කහටගොල්ලැව ගල් පියුම ආරණ්‍ය සේනාසනය පුරාවිද්‍යා ස්ථානය (Archaeological Ruins at Kahatagollewa Gal Piyuma Monastery)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...

අනුරාධපුර කාලයේ  සිට මහරහතන් වහන්සේලා වැඩිසිටි මෙම පුරාණ භුමිය තිබෙන්නේ අනුරාධපුර දිස්තිරික්කයේ පදවිය මහා වනය මැද . මෙහි එකල නම ‘පන්නභරය‘ යැයි මෙහි හමුවී ඇති සෙල්ලිපි වලින් සනාථ වී තිබෙනවා. මෙම ගල් කඳුවැටිය වටා කටාරම් කෙටූ ලෙන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

නුතනයේ බික්ෂුන් වන්සේලා පනස් නමකට උවද වැඩිසිටිය හැකි ලෙස සැකසා ඇති කුඩා කුටි සහ ගල් කුටි මෙහි මෙහි තිබෙනවා. අද වනවිට විසිනමකට ආසන්න ස්වාමින් වහන්සේලා මේ ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ සිටිනවා. වල් සතුන් හා වල් අලින්ගෙන්  ගහන ස්වාභාවික අලංකාරයෙන් ඉතා පොහොසත් වට පිටාවක් සහිත මෙම ආරණ්‍ය සේනාසනය භාවනා යෝගී භික්ෂුන් වහන්සේලාට යෝග්‍යතම නිස්කලංක ස්ථානයක්.

මෙම සේනාසනය පිහිටලා තියෙන්නේ උස්වූ  ගල්තලාවක් මත. අදටත් මේ පුදබිමට ප්‍රවිෂ්ට වන්නේ වසර දහස් ගණනකට පෙර කපපු මේ ගල් පඩි  මතින්. නව සේනාසනය සදනවිට හමු වූ පුරා වස්තු මෙහි තැම්පත් කර තිබෙනවා. නමුත් මේ වනය මැද සැඟවුණු බොහෝ පුරාවස්තු ඇති.

මෙම ස්ථානයට ලඟා වීමට කැබිතිගොල්ලෑව සිට පදවිය පාරේ කිලෝමීටර 20ක් යන්න ඕන.  එතනින් දකුණු පැත්තට තියන වැලි පාරේ කිලෝමීටයක් විතර ගිහාම මේ සේනාසනයට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් එකදෙයක් මතක තබා ගන්න ඕන. මේක දැනටත් භාවනායෝගී භික්ෂුන් සිටින ස්ථානයක්. එම නිසා අපිත් ඒ විදිහට හැසිරෙන්න ඕන.

සම්බන්ධ වෙනත් පිටු

ගල් පියුම ආරණ්‍ය සේනාසනය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගල් පියුම ආරණ්‍ය සේනාසනය රියදුරු දිශාවන්

කැබිතිගොල්ලෑව සිට ගල් පියුම ආරණ්‍ය සේනාසනය
හරහා :පදවිය මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 21
ගතවන කාලය :විනාඩි 30
ගත කිරිය යුතු කාලය : පැය 1 – 1.5 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
© www.amazinglanka.com