පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන් – Padavisripura Kirigarunda Pilimaya Archaeological Site

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන් - Padavisripura Kirigarunda Pilimaya Archaeological Site
පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන්

පුජාවලියට අනුව නම් පදවිය වැව හදලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව  137-119 අතර කාලයදී. හෙන්රි පාකර් පවසන අන්දමට මෙම වැව හදලා තියෙන්නේ තුන්වන ශතවර්ෂය අග බාගයේදී. ඒ කියන්නේ ක්‍රිව 276-303 අතර රජකළ මහසෙන් රජතුමා. එක හේතුවක් තමයි ක්‍රිස්තු පුර්ව  කාලවලදී ලංකාවේ වාරි තාක්ෂනය මේ සා විශාල වැවක් සාදන්න තරම් දියුණු තත්වයක තිබුනේ නෑ කියන තර්කය. බ්‍රෝහියර්ද මේ උපකල්පනයට නැඹුරු වෙනවා. නමුත් ආචාර්ය පරණවිතාන මෙම වැව 6 වන ශතවර්ෂයේ චූලවංසයේ සඳහන් දෙවන මොග්ගල්ලාන රජතුමා (535-555) විසින් කරවන ලද දනවාපි  වැව බව විශ්වාස කරනවා. අවාසනාවට මේ වැවේ ආරම්භය පිලිබඳ නිශ්චිත සෙල්ලිපි කිසිවක් මේ ප්‍රදේශයෙන්  හමුවී නැහැ. වැව හා නටබුන් අසල ඇති පුවවරු සඳහන් කරන්නේ මේවා මහසෙන් රජතුමගේ කාලයේ සාදන බවයි.

1931 වසරේ ජන සංගණනයට අනුව නුවරකලාවිය ප්‍රදේශයේ සිටියේ වර්ග සැතපුමකට 21ක් දෙනෙකු පමණයි. නුවරකලාවියට  නුවර වැව, පදවිය වැව හා කලා වැව ප්‍රදේශ අයත් වෙනවා. 1950 දශකයේ මැද භාගයේ දී පදවිය වැව ප්‍රතිස්ථාපනය කිරීම හා පදවිය, පදවි පරාක්‍රමපුර සහ පදවි ශ්‍රීපුර ජනපදකරණ යෝජනා ක්‍රම පිහිටුවීමත් සමඟ කලාපයට නව ජීවයක්ලැබුණා.  1982 පමණ වන තෙක් මෙම ප්‍රදේශය යළිත් වරක් ප්‍රධාන වශයෙන් වී සහ අනෙකුත් ධාන්‍ය බෝග වගාවන් හා ගව පාලනයන්  තුළින් වර්ධනය වූ නමුත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් සංවර්ධනය අඩාලවූවා.  2009 යුද්ධය අවසන් වීමෙන් පසු යළිත් වරක් සහ ඒ අවට ජනාවාස නව බලාපොරොත්තු සමඟ වැඩි වීමට පටන් ගෙන තිබේනවා. 

පදවි ශ්‍රීපුර  තිබෙන්නේ පදවියට කිලෝමීටර 13ක් පමණ උතුරින්. මෙම ප්‍රදේශය අනුරාධපුර රාජධානිය පැවතුන කාලයේ ශ්‍රී විභූතිය පෙන්වන නටබුන් තවමත් දැකගන්නට තිබෙනවා. කාගේවත් අවධානය යොමුනූ එක් ස්ථානයක් ඕලුගම වැව ආසන්නයේ තිබෙනවා. අවාසනාවකට මෙම ප්‍රදේශයම කුඹුරු වලින් වටවෙලා. ඉතා කුඩා ප්‍රදේශයයි නටබුන් ඉතිරිවෙලා තියෙන්නේ.

මෙම කොටසේ පුරාන ගොඩනැගිල්ලකට අයත් වූ ගල්කණු තවමත් ඉතිරිවෙලා තිබෙනවා. එහි තිබෙන කිරිගරුඬ පිළිමයේ කොටසක් තුඹසක් තුලින් දැකගත හැකියි. ඊට අමතරව ක්‍ෂයවූ  මුරගලක් හා කොරවක්ගලක්ද මෙහි තිබෙනවා.

අනුරාධපුරයේ සිට ගියත් ත්‍රිකුණාමලයෙන් ගියත් මේක පැය 2ක විතර ගමනක්.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. Archaeological Remains at Deiyyanne-kanda, Padaviya  : L. A. Ādithiya The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland New Series, Vol. 13 (1969)
  2. A Ceylon Sportsman’s Diary: An Account of the Author’s Shooting Experiences  from 1909 – 1920 Inclusive By Harry Storey

සම්බන්ධ වෙනත් පිටු

පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

අනුරාධපුර සිට පදවි ශ්‍රීපුර කිරිගරුඬ පිළිමය පුරාවිද්‍යා නටබුන්
හරහා :මැදවච්චිය – කැබිතිගොල්ලෑව – පදවිය
මුළු දුර : කිලෝමීටර් 102
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com