කෝවිලක් බවට පත් වූ සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය (Somanuwara Sirimangalapura Gedige Archaeology Site)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ සේරුනුවර මාරගයේ සිරිමංගලපුර ප්‍රදේශයෙන් සිරිමංගලපුර වැව දෙසට යොමුවූ මාර්ගයේ කෙටිදුරක් ගමන් කලවිට හමුවන තෙමංසල පසුකොට කි.මී. 1ක් පමණ ගිය විට කුඩා ඇළ මාර්ගයක් හමුවෙයි. එය පසුකොට මීටර 300 ක් පමණ යන විට විදුලිවැට හමු වෙයි. එයද පසුකොට වනය තුලට තවත් මීටර 500ක් පමණ පිවිසි විට මෙම ස්ථානය හමුවෙයි. සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිමංගලපුර 217/පී ග්‍රාමසේවා වසමට අයත්ව සෝමාවතී වන රක්ෂිතයේ මෙම නටඹුන් වූ විහාරස්ථානය පිහිටා ඇත.

සේරුවිල ප්‍රදේශයේ ජනාවාස හා ඉදිකිරීම් වල ව්‍යාප්තිය පොළොන්නරුව යුගය දක්වාම පැවති බව කියාපෑමට මෙය ප්‍රභල සාක්ෂියකි. ගෙඩිගේ සම්ප්‍රධායට ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ආශ්‍රිතව අනුරාධපුර යුගයට අයත් ඇතැම් ඉදිකිරීම් වල සාධක හමුවෙයි. ගවේශණයට ලක්වූ සේරුනුවර ප්‍රදේශයේ පොළොන්නරුව යුගයට අයත් යැයි හඳුනාගතහැකි හමුවී ඇති එකම නටඹුන් ගොඩනැගිල්ල මෙය පමණි.

ගෙඩිගේ සම්ප්‍රධායට ගොඩනගා ඇති මෙම ගොඩනැගිල්ලේ ගර්භය සහිත කොටසේ ශිලා උළුවස්ස හා දෙපසබිත්ති හොඳින් හඳුනාගත හැකි ආකාරයට පවතී. නැගෙනහිර දෙසට විවෘත වන ලෙසට ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලේ දකුණු දෙසින් වූ ගඩොල් බිත්ති වල විහිදීම හොඳින් හඳුනාගත හැකි වෙයි. සෙ.මි. 56 ක් පමණ ඝණකමින් යුතු වන වට බිත්ති සහිත මෙහි ගර්භ ගෘහයේ පිටිපස කොටස විනාශ කොට ඇත. ඉදිරියේ සිට පිටුපසට මී. 1.10 ක් දිගින් යුතු ගර්භ ගෘහයේ බිත්ති වල පිටතට පැන්නූ ව්‍යාජ කුළුණු මගින් අලංකාර කොට ඇත.

භාහිර අ;අංකරණය සහිතව සැකසූ බිත්ති වල එම ලක්ෂණ දොරටුව දෙපස බිත්ති දෙකෙන් මනාව හඳුනාග හැක. මෙම ගොඩනැගිල්ල අවම වශයෙන් මී. 23 ක් පමණ දිගින් යුක්ත වෙයි. ශිලාමය උළුවස්ස සහිත දොරටුව දිගින් හා පළලින් මී. 1.65 x 0.9 පමණ වෙයි. දිග x පළල x උස සෙ.මී. 30 x 18 x 4 ප්‍රමාණයේ පොළොන්නරු යුගයට අයත්යැ‍යි සැලකියහැකි ගඩොල් මෙම ඉදිකිරීම සඳහා භාවිතාකොට ඇත. වැළි මිශ්‍රිත බදාමයක් ඉදිකිරීම් වලට යොදාගෙන ඇති අතර බිත්ති වල ඝණකම සෙ.මී. 75 ක් පමණ වෙයි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ලක්ෂණ පොළොන්නරුව අංක 01ශිව දේවාලයට හා තිවංක පිළිමගෙයට නෑකම් දක්වයි. ගොඩනැගිල්ලේ දොරටුව සහිත බිත්තිය උසින් මී. ක් පමණ වෙයි. ඇතුලත ඉහල කොටස ගල් පුවරු යොදා සිවිලිමක් ආකාරයට සකස් කොට ඇත.

මෙම ගොඩනැගිල්ල අසල පද්මපීඨය සහිත ශිලාමය පාදම් ගලක් දක්නට ලැබෙයි. බොහෝවිට එය හිටි පිළිමාවක් ප්‍රතිශ්ඨාපනය කල පද්මාසන ගල විය යුතුය. මෙම ස්ථානයේ දිග මී. 1.8 හා පළලින් මී. 0.2 ක් පමණ වන ශිලා කුළුණු රැසක් පවතී. සියුම් ආකාරයට නිමවා ඇති කුළුණු ලීස්තර යොදා අලංකාර ලෙස නිමවා ඇත. දොරටු සඳහා යෙදූ යටලිපත් රේඛාමය සරල කැටයම් මගින් පමණක් අලංකාර කර හැඩ ගැන්වූ ශිලා පුවරු ආදියද මෙම ස්ථානයේ පවතී.

ගොඩනැගිල්ලට ඊසාන දෙසින් මීටර 3 ක් පමණ ගැඹුරැති පොළොන්නරුව යුගයේ ගඩොල් භාවිතයෙන් ඉදිකරන ලද හරි හත්‍රැස් ලිඳක් හඳුනාගත හැක. මෙය සෙ.මී. 70 x 75 පමණ වෙයි. රේඛාමට කැටයම් සහිත ගල් පුවරු 4 ක් තබා ලිද සකසා ඇත.

මෙම ගොඩනැගිල්ලෙ බිත්ති ඉතා උස්ව ඉදිකොට තිබෙන්න ට ඇත. නමුත් පසුව ඒවා කඩාවැටීමකට හෝ විනාශකිරීමකට ලක්වන්නට ඇත. ඒවාට අයත් ගඩොල් බිත්ති පාමුල ගොඩගැසී ඇත. මෙම ස්ථානයට මීටර 300 ක් පමණ නැගෙනහිර දෙසින් ශිලා ස්ථම්භ හා පුවරු මෑත කාලීනව එක් රැස් කොට ඇති ස්ථානයකි. එසේම මෙම නටඹුන් ගොඩනැගිල්ලට මීටර 150ක් පමණ දුරින් පොකුණක් වැනි ස්ථානයක් හඳුනාගත හැකි අතර එය වටා වක්‍රාකාරව උස් බැම්ම්මක් ආකාරයට විහිදී යන උස් ප්‍රදේශයක්ද හඳුනා ගත් හැක. බොහෝ විට අනුරාධපුර යුගයේ ඉදිකරන්නට යෙදුනු මෙම විහාරයේ පොළොන්නරුව යුගයේදී ගෙඩිගේ සම්ප්‍රධායට විහාර ගෙයක් ඉදිකරණු ලබන්නට ඇත. එසේම අනුරාධපුර හා පොළොන්නරුව යුග දෙකේදීම මෙම විහාරය වැඩගත් බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් පවතින්නට ඇත. එනමුත් දඹදෙණිය යුගය පමණ වන විට මෙම ප්‍රදේශ වල දමිළ ජනයා ජීවත් වූ බවට ඓතිහාසික මූලාශ්‍ර වල කරුණු හමු වෙයි. ඇතැම්විට එම අවධියේදී මෙම ස්ථානයේ කෝවිලක්ද ඉදිකෙරෙන්නට ඇත. එබැවින් මෙම ස්ථානය පිළිඹඳ නිසි අර්ථදැක්වීමක කිරීමට නිසි පුරාවිද්‍යා කැණීමක් සිදු කළ යුතු වෙයි.

වර්ථමානය වනවිට මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට නම්කොට ඇත.

සම්බන්ධ වෙනත් පිටු

සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය නටබුන්  රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : කින්නියා – මුතූර් – සෝමපුර
මුළු දුර : කිලෝමීටර් 70
ගතවන කාලය :පැය  1.30
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply