මන්නිතලෙයි යනු යාපනය අර්ධද්වීපයට මදක් පහළින් පිහිටි ප්‍රධාන භූමියේ සිට මුහුදට විහිදෙන වැලි පරයකි. තවත් වැලි පරයක් වන අරියලායි, යාපනය අර්ධද්වීපයේ යටින් මන්නිතලෙයි හා සමාන්තරව පවතී. මන්නිතලෙයි භූමියේ පැති 3 ක් ආවරණය වන පරිදි කිලෝමීටර් 45 ක වෙරළ තීරයක්පවතී.
ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ මන්නිතලෙයි වැලිපරයේ පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන 2 ක් වාර්තා කරයි.
මන්නිතලෙයි වැලි පරය යාපනය නගරයේ සිට ඈතින් දැකගත හැකි කුඩා ජනගහනයක් සහිත දිස්ත්‍රික්කයේ දුර බැහැර ප්‍රදේශයකි. අරියාලෙයි නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන වල සිට එය පැහැදිලිව දැකගත හැකිය. විශාල ගස් හා තල් ගස් ආවරණය වනතරම් උසින් යුත් වැලි කඳු මෙහි පවතී.
කිලෝමීටර 15 ක පරතරයක පැරණි මැටි බඳුන් කැබලි හමුවේ.පූනරින් සිට යාපනය නගරය දෙසට ඇති කරන වැලිපරයයේ වෙට්ටුක්කාටු, කවුටාරිමුනායි, මන්නිතලෙයි සහ කොට්ටුප්පනිවු අපගේ සමීක්ෂණයේදී පුරා වස්තු වැඩි ලෙස හමුවූ ස්ථාන වේ.
දකුණු වෙරළ තීරයේ වෙට්ටුක්කාටු හි මැටි භාජන කොටස් සමග චීන හා ඉස්ලාමීය භාණ්ඩ හමු විය. මෙහි සමහර ස්ථානයන්හි ශිලා පතුරු ආයුධ කොටස් කිහිපයක්, ගිනිගල් සහ පලිඟු කොටස් දැක ගන්නට ලැබිණි. කවුටාරිමුනායි හි ඇලි කැපූ මැටි කැබලි හා කළු සහ රතු මැටි කොටස් දක්නට ලැබුණි. ටෙරකොටා දුම් පයිප්ප කිහිපයක කැබලි ද මෙහි තිබී හමු විය. GRW කොටස් මන්නිතලෙයි පල්ලිය අසල ද හමු විය.
පැරණිතම මැටි භාණ්ඩහමුවුයේ මන්නිතලෙයි පල්ලිය සහ වැලි පරයේ කෙළවර වන කල්මුනායි අතර පිහිටි කොට්ටුප්පනිවුහි ය. මෙම භූමියේ සෑම දිශාවකටම වැලි කඳු වලින් වැසී ඇති අතර පෝක් සමුද්‍ර සන්ධිය සහ යාපනය කලපුව යන දෙකම මෙහි සිට දැක ගත හැකිය. මුල් කාලයට අයත් මැටි භාජන කැබලි වලට අමතරව ලක්ෂ්මි සමරු පලක සහ පබළු වැනි වස්තුන්ද කුළුණු පාදම් ගල් සහ පුවරු වල අවශේෂ මෙහි හමු විය.
අපගේ පළමු සංචාරයේදී, අපි මෙම ස්ථානයේ සිප්පි හුණු සුන්බුන් සහිත ගොඩැලි දෙකක් හෝ තුනක් නිරීක්ෂණය කළ නමුත්, වසරකට පසු අපගේ දෙවන සංචාරයේදී ඒවා දැකිය නොහැකි විය; ඒවා වරින් වර වෙනස්වන වැලි කඳු වලින් ආවරණය වී තිබිය හැකිය.
මෙම පැරණි ජනාවාස ස්ථාන අතරින් කොට්ටුප්පනිවු හි ගොඩනැගිලි වලට අයත් කුළුණු පාදම් ගල් සහ පුවරු වල අවශේෂ ඇතුළු තවත් පුරාවස්තු රාශියක් සොයා ගත් බව ආචාර්ය රගුපති වාර්තා කරයි. මෙම ස්ථානයේ සිප්පි-හුණු සුන්බුන් සහිත ගොඩැලි දෙකක් හෝ තුනක්ද ඔහු නිරීක්ෂණය කරන අතර මේවා පුරාණ ස්තූප ගොඩැලි විය හැකිය. මෙහි හමුවූ මැටි කොටස් හා ලක්ෂ්මී එලක පදනම් කොටගෙන මෙම ජනාවාසය ක්‍රිස්තු වර්ෂ මුල් යුගයේ හෝ ඊටත් එපිට යුගයකට අයත් විහ හැකි බව සටහන් කොට ඇත.
මැටි භාණ්ඩ වලට අමතරව කොට්ටුප්පනිවු ස්ථානයේ තිබී සොයාගත් දෑ පහත සටහන් වේ.
- යකඩ ඇන සහ මෙවලම් (ඇන 60 ක් හමු විය)
- යපස්
- අතුල්ලන ගල්: කළුගල්, වැලි ගල්
- කණුවක පාදම් ගලක්
- දාර කැපූ මැටි පුවරු
- තෝරමල්ලී පබළු
- නිල් වීදුරු පබළු
- තැඹිලි වීදුරු පබළු
- කොළ වීදුරු පබළු
- කොළ සහ කහ වර්ණයෙන් වීදුරු අනුකරණය කල සිප්පි පබළු
- වෙනත් පබළු වල කොටස්
- ලක්ෂ්මි සමරු කාසියක කැබැල්ල
- ස්වස්තික ලකුණ සහිත කාසියක කැබැල්ල
- රෝම කාසියක්
- කාසියක කැබැල්ලක්, හඳුනා නොගත්
- මයික්‍රොලිතික් පතුරු තුනක්; (ක්වාර්ට්ස් සහ චර්ට්)
මැටි භාණ්ඩ හැරුණු විට කවුටාරිමුනායි ප්‍රදේශයෙන් සොයාගත් දෑ පහත දක්වා ඇත;
- යකඩඇන
- යපස්
- ටෙරකොටා සහ ගල් දුම් පයිප්ප (ඒවායින් කිහිපයක් එකතු කරන ලදී)
- එක් පැත්තක සිදුරක් සහිත හක්ගෙඩි
- ගිනිගල් කැබලි
- තෝරමල්ලී පබළු
මන්නිතලෙයි වැලි පරයේ ඉහත සඳහන් පුරාවිද්‍යා ස්ථානවල ස්ථාන පහත පරිදි දැක්වේ.
වෙට්ටුක්කාටු | 9°33’00″N 80°08’00″E |
මන්නිතලෙයි | 9°35’10″N, 80°05’25″E |
කවුටාරිමුනායි | 9°33’55″N, 80°07’10″E |
කොට්ටුප්පනිවු | 9°35’30″N, 80°04’25″E |
මෙම වාර්තාව දැන් අවුරුදු 30 ඉක්මවා ඇති අතර වසර 30 කට වැඩි කාලයක් පැවති දෙමළ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව මෙහි නටබුන් සොයා ගත හැකිද යන්න සැක සහිතය. කෙසේ වෙතත් අදාළ බලධාරීන් මෙවන් ස්ථාන පිළිබඳව පර්යේෂණ කර අනාගත පරම්පරාවන් සඳහා ඕනෑම උරුමයක් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.
ආශ්‍රිත
- Ragupathy, P., 1987. Early settlements in Jaffna : An Archaeological Survey. 1st ed. Madras: Sudarsan Graphics.
සම්බන්ධ වෙනත් පිටු
මන්නිතලෙයි වැලි පරයේ පුරාණ ජනාවාස හා පුරාවිද්‍යා ස්ථාන සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මන්නිතලෙයි වැලි පරයේ පුරාණ ජනාවාස හා පුරාවිද්‍යා ස්ථාන ගමන් මාර්ග
කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය) | කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය) |
හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව මුළු දුර : කිලෝමීටර් 400 km ගතවන කාලය : පැය 7-8 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න | හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින් මුළු දුර : කිලෝමීටර් 365 ගතවන කාලය : පැය 7-8 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
යාපනය නගරයේ සිට මන්නිතලෙයි වැලි පරයේ පුරාණ ජනාවාස හා පුරාවිද්‍යා ස්ථාන දක්වා |
හරහා : මුළු දුර : කිලෝමීටර් 11 ගතවන කාලය : විනාඩි 20 ගත කිරිය යුතු කාලය : පැය 1-2 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)