සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය (Seruvila Samagipura Archaeology Site)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාර් මංසන්දියෙන් නීලපොල මාර්ගයේ කි.මී. 12 ක් පමණ ගියවිට හමුවන බුද්ධ ප්‍රතිමාව සහිත මංසන්දියෙන් වම් අතට සමගිපුර ග්‍රාමය දෙසට කි.මී. 1.5 ක් පමණ ගියවිට මෙම ස්ථානයට ලඟා විය හැක. මෙම නටඹුන් පිහිටි ස්ථානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 217 සී සමගිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇත.

පුද්ගලික ඉඩමකට පිවිසෙන පටු මගක් අසල අක්කර 1 1/2 ක පමණ කෙසෙල් වගාව සහිත භූමිබාගයක් පුරා මෙම නටඹුන් විසිර පවතී. මෙහි එක් ස්ථානයක් ඉපැරණි චෛත්‍යක් යැයි සැලකිය හැකි ගඩොළු සහිත ගොඩැල්ලකි. ඒම ස්ථානය වටා තවත් ගොඩනැගිලි කීපයකට අයත් ඉදිකිරීම් පවතින අතට ඒවාට අයත් ගල් කණු හා පාදම්ගල් ඒ අවට බොහෝ ස්ථාන වල පවතී. එහි තවමත් මුල් ආකරයටම සෘජුව පවත්නා ගල් කණු 15 ක් පමණ දක්නට ලැබෙන අතර ඒවා මීටර 1 ක පමණ උසකින් යුක්තවෙයි. මීට අමතරව පෙරලී ගිය තවත් ශිලා පලක බොහෝ වෙයි.

සමස්ථයක් වශයෙන් ගත් කල චාම් ඉදිකිරීම් හා ශිලා නිර්මාන ලක්ෂණ සහිත මෙම ඉදිකිරීම් නිසැකවම අනුරාධපුර යුගයට අයත්වනවාට සැක නැත. මේ වනවිට මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට නම්කොට ඇත.

සම්බන්ධ වෙනත් පිටු

සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : කින්නියා – මුතූර්
මුළු දුර : කිලෝමීටර් 47
ගතවන කාලය :පැය  1.15
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply