අනුරාධපුර දීඝ පාෂාණ ලෙණ (සුදස්සන පධානඝරය)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...

දීඝ පාෂාණය යනු අනුරාධපුරයේ වර්තමාන වෙස්සගිරිය (පුරාණයේ සැබෑ ඉසුරුමුණිය) සිට රන්මසු උයන, අභයගිරි ආරාමය හරහා පුරාණ විජයරාමය ප්‍රදේශය දක්වා කිලෝමීටර් 10 කට වඩා වැඩි දුරක් විහිදෙන දිගු පාෂාණයකි. අතීතයේ විවිධ කාලවලදී මෙම පාෂාණය “දිගුපහන” සහ “දිගුගල්විල” ලෙසහඳුන්වා ඇත . ප්‍රාථමික යකඩ යුගයේ සිට (ක්‍රි.පූ. 1200 – ක්‍රි.පූ 600) විවිධ ස්ථානවල දක්නට ලැබෙන ගුහා සහිත මෙම පර්වතය අසල ජනාවාස පැවති ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. මීට අමතරව, මෙහි තැනින් තැන දක්නට ලැබෙන ගල් කොරි හා බලන කල මෙම පර්වතය අනුරාධපුර රාජධානියේ සැදූ ශිලා ගොඩනැගිලි සඳහා අමුද්‍රව්‍ය සපයා ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය.

අභයගිරි ස්ථූපයට මීටර් 500 ක් පමණ බටහිරින් පිහිටි ‘සුදස්සන පධානඝරය‘ ලෙස හැඳින්වෙන පාෂාණ ගුහා සංකීර්ණය ‘දීඝ පාෂාණ ලෙන්‘ ලෙසද හැඳින්වේ. මෙම සංකීර්ණයේ කටාරම් සහිත ලෙන් 9 ක් ඇති අතර මෙම ස්ථානය දැන් කැණීම් හා ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත. පර්යේෂකයන් විසින් මෙම ලෙන්වල භික්‍ෂු වාසස්ථාන වට්ටගාමිනි අභය රජු (වලගම්බා රජු) ට පෙර සිටම පවතී බව සොයාගෙන ඇත. මෙම සංකීර්ණය සංස්කෘතික අදියර 4 කින් සමන්විත වේ. කැණීම් පතුලේ ඇති පාංශු ස්ථරයේ දැක්වෙන්නේ ඉතා සරල සංස්කෘතියක මානව ජනාවාස සඳහා ලී කණු ඉදිකිරීම සඳහා සිදුරුකපා ඇති අයුරුයි. එය භික්‍ෂු ආරාමයක් වූ තැන් පටන් අනුරාධපුර යුගයේ අවසානය දක්වා (ක්‍රි.ව. 10 වන සියවස) මෙම ස්ථානය වරින් වර අලුත්වැඩියාවන් හා විශාල කිරීම් වලට භාජනය වූ බව පැහැදිලිය.

අභයගිරි ස්ථූපයේ සිට වටවන්දනා මාර්ගය ඔස්සේ බටහිර දෙසට මීටර 500ක් පමණ ගමන් කරන විට ඔබට දකුණු පසින් ඊතලයක් සහිතව සුදස්සන පධානඝරය දැක්වෙන පුවරුව හමුවනු ඇත. දීඝ පාෂාණ පර්වතය මෙම ස්ථානයේ වම් පැත්තේ ගල් තලාවක් ලෙස දැකිය හැකි අතර එය මාර්ගය යටින් ගමන් කොට නැවත දකුණු දිසින් ගල් තලාවක් ලෙස දර්ශනය වේ. මෙම පාෂාණ මායිම ඔස්සේ ඇති අඩි පාර දිගේ මීටර් 100 ක් දකුණට ගමන් කලවිට ඔබට මෙම පධානඝර ලෙන් සංකීර්ණයට ළඟා විය හැක. මෙමස්ථානය වෙත වන්දනාකරුවන් ගමන් කරන්නේ අල්ප වශයෙන් හා ඔවුන් මේ පිළිබඳව දැනුවත් වී ඇත්තේ ද අල්ප වශයෙනි.

Map of the Deegapashana Rock outcrop spreading across the ancient Anuradhapura Kingdom
Map of the Deegapashana Rock outcrop spreading across the ancient Anuradhapura Kingdom
source : An Archeological Study to Identify the Ancient Settlement Pattern of Anuradhapura with Special Reference to the“Deegapasana” Rock Outcrop in Sri Lanka (අනුරාධපුර දීඝ පාෂාණය ආශ්‍රිත පුරාණ මානව ජනාවාසකරණය හා පුරාන තාක්ෂණය පිලිබඳ භූ අවකාශීය දත්ත ආශ්‍රය කර ගනිමින් සිඳුකරන පුරාවිද්‍යා අධ්‍යනයක්)
Map of Dighapashana Cave (Sudassana Padanagaraya) of Anuradhapura Kingdom - අනුරාධපුර දීඝ පාෂාණ ලෙන (සුදස්සන පධානඝරය)
Map of Dighapashana Cave (Sudassana Padanagaraya) of Anuradhapura Kingdom – අනුරාධපුර දීඝ පාෂාණ ලෙන (සුදස්සන පධානඝරය)

ආශ්‍රිත

  • Mendis, D.T.; Abeywardana, N.; Withanachchi, C.R. An Archaeological Study to Identify the Ancient Settlement Pattern of Anuradhapura with Special Reference to the “Deegapasana” Rock Outcrop in Sri Lanka; Nihal Printers:Kurunegala, Sri Lanka, 2016; (original publication in Sinhala).

සම්බන්ධ වෙනත් පිටු

අනුරාධපුර දීඝ පාෂාණ ලෙණ (සුදස්සන පධානඝරය) සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අනුරාධපුරය දක්වා ගමන් මාර්ග

කොළඹ සිට මාර්ග කිහිපයක් ඔස්සේ අනුරාධපුරයට ලඟා විය හැකිය. ප්‍රධාන මාර්ග දෙක කුරුණෑගල හා පුත්තලම හරහා ය. පුත්තලමේ සිට අනුරාධපුර දක්වා ගමන්ක කරනා විට ඔබට දර්ශනීය විල්පත්තු ප්‍රදේශය පසුකර යාමට පුළුවනි. කුරුණෑගල සිට අනුරාධපුරයට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. වඩාත් ප්‍රසිද්ධ මාර්ගය දඹුල්ල හරහා ය. අනෙක් මාර්ගය ගල්ගමුව හරහාය. සියලුම මාර්ග වලින් බහුලව භාවිතා වන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයයි.

කොළඹ සිට අනුරාධපුර දක්වා මාර්ග අංක 1කොළඹ සිට අනුරාධපුර දක්වා මාර්ග අංක 2
හරහා :මීගමුව- හලාවත – පුත්තලම
මුළු දුර : කිලෝමීටර් 208
ගතවන කාලය : පැය 4.5
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :අඹේපුස්ස – කුරුණෑගල – දඹුල්ල
මුළු දුර : කිලෝමීටර් 220
ගතවන කාලය : පැය 5
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
කොළඹ සිට අනුරාධපුර දක්වා මාර්ග අංක 3මහනුවර සිට අනුරාධපුර දක්වා
හරහා :අඹේපුස්ස – කුරුණෑගල -වාරියපොළ – ගල්ගමුව
මුළු දුර : කිලෝමීටර් 208
ගතවන කාලය : පැය 4.45
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :අඹේපුස්ස – කුරුණෑගල – දඹුල්ල
මුළු දුර : කිලෝමීටර් 201
ගතවන කාලය : පැය 4
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
අනුරාධපුර සිට දීඝ පාෂාණ ලෙණ (සුදස්සන පධානඝරය) දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 8
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)