාජධානියට (1412–1597 A.D) අයත් බවකිව කිව හැක.

මෙම සෙල්ලිපිය මුලින්ම කියවූ පී.ඊ. පීරිස් මහතාට අනුව ගලෙහි අක්ෂර ස්ථර දෙකක් තිබේ. දෙමළ සෙල්ලිපිය පැරණි සෙල්ලිපියක් මත ලියා ඇත. පැරණි සෙල්ලිපියේ සමහර අකුරු තවමත් දැකිය හැකිය. පීරිස් මහතාට අනුව මේවා පැහැදිලිවම සිංහල අක්ෂර වේ. (ගමගේ, 2007)

කළුතර ගං මෝය කටේ තිබූ ගංගතිලක විහාරය පැරණි ජනප්‍රිය විහාරයක් විය. එය තිසර සන්දේශය සහ පරෙවි සන්දේශය වැනි සන්දේශ කාව්‍යයන්හිද පෘතුගීසි ලේඛනවලද සඳහන් වේ. ගංගතිලක විහාරයට ලබා දුන් ප්‍රදානයන් මුල් සෙල්ලිපියේ ලේඛනගත වී ඇති බවත්, මෙම විහාරස්ථානය විනාශ කිරීමෙන් පසුව එහි පැවති කාලි දේවාලයට එම ප්‍රදානයන් ලබා දී ඇති බවත් එම ප්‍රදානය පැරණි සෙල්ලිපියේම නැවත දෙමල භාෂාවෙන් කොටා ඇති බවත් එය දෙමලෙන් ලියා ඇත්තේ කාලි වන්දනාව බ්‍රාහ්මණයන් විසින් නොව ප්‍රධාන වශයෙන් දෙමළ ජනයා විසින් අනුගමනය කරන බැවින් බවත් පීරිස් මහතා දක්වා ඇත. (ගමගේ, 2007)

මෙම සෙල්ලිපියේ දෙමළ භාෂාවෙන් ලියා ඇති පේළි 11 ක් ඇත. මෙම සෙල්ලිපියේ 1-7 පේළි වලින් කියවෙන්නේ යන්නේ රජතුමා කුඹුරු සහ වෙනත් දේපළවල ආදායම කාලි කෝවිල් වෙත ලබා දුන් බවයි. එලෙසම, 8-11 දක්වා වූ පේළි වලින් කියවෙන්නේ මේවා ප්‍රධානියා (මුදලියාර්) වෙනුවෙන් ප්‍රධානය කරන ලද ධාන්‍යවලින් දෙන ලද ආදායම් බවය.

සෙල්ලිපියේ අන්තර්ගතය මෙසේය;

1 –අන්නුර්රු
2 — මාර් කාලික්කු
3 — රාජක්කාල් – තු
4 — මිපා ක්කු –
5 — ටුට්ටා කොට්ටා –
6 — යම් වයල්
7 — අයම් ඉවයි
8 — මුටලික්කු
9 — කොන්ටු කුටු
10 — ටිට තානියම්
11 — අයම් ඉවයි

(ගමගේ, 2007)

මෙහි ප්‍රදානය කල රජුගේ නමක් ගැන සඳහනක් නැත. නමුත් ප්‍රදානය සිදු කර ඇත්තේ රජු සහ ප්‍රාදේශීය ප්‍රධානීන් විසිනි. ආචාර්ය වේලුප්පිල්ලෙයි තර්ක කරන්නේ “අන්නුරුමර්” යන වචනය “පන්සියය” ලෙස කියවිය හැකි බවයි. “දහසක දිශාවන් පන්සියයක්” යන අර්ථය ඇති “ටිකායිරාට්ටු අන්නුරුවර්” යන දෙමළ පදය තවත් දෙමළ සෙල්ලිපි 3 කින් සොයාගෙන ඇත. එනම් වාහල්කඩ (යාන් ඔය වාහල්කඩ ජලාශය අසල), පදවිය (පදවිය ජලාශයේ පැත්තෙන්) සහ විහාරහින්න (මාතලේ උතුර කන්දපල්ලේ කෝරලේ මොරගොල්ල අසල) යි.

‘දහසක දිශාවන් පන්සියයක්’ යනු දකුණු ඉන්දියානු සම්භවයක් ඇති වාණිජ සංවිධානයක නමකි. චෝළ යුගයට පෙර මෙම සංවිධානය ඉන්දියා අර්ධද්වීපය පුරා සිය ක්‍රියාකාරකම් ව්‍යාප්ත කරමින් සිටියේය. චෝළයින්ගේ සමුද්‍රීය බලය ඉහළ යාමත් සමඟ මෙම සංවිධානය දකුණු හා දකුණු නැගෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත විය. ආචාර්ය වේලුප්පිල්ලෙයි විශ්වාස කරන්නේ මෙම මධ්‍යකාලීන වාණිජ සංවිධානය කළුතරහි ද ක්‍රියාත්මක වන්නට ඇති බවත් කාලි දේවාලය ඔවුන් විසින් ඉදිකර ඇති බවත් ය.

මූලාශ්‍ර

  • ගමගේ , ගු., 2007. රයිගම්පුර රාජධානිය. 1st ed. දිවුලපිටිය: සරස්වතී ප්‍රකාශන.
  • Katupotha, J., 2011. Cultural and Historical Monuments and Protected Resources of Archaeological Significance in the Lower Kalu Ganga Basin, Sri Lanka. In: National Archaeological Symposium. Colombo: National Archaeological Symposium, pp.197-213.
  • Veluppillai, A., 1971. Ceylon Tamil Inscriptions – Part 1. 1st ed. Kandy: Royal Printers, pp.44-52.

සම්බන්ධ වෙනත් පිටු

කළුතර දෙමළ සෙල් ලිපිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කළුතර දෙමළ සෙල් ලිපිය ගමන් මාර්ගය

කොළඹ සිට කළුතර දෙමළ සෙල් ලිපිය දක්වා
හරහා :පානදුර
මුළු දුර : කිලෝමීටර් 42
ගතවන කාලය : පැය 1.5
ගත කිරිය යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)