විල්පත්තුව තුල කුඩාවිලච්චිය වැව හා නටබුන් (Kuda Vilachchiya Wewa and its Ruins inside Wilpattu)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 4.75 out of 5)
Loading...
By Ms. Badra Kamaladasa (Former Director General of Irrigation at Department of Irrigation)
By Ms. Badra Kamaladasa

2012 දී වාරිමාර්ග හා පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් සමඟ “කුඩාවිලච්චිය” පුරාණ වැව් බැම්ම හරහා ගමන් කරන විට එය අතීතයට යන ගමනක් සේ ද මෙම මහා අනර්ඝ නිර්මිතය ඉදි කළ හා බලා කියා ගත් පිරිස් තවමත් ඒ අවට සෝදිසියෙන් සිටිත් දැයි මට හැඟුණේ ය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල සැඟවී ඇති වැව් බැම්මේ, සොරොව්වේ හා පිටවානෙහි නටබුන් අතර සැරිසරන ඕනෑම කෙනෙකුට එම හැඟීම නිසැක ව ම දැනෙනු ඇත. සමහරු විශ්වාස කරන්නේ කුඩා විලච්චිය ඉදිකර ඇත්තේ සාලිය කුමරු විසින් බවත් අශෝකමාලා කුමරිය සමඟ විවේක කාලය ගත කිරීම සඳහා මෙය ඔහුට ප්‍රියතම ස්ථානයක් වූ බවයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි නිරිතදිගින් පිහිටි මෙම කැඩී බිඳී බැම්ම හා අනෙකුත් නිර්මිත යථා තත්ත්වයට පත් කොට ජලාශය නැවත ජලයෙන් පිරවීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක දී ශක්‍යතා පරීක්ෂණ සහ සමීක්ෂණ සිදු කර ඇත.

ජලාශය ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව මෙය තන්තිරිමලේ සහ විලච්චිය ප්‍රදේශයේ ගෘහ අවශ්‍යතා සපයනු ඇති අතර මහා විලච්චිය වාරි ව්‍යාපාරයේ පහල කෙළවරට වාරිමාර්ග සැපයුම වැඩි කරනු ඇත. තවත් වැදගත් සේවයක් වන්නේ වන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වන සතුන් සඳහා අනවරත ජල ප්‍රභවයක් වීමයි.

මෝදර ගං ආරු ගංඟාවේ, තලාව ඔය යන අතු ගංගාවෙහි මහවිලච්චිය වැව පිහිටා ඇති අතර, නටබුන්ව පවතින කුඩාවිලච්චිය, මෝදර ගං ආරුවෙහි තවත් අතු ගංඟාවක් වූ ඉට්ටිකුලම ඇල හරහා ඉඳිව ඇත. මහාවිලච්චිය ජලාශය ඉදිකර ඇත්තේ වසභ රජු (ක්‍රි.ව. 67-111) විසින් බව විශ්වාස කෙරේ. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1957-62 කාලය තුළ ප්‍රතිස්ථාපනය කරන ලද අතර දැන් අක්කර 3000 කට ආසන්න භූමි ප්‍රමාණයක් සඳහා ජලය සපයන අක්කර 32,500 ක ධාරිතාවයකින් යුක්ත ජලාශයකි.

කෙසේ වෙතත් කුඩාවිලච්චිය වැව් බැම්ම මහාවිලච්චිය වැව් බැම්මට වඩා දිගින් වැඩි අතර දැනට කර ඇති ජලවිද්‍යාත්මක ගණනයන් අනුව පරිමාවෙන්ද වැඩිය. මුල් කාලවලදී මිනුම් කටයුතු කළ මිනින්දෝරුවන් විසින් මෙම වැව් දෙකෙහි නම් වැරදීමකින් මාරු කර යොදන්නට ඇතැයි අනුරාධපුර වාරිමාර්ග නිලධාරීහු විශ්වාස කරති.

කිලෝමීටර 2.5 කට ආසන්න දිග බැම්ම දිගේ කඩවර 7 ක් ඇත. ජලාශය බිඳී ගොස් ඇත්තේ ඔරොත්තු නොදෙන ජල ප්‍රවාහයක් ගලා ඒම නිසා මිස, බැම්මෙහි, බිසෝකොටුවෙහි හෝ පිටවානෙහි ව්‍යුහාත්මක දෝෂයක් නිසා නොවන බව පැහැදිලි වන්නේ, බිසෝකොටුව හා පිටවාන කිසිඳු බිඳී යාමකට ලක් නොවී මෙතෙක් පැවති බැවිනි.

ශතවර්ෂ ගණනාවක් අතහැර දමා තිබුනද, අලි රංචු ගමන් කරන ප්‍රදේශයක් වුව ද බැම්මේහි උඩු ගං ඉවුරේ හොඳින් ඇසුරුම් කර ඇති රලපනාව කිසිදු හානියකට පත් නොවී එලෙස ම පැවතීම විශ්ම ජනක ය.

වැව් බැම්මෙහි ඇති තවත් විශේෂ අංගයක් වන්නේ උඩු ගං බෑවුම වඩා ස්ථායි වීම සඳහා යොදා ඇති විශේෂ බෑවුම් නිර්මාණයයි. වර්තමානයේදී මෙය berm ලෙස හැදින්වේ. අපේ ඉපැරණි වාරි ඉංජිනේරුවන් මෙය යොදා ඇති තැන් විරලය. කි මී 2.5 ක් වන රලපනාවට යොදා ඇති මනාවට කැපූ ගල් ලක්ෂ ගණනාවක කටයුතු සිදු කිරීමට සඳහා පමණක් මනා නිපුණත්වයෙන් යුත් විශාල ශ්‍රම බලකායක් සම්බන්ධ වන්නට ඇති බව නිසැකය.

බිසෝකොටු දෙක ද පුරාණ ඉංජිනේරුවන්ගේ විශිෂ්ටතම නිර්මාණ බව පැහැදිලි වන්නේ, මෙම ඝන වනාන්තරයේ පවා පැලෑටියක්වත් වැවීමට ඉඩක් නොතබා එකිනෙකට සවිකර ඇති ගල් පුවරු වලින් යුත් ව්‍යුහය දුටු විට ය. ගඩොල්වලින් සාදා ඇති සොරොව් කුළුණේ පිටත කවරය සහ ඇතුළත ගල් පුවරු 2012 දී එලෙසින්ම පැවති අතර පුරාණ වාරි තාක්ෂණයේ විශිෂ්ට බව එයින් මනාව පෙන්නුම් කෙරේ. අවාසනාවට මෙය පසුව නිධන් හොරුන්ගේ ගොදුරක් වීම නිසා එම ගල් පුවරු දැනට එලෙස ම දකින්නට නැත.

සොරොව්ව ආශ්‍රිත දැකිය හැකි තවත් විශේෂ නිර්මිතයක් වන්නේ ගල් පුවරු භාවිතයෙන් ජල වාහකයක් ලෙස සාදා ඇති සොරොව්වෙන් පිටවන ඇළ මාර්ගයයි. පුරා විද්‍යා හා වාරි විද්‍යා සමීක්ෂණ අවසන් වූ පසු මෙම නිර්මිතවල ක්‍රියාකාරිත්වය අපට පැහැදිලි වනු ඇත.

එහි පුරාණ පිටවානද අපගේ මුතුන් මිත්තන් සතුව තිබූ විශිෂ්ට ඉංජිනේරු හැකියාවන් පෙන්වන තවත් අනර්ඝ නිර්මිතයකි. සාලිය කුමරු සහ අශෝකමාලා විවේක ගත් ස්ථානය ලෙස විශ්වාස කරන බැවින් වාන අසල ඉහලින් ඉදිකර ඇති මණ්ඩපය වැනි කොටස “පතිරිප්පුව” ලෙස විලච්චිය අසල ප්‍රදේශවාසීහු හඳුන්වති. සමහරු එය රාජකීය රැස්වීම් ස්ථානයක් ලෙසද විශ්වාස කරති. වාන අසල ඇති, 16 වන ශතවර්ෂයට අයත් යැයි සැලකෙන සෙල්ලිපියක “කුසයා බුදුවේවා” යන්න සටහන් කර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතිව පුරාවිද්‍යාමක වැදගත්කම ඇති අංග ආරක්ෂා කරමින් ජලාශය ප්‍රතිස්ථාපනය කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි. පුරාණ ඉංජිනේරුවන් විසින් ගොඩනඟන ලද මෙම වටිනා නිර්මාණ අනාගත පරම්පරාව වල අවධානයට ඉතිරි කිරීමත් සමගම වර්තමානයේ ජලහිඟයෙන් පීඩා විඳින මිනිසා මෙන්ම සතා සීපාවන්ට ජලය ලබා දීම සැමගේ අදිටනයි.

පුරාණ ජලාශ පරිශ්‍රයේ පැය තුනක් පමණ ගත කිරීමෙන් පසු, පුරාණ වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ සැලසුම්, නිර්මාණ සහ ඉදිකිරීම් හැකියාවන් පමණක් නොව, පුරාණ සොරොව් බටයක් තුළ වාසය කරන වලස් පවුලක් මෙන් ම නොයෙක් වන සතුන් ද මැද සමීක්ෂණ කටයුතු සිදු කරන වර්තමාන වාරිමාර්ග නිලධාරීන්ගේ වික්‍රමයන් දකිමින් මම සංචාරයට සමු දුනෙමි.

(හිටපු කලාපීය වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු වසන්ත පලුගස්වැව, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ලසිඳු කොටවිලාරච්චි සහ අපට මඟ පෙන්වූ ඉංජිනේරු සහකාර මාරපන මහතා වෙත විශේෂ ස්තුතිය පුදකරමි.)

සටහන : ‎භද්‍රා කමලදාස මහත්මිය
හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

සම්බන්ධ වෙනත් පිටු

කුඩාවිලච්චිය වැව හා පුරාවිද්‍යා ණටබුන් සිතියම

Please click on the button below to load the Dynamic Google Map (ගූගල් සිතියම් පහලින්)
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.

කුඩාවිලච්චිය වැව හා පුරාවිද්‍යා ණටබුන් රියදුරු දිශාවන්

කොළඹ සිට විල්පත්තු ජාතික උද්‍යානයේ පිවිසුම් දොරටුව දක්වා අනුරාධපුර සිට විල්පත්තු ජාතික උද්‍යානයේ පිවිසුම් දොරටුව දක්වා
හරහා :මීගමුව – පුත්තලම
මුළු දුර : කිලෝමීටර් 190
ගතවන කාලය : පැය 3.30 ක්  පමණ + වනය තුලට ඇවිදීමට පැය 1 -2 අතර
ගත කිරිය යුතු කාලය : පැය 1 -2  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :
මුළු දුර : කිලෝමීටර් 40
ගතවන කාලය : විනාඩි 45ක්  පමණ + වනය තුලට ඇවිදීමට පැය 1 -2 අතර
ගත කිරිය යුතු කාලය : පැය 1 -2  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply