Kantale Wewa Reservoir – කන්තලේ වැව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (19 votes, average: 2.84 out of 5)
Loading...
The Kantale Tank
The Kantale Wewa

Sri Lanka’s reservoir building technology was at its peak during the mid Anuradhapura Kingdom era to  Polonnaruwa Kingdom Era ( 1017-1236) and most of the largest reservoirs in the country was built during this period. The Parakrama Samudraya, is the the largest,  constructed with a 14 kilometer dam encompassing 5 reservoirs within it was built by King Parakramabahu the Great during the 12th century. But some other gigantic tanks such as Minneriya Wewa and Kaudulla Wewa are some of the earlier work belong to early as 3rd Century. Though not as large as the giants, Kanthale Wewa lies on the way to Trincomalee and has been not short of attention from the colonial times.

Kantale was known as Ganthalawa since the days of the kings. Tamils used to write and pronounce it as Kathalai due the lack of letters and sounds in the tamil language.

When the government was attempting to re colonize Gantalawa in the early 1950’s, a team of early settlers had build a campsite inside the jungles had only a small path from the main road to reach their camp. A team leader from that group had put up a small board at the top of this path with the name of “Ganthalawa Camp Road”. A tamil politician called Wanniyasingam who was a MP representing Vavuniya District has seen this piece of board and has insisted that this name board should be removed and the transliterated Tamil name Kantale should be used in the parliament in 1952.02.28 according the Hansard Records. With no one standing against this, the name board was requested to be removed immediately by the government and acted as a prelude to Ganthalawa officially being called Kantale.

The great chronicle of Sri Lanka, Mahawamsa records that Kantale Wewa which is referred to as ‘Ganthala Vapi‘ was built by King Agbo the II (608-618) and was rehabilitated and further developed by King . It is believed that King Agbo II in fact built over a small reservoir which was already existing by that time. Many rich folklore’s are woven around this ancient reservoir situated in the Trincomalee district. Both the Dutch and English who governed the country before we gained independence are recorded to have carried out reconstruction and rehabilitation work on this reservoir.

During the renovation work in the year 1880, the capacity of the reservoir was 37,000 Acre feet (45.6Mn cubic meters) and in 1950 the capacity of the was raised to 87,000 Acre feet (107Mn cubic meters). Restoration of the ancient vendrason Reservoir was also attended during early 1950’s. Radial gates were installed in Kantale spill as many large tanks were breached during 1957 floods due to insufficient spill capacity. Reservoir capacity too was increased to 110,000 Acre feet (136Mn cubic meters) in 1960 and to 114,000 Acre feet (115Mn cubic meters) during 1986 renovations.

The Kantale Wewa covers area of 23 sq km and has a carrying capacity of 115Mn million cubic meters at full capacity. The dam is 16.75 meters high and 2.5 km long.  Next to Kantale Wewa is smaller reservoir which is now called Vendarasan Wewa which also has been subject to a name change in the recent past by the politicians who are feeding the tamil homeland concept. This reservoir has been known as Jayaraja wewa but its history is unknown. The general belief is that that the Jayaraja Reservoir was built by king Wasabha (65-109 AD) and was donated to the Brahmin who was meditating in a nearby rock cave for healing his eyes. Today this reservoir is fed by Kantale Wewa through 4 large tubes with a diameter of of 3 meters.

The Kanthale Wewa was built daming the Kantale Oya which begins from Hurulu Forest Reserve and falls on to the sea from Trincomalee.  The reservoir is also fed by waters of Yodha Ela which brings water from the Elahera Amuna to Minneriya Wewa and Kaudulla Wewa .

A new sluice gate called Montana Gate was built in 1950’s with the re colonize effort of Kantale Valley. 

The worst tragedy that befallen on reservoirs in recent times is the sudden collapse of the Kantale dam on 20th of April 1986. This incident, which is still a major shock to irrigation officials, has left a number of unresolved issues. The death toll from this unforeseen incident was 68 while 59 went missing. The damage to public and private property was estimated as Rs 680 million (at 1986 prices) as revealed by the Presidential Commission of Inquiry. It can be described as an inland tsunami with an equivalent force of destruction. Damage to the environment and disruption to the society had not been accounted here as there was no methodology to assess those damages. Engineers believe that the immediate reason for the failure have been the vibrations taken place during pile driving for the pumping house of a drinking water project built near the ancient sluice. However, some say that the possibility of a terrorist attack cannot be ruled out. After this breach a new radial sluice gate was installed at the breached location. Today only this sluice and the Montana Sluice are operational.

The 1500 year old breached rock slice-gate has been reconstructed at the top of the dam for the viewing of the public.

The Jayaraja Wewa which as become Vendarasan Tank
The Jayaraja Wewa which as become Vendarasan Wewa

References

  • Sri Lankawe Iparini Wew ha Wari Karmanthaya – Yuraj Padmin Soysa
  • Deveni Gajaba Niridhunge Kantale Rajadhaniya – Kantale P. L. Sirisena
  • Kantale Aru that made ancient Panoa area fertile – Ms Badra Kamaladasa – Ex – Director General – Department of Irrigation
separator divider

පනෝවා ප්‍රදේශය සශ්‍රීක කල කන්තලේ ආරු

විවිධ වකවානු වල ශ්‍රී ලංකාවේ සංචාරය කොට සටහන් ලියා තැබූ අය අතින් මහත් වර්ණනාවට ලක් වූ පැරණි ජලාශය කුමක් ද යන්න විමසුව හොත් මුල් ම තැන හිමි වන්නේ කන්තලේ වැවට ය. හබරණ සිට ත්‍රිකුණාමලයට යන අයෙකු නොවරදවාම පසු කරන කන්තලේ වැව, ප්‍රධාන මාර්ගයක පිහිටීම නිසාත් එයට ම ආවේණික පරිසර පද්ධතිය නිසාත් මෙම මගෙහි ගමන් කරන කිසිවකුට මඟ නොහැරේ. කන්තලේ වැව පිහිටි කන්තලේ ආරු, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළු වැව රක්ෂිතයේ නැගෙනහිර බෑවුමෙන් ගමන් ආරම්භ කර, මහවැලි මෝයට උතුරින් මුහුදට එකතු වන්නේ මිනිසාට, සතා සීපාවට මෙන් ම පරිසරයට ද මහත් සේවයක් සිදු කරමිනි.බද්‍රා කමලදාස

කන්තලේ, වෙන්ඩ්‍රාසන් හා “වාන්ඇල” යන ප්‍රධාන ජලාශ 3 ක් හා සුළු වැව් 70 කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය කරන කන්තලේ ආරු ගංගා ද්‍රෝණිය වර්ග කි. මී. 459 ක ජල පෝෂක ප්‍රදේශයකින් සමන්විතය. කන්තලේ වැව සහ වෙන්ඩ්‍රාසන් වැව් පිහිටා ඇත්තේ අතු ගංගා දෙකක වෙනම ක්‍රියාත්මක විය හැකි ලෙස වුව ද ඒවා ජලය හුවමාරු කර ගැනීමට හැකි වන සොරොව්වකින් සම්බන්ධ කර ඇත. “වාන්ඇල” වැව ඉහත වැව් දෙකට වඩා පහළින් පිහිටා ඇති අතර කන්තලේ වාරිමාර්ග පද්ධතියට මෙම වැව් තුනෙහිම එකතුවෙන් ජලය සැපයේ.

කන්තලේ වැවෙහි ඉතිහාසය පිළිබඳ විවිධ මත පල වන අතර එය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වන බව බොහෝ තැනක ප්‍රකාශ වෙයි. ක්‍රි. පූර්ව 2500 පමණ කාල සමයේ දී තම පියාගේ අපලයක් පහ කිරීම සඳහා සඳුන් ඔරුවක මුහුදට බිලි කළ කුඩා කුමාරිකාවක් ත්‍රිකුණාමලයට පාවී ආ පසු එම පෙදෙස පාලනය කළ ප්‍රාදේශීය රජ කෙනෙකු හදා වඩා ගත් අයුරු හා පසු කලෙක ඇය විවාහ කරගත් වෙනත් ප්‍රදේශීය රජකු හා එකතුව කන්තලේ වැව සාදවා ත්‍රිකුණාමලය අවට සංවර්ධනය කළ අයුරුත් පිළිබඳ ජනප්‍රවාදයක් බ්‍රෝහියර් මහතා ඔහුගේ පුරාතන වාරිමාර්ග කෘතියෙහි විස්තර කරයි. ක්‍රි.වර්ෂ 113 දී පමණ ගජබා රජ තිරිකුණාමලයෙහි පිහිටි කෝන්නේශ්වරම් දේවාලය, බෞද්ධ විහාරයක් බවට පත් කිරීමට අනුරාධපුරයේ සිට ගමන අතරතුර කන්තලේ වැව අසල දී ඓශ්චර්යයකින් මෙන් ඔහුගේ අන්ධභාවය සුව වීම නිසා හින්දු භක්තිකයෙකු වූ බවත් තවත් ජනප්‍රවාදයක් උපුටා දක්වමින් කියයි. එම වැවට “ඇස් වැඩීම” යන තේරුම ගෙනදෙන කන්ඩලෙයි යන නාමය ලැබී ඇත්තේ ඉන්පසුව බවත් එහි තවදුරටත් කියැවේ.

මහසෙන් රජතුමා ඉදි කළ බවට සටහන් වූ වැව් දොළොසට මෙය අයත් වූයේ ද යන්න පිළිබඳ කරුණු ඉදිරිපත් කරන කන්ඩායම් සලකා බලන්නේ මින්නේරිය ඉදි කර එහි ජලය හරවා යැවීමට ඔහු එකල සැලකිලිමත් වූ බවයි. කන්තලේ වැව පිළිබඳ මහාවංශය සඳහන් කරන්නේ දෙවන අග්බෝ රජසමයේ ඉදි කළ ගංතලා වැව ලෙසින් හඳුන්වමිනි. ක්‍රි. වර්ෂ 274-301 කාලය තුල මහසෙන් රජතුමාගේ කාලය තුළ ද ක්‍රියාත්මක වූ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අග්බෝ සමයෙහි සිදු කරන්නට ඇති බවට අනුමාන කළ හැකි කරුණු සොරොව්වට යොදා ඇති ගඩොල් අනුව ද අනුමාන කළ හැකි බව ඔව්හු පෙන්වා දෙති. 1986 වර්ෂයේ දී බිඳී ගිය වම් සොරොව්වෙහි කලුගල් බැම්මට යටින් යොදා තිබූ පුරාණ ගඩොල් ස්ථරය මෙම මතය සනාථ කිරීමට යොදාගත හැකි හොඳම සාධකයකි.

සිංහල රජසමයෙන් පසු කන්තලේ වැව පිළිබඳ නැවත අවධානය යොමු වන්නේ ලන්දේසි යුගයේ දී ය. සම්මානනීය මහාචාර්ය කේ ඩී පරණවිතාන මහතා සඳහන් කර ඇති පරිදි, ටොන්බෞනෙර් නම් ඉංජිනේරුවා සිදු කළ මිනුම් අනුව කන්තලේ වැව ප්‍රතිස්ථාපනය කිරීමට ඔහුගේ යෝජනා ආණ්ඩුකාරවරයාට දැනුම් දී ඒ අනුව ලබාගත් ප්‍රතිපාදන යොදවා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. මේ හේතුවෙන් 1788 වසරේ දී පාරා 1395 ලෙස වාර්තා වූ තඹලගම ප්‍රදේශයේ වී අස්වැන්න 1792 වනවිට පාරා 4060 දක්වා වර්ධනය කිරීමට ඔවුන් සමත් වී ඇත.

බ්‍රිතාන්‍ය පාලන සමයේ සහල් නිෂ්පාදනයේ ස්වයංපෝෂිත භාවය ළඟා කර ගැනීම සඳහා දැඩි උත්සාහයක් ඇරඹීමත් සමග කන්තලේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට අවධානය යොමු විය. වත්මන් කන්තලේ වැවෙහි පුනර්ජීවනය ඇරඹෙන්නේ 1856 දී බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාර හෙන්රි වෝඩ් දිවයින පුරා සිදු කළ ඔහුගේ සංචාර අතර දී කන්තලේ පිළිබඳ යොදා ඇති නිර්දේශ හා විවිධ මට්ටමේ නිලධාරීන් සිදු කළ මිනුම්, ක්ෂේත්‍ර පරීක්ෂන හා සමාජ තොරතුරු අළලා ලියා ඇති වාර්තා මතිනි. 1855 දී ඇලෙක්ස් යංග් ඇඩම්ස්, ජෝන් චර්චිල් හා ජේ. බේලි යන නිලධාරීන් ඉදිරිපත් කර තිබූ “මාතලේට නුදුරු ඇලහැර සිට මින්නේරිය දක්වාත් අනතුරුව ත්‍රිකුණාමලයට නුදුරු ගන්තලාව දක්වාත් ජලය ගෙනගිය ඇල මාර්ග” යන හිසින් යුතු ව ඉදිරිපත් කළ වාර්තාව කන්තලේ වැව පිළිබඳ මනා විශ්ලේශණයක් ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුකාර හෙන්රි වෝඩ් ගේ උපදෙස් අනුව කන්තලේ වැවෙහි තත්ව වාර්තාවක් හා එයින් ජලය ලබා ගන්නා ගොවීන් පිළිබඳ තොරතුරු ඇතුළත් අගනා වාර්තාවක් රාජකීය ඉංජිනේරු කැප්ටන් චාල්ස් සිම් විසින් 1856- අප්‍රියෙල් 22 දිනැතිව ඉදිරිපත් කොට ඇත. ලංදේසි සමයේදී ප්‍රතිස්තාපනය කර සක්‍රීයව තිබූ කන්තලේ වැවෙහි සුන්දරත්වය, බැම්මෙහි හා සොරොව්වල සිදු කළ යුතු අලුත්වැඩියා වන්, ජල විද්‍යාත්මක කරුණු ආදියෙන් පොහොසත් මෙම වාර්තාව තාක්ෂණික මට්ටමින් මෙන් ම මේ වන විට ඓතිහාසික වශයෙන් ද ඉහල වටිනාකමක් ඇති ලේඛනයක් බව මගේ අදහසයි.

වෙනත් වැව් සඳහා මුදල් යෙදවීමට වඩා කන්තලේ වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුදල් යෙදවීම වඩාත් යෝග්‍ය බව කැප්ටන් සිම්ගේ වාර්තාව රජයට යෝජනා කරයි. තඹලගම ගංගාව (එකල කන්තලේ ආරු හැඳින්වූ අයුරු) දෙපස දැනට වගා කරන ස්වදේශිකයින් මේ සඳහා දක්වන උනන්දුව දිරිමත් කරන සුලු බවත්, සංවර්ධනය කරන ඉඩම් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් විය හැකි ජනතාවක් මෙම ප්‍රදේශයේ සිටින බවත් ඔහු සඳහන් කරයි.

ඒ වන විට කන්තලේ වැවෙන් ජලය ලබා ගොවිතැන් කරමින් ජීවිකාව ගෙන ගොස් ඇත්තේ වැව අසල පිහිටි කන්තලේ ග්‍රාමයෙහි සිටි පවුල් 30 ක් හා ගංගාවෙහි පහළ කෙළවරෙහි පිහිටි තඹලගම ග්‍රාමයෙහි සිටි 300-400 පමණ වූ පවුල් වලට අයත් වූ ගොවියන්ගෙනි. කන්තලේ ග්‍රාමයෙහි අමුනු 250ක් (එනම් අක්කර 500 වපසරියක්) හා තඹලගම ග්‍රාමයෙහි අමුනු 2500 (එනම් අක්කර 5000 ක් වපසරියක් ) වගාවට යොදවමින් සිටි බවත් සිම්ගේ වාර්තාව සඳහන් කර ඇත.

රජයේ අවධානය 1850 දශකයේ මැද භාගයේ සිට යොමු වුවද, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට උනන්දු වී ඇත්තේ විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාර සමයේ දී ය. කුඩා වැව් මෙන් ම විශාල වැව සඳහා ද කවුන්සලයෙන් මුදල් ලබා ගැනීමට ඔහු විශේෂ උනන්දුවක් දක්වා ඇති බව ‌‌‌ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

අතීත කන්තලේ වැව පිට වාන් දෙකකින් සමන්විත වී ඇත. ඉහත්තාවේ තිබූ වාන මගින් යම් මට්ටමකදී වැඩි වන ජලය වෙන්ඩ්‍රාසන් වැව වෙත යොමු කෙරිණ. එහි ජලය ද මීළඟ අතු ගංගාවෙහි පිහිටි පරෙවිපඤ්ඤන් වැවට ද ඉන් පසුව කඳු පංති අතරින් මොර වැවට ද පසුව තඹලගමුව ඔස්සේ කින්නියාව ප්‍රදේශයට ද ගෙන ගිය බව ජනප්‍රවාද වල පැවසේ. මෙසේ පැවති ඇල පද්ධති පිළිබඳ තාක්ෂණික සාධක ගවේෂණය කිරීමට තවමත් අවස්ථාව ඉතිරි ව ඇත. වෙන්ඩ්‍රාසන් වැව සඳහා වෙනම පිටවානක් නොතිබීම මෙම පුවත සනාථ කරන්නෙකි. වෙන්ඩ්‍රාසන් වැව සඳහා වානක් ඉදි කිරීම මෑතක දී සිදු කළේ වර්තමාන ජලාශ ආරක්ෂිත තත්වයන් සැලකිල්ලට ගනිමිනි.

ඓතිහාසික පැරණි දකුණු සොරොව්ව තුල මතු වූ යම් තාක්ෂණික දෝශ හේතුවෙන් ඒ වෙනුවට නව සොරොව්වක් ඉදි කිරීම ද 1950 දශකයේ සිදු කෙරිණ. එය වර්තමාන වාරි තාක්ෂණය භාවිතයෙන් මුල් වරට ලංකාවේ ඉදි කළ උමං සොරොව්වයි. එය සැලසුම් කිරීම හා ඉදි කිරීම සිදු කළ මොන්ටානා නම් විදේශික ඉංජිනේරුවරයා සිහිවීම පිනිස දකුණු සොරොව්ව ඔහුගේ නමින් නම් කොට ඇත.
1880 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ දී වැවෙහි ධාරිතාව අක්. අඩි 37,000 වූ අතර 1950 දී වැවෙහි ධාරිතාව අක්. අඩි 87,000 දක්වා වැඩි කිරීමත් පැරණි වෙන්ඩ්‍රාසන් වැව ප්‍රතිස්ථාපනය කිරීමත් සිදු කෙරිණි. 1957 ගංවතුරින් විශාල වැව් බොහෝමයක් බිඳී ගිය බැවින් ආරක්ෂිත පියවරක් ලෙස පිට වාන සඳහා අරීයගේට්ටු සවි කිරීම සිදු කළ අතර, කන්තලේ වැවෙහි අරීය ගේට්ටු සවිකර වැවෙහි ධාරිතාවය අක්. අඩි 110,000 දක්වා ද 1986 න් පසුව සිදුකල ප්‍රතිසංස්කරන යටතේ අක් අඩි 114000 දක්වා ද වැඩි කිරීමටත් පියවර ගෙන තිබේ.

1961 වසරේදී ඉපැරණි කන්තලේ යෝධ ඇල ප්‍රතිසංස්කරණය කොට රජ සමයෙන් පසු ප්‍රථම වරට කන්තලේ ආරු ගංගාවෙහි අතු ගංගා වූ ගල් ඔය හා අලුත් ඔය ජල ධාරා ද කන්තලේ වැවට හරවා ගැනීමට වාරිමාර්ග නිලධාරීහු සමත් වූහ. මින්නේරිය ජලාශයේ සිට කන්තලේ ජලාශයට ජලය ගෙන ගිය ඉපැරණි රජ ඇල සියවස් ගනනාවකට පසු නැවත ප්‍රාණය ලැබුවේ එලෙසිනි.. මෙමගින් මහවැලි ද්‍රෝණියෙන් ලැබෙන අමතර ජලය පිළිගැනීමට, වී ගොවිතැනට සුදුසු ඉඩම් අක්කර 8000 ක් කට්ටි කර ගොවීන්ට බෙදා හැරීමට මෙන්ම උක් වගාවට සුදුසු ඉඩම් අක්කර 9000 ක් ද (පුරාණ ඉඩම් අක්කර 5000 ක් ඇතුලත්ව) සකස් කර තැබීමට වාරිමාර්ග හා ඉඩම් නිලධාරීහු වග බලා ගත්හ.

වී වගාව පමණක් නොව අනෙකුත් කෘෂි නිෂ්පාදන සඳහා ද වාරිමාර්ග පහසුකම් සැපයීම ආරම්භ වූයේ කන්තලේ මෙම උක් වගාව සමග ය. උක් කර්මාන්ත ශාලාව චෙකොස්ලෝවැකියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබිණි. 1960 දශකයේදී මෙම උක් කර්මාන්තය 10,000 ක් පමණ වූ ජනතාවකට ජීවනෝපාය සැලසූ බවට සඳහන් ය. ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් සීනි නිපැයූ මෙම කර්මාන්ත පුරය 1990 දශකයේ දී වැසී ගියේ ය. ඒ සඳහා බලපෑ හේතු අතර පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ පැවති අඩුපාඩු හේතුවෙන් ඇති වූ දුර්වල කළමනාකාරිත්වය මෙන් ම යුධ ගැටුම් හේතුවෙන් ප්‍රදේශයේ ඇතිවූ අනාරක්ෂිත තත්වය ද බල පාන්නට ඇතැයි කියැවේ.

මෑත යුගයේ දී ජලාශ ආශ්‍රිතව සිදු වූ ඉතා ම කණගාටුදායක ඛේදවාචකය කන්තලේ වැව් බැම්ම කිසිදු පූර්ව නිමිත්තක් නොමැතිව 1986 බිඳී යාම යි. තවමත් වාරිමාර්ග නිලධාරීන්ට බලවත් කම්පනයක් ඇති කරවන මෙම සිදුවීම නො විසඳනු ප්‍රශ්න ගණනාවක් ඉතිරි කර ඇත. රජ සමයේ ඉදි කළ වම් සොරොව්ව මගින් 1986 යල කන්නයට ජලය නිකුත් කිරීම අරඹා පසු දින ම, එනම් අප්‍රියෙල් 20 වන දින ඇති වූ මෙම අනපේක්ෂිත සිදු වීමෙන් මිය ගිය සංඛ්‍යාව 68 කි. අතුරුදහන් වූ ගණන 59 කි. පොදු හා පෞද්ගලික දේපලට සිදුවූ හානිය එවක මුදලින් රු. මිලියන 680 ක් බව මේ පිළිබඳ විමසුමට පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ අනාවරණය විය. එය රට අභ්‍යන්තරයේ ඇතිවූ සුනාමියක් ලෙස හැදින්විය හැකිය. පරිසරයට සිදු වූ හානිය මිල කිරීමට ක්‍රමවේදයක් නොතිබූ බැවින් එම ප්‍රමාණය මෙහි අඩංගු නොවේ. ඉපැරණි සොරොව්ව ආශ්‍රිතව ඉදි කළ පානීය ජල ව්‍යාපෘතියක පොම්පාගාරයේ පාදම සකස් කිරීමේ දී ඇති කළ දෙදරවීම් මෙයට මූලික හේතුව විය හැකි බව ඉංජිනේරු මතයයි. එසේ වුව ද ඇතැමුන් පවසන පරිදි මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නිසා ඇති වූවක් වීමේ ඉඩ ද මුළුමණින් ම බැහැර කළ නොහැකි ය. කෙසේ වුව ද මෙම ව්‍යසනය ලංකාවේ වේලි ආරක්ෂණය පිළිබඳ නව ප්‍රවේශයක් සඳහා සියලු ආයතන යොමු කිරීමට සමත් විය.

කන්තලේ වැව සමග බැඳී තිබූ අපූර්ව පූජාවක් පිළිබඳ තොරතුරු වරක වාරිමාර්ග නිලධාරීන් ඉදිරිපත් කළේ වැව් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින අවස්ථාවක ය. වැව ඉදි කිරීම් කරන සමයේ දී වැව මැද පිහිටි කොග්ගල නම් ගලට අරක් ගෙන සිටි භූතයෙක් සඳහා කන්‍යාවක් බිලි දී ඇති අතර එවක පටන් ම වාර්ෂික ව මෙම ගලට රත්‍රන් යෙදූ උණ්ඩයක් භාවිතා කොට වෙඩි තැබීමෙන් භූතයා පිදීම සිදුකොට ඇත. 1952 වර්ෂය දක්වා ගම් වැසියන් මෙම පූජාව පැවැත් වූව ද නවීකරණ කටයුතු වලින් පසුව නව ජනපද සමග මෙම පූජාව ඉදිරියට ගෙන ගොස් නොමැත. කන්තලේ වැවෙහි වාර්ෂිකව අඩුම වශයෙන් එක් අයෙකු හෝ ගිලී මියයන්නේ පූජාව නතර කිරීම නිසා බව සමහර පැරණි ගොවීහු විශ්වාස කරති.

1952- 54 හා 1961-1962 කාල වකවානුව තුළ කන්තලේ වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කළ ජී ජේ පී ගුණවර්ධන මහතා ඔහුගේ විවිධ අත්දැකීම් ගොනු කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තු සියවස් සමරු කලාපයට ලියූ ලිපියක මෙම ප්‍රදේශයේ සිදු වූ සංවර්ධනය මනාව පැහැදිලි කරයි. 12 වන ශත වර්ශයේ සිට වල් බිහි වී තිබූ කැළෑ එළි පෙහෙලි කිරීම නිසා අතරමං වූ අලින් හමුවේ මෙන්ම එම ප්‍රදේශවල අරක් ගෙන සිටි කොටින් වැනි සතුන් සමග ද දිවි පරදුවට තබා රාජකාරි කළ අන්දම ලොමුදැහැ ගැන්වෙන ලෙස ඔහු තවදුරටත් දක්වා සිටී. දුෂ්කර ප්‍රදේශ වල සේවය කරමින් තම ජීවිතයම ඒ වෙනුවෙන් කැප කළ විවිධ රාජ්‍ය නිලධාරීන්ගේ සේවය නිසි අගැයීමකට ලක් නොවූව ද ඔවුන් සැම දෙනා තමන්ගේ දායකත්වයෙන් සිදු වූ සංවර්ධනය සියැසින් දැක ලබා ඇති ආත්ම තෘප්තිය මිල කළ නොහැකි බව මගේ හැඟීමයි.

සටහන : ‎බද්‍රා කමලදාස මිය
හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් – වාරිමාර්ග දෙපාර්තුමේන්තුව

Also See

Map of  the Kantale Wewa

ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Traveling to Kantale Wewa

Route from Colombo to Kantale Wewa

Through : Giriulla – Kurunegala – Habarana
Distance : 225 km
Travel time : 5-6 hours
Driving directions : see on google map

© www.amazinglanka.com