මහනුවර දොඩන්වල අම්බලම (Dodanwala Ambalama, Kandy)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.67 out of 5)
Loading...

පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්.  වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා.  ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.

ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

අද හමුවන අම්බලම් බොහොමයක් නුවර රාජධානි කාලයේ නිර්මාණය කල ගොඩනැගිලි. සමහර අම්බලම් කාගෙවත් පිහිටක් නොමැතිව විනාශ වෙමින් පවතිනවා එහෙමත් නැත්නම් දැනටමත් විනාශ වෙලා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද අම්බලම් බොහොමයක්ද පවතිනවා. මහනුවර දොඩම්වල ප්‍රදේශයේ දොඩම්වල අම්බලම මෙසේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ඇස  ගැටුන අම්බලමක්.

දොඩම්වල අම්බලම කුඩා සතරැස් අම්බලමක්. අඩි  2ක් පමණ උස ශෛලමය කණු පාදමක් මත සතරැස් කුළුණු 4ක් නංවා ඒමත තැබූ ලී බාල්ක 4ක් මත වහලය රඳවා තිබෙනවා.  වහලය පැති සතරක්. මුදුනේදී ආනතිය වැඩිකොට තිබෙනවා. ආනතිය වැඩි කොටසේ පමණක් පෙති උළු භාවිතා කොට තිබෙනවා. ආනතිය අඩු කොටසේ භාවිතා කර තිබෙන්නේ සිංහල උළුයි.

ගල්කණු පාදම් අතර ඉතා සොදින් මට්ටම් කල ගල් කුට්ටි තබා ඒමත තිරස් අතට ගල් ලැලි අසුරා හිඳ ගැනීමට සකස්  කොට තිබෙනවා. මීට අමතර මෙහි වෙනම කොට්ටපිලක් සාදලා නැහැ; මෙහි ගලින් නිමකළ පිල්හි විශේෂත්වය තමයි මේවා සාදා තිබෙන්නේ මට්ටම් 3කට අම්බලමට ඇතුල් වීමට ඇති දිශාවේ පිළ ඉතා කොටයි. ඉන් දෙපස ඇති පිල් ඊට වඩා අඟල් 5ක් පමණ උස් කොට සාදා තිබෙනවා. පිටුපස පිල දෙපස ඇති පිල්  වලට වඩා තවත් අඟල් 5ක් පමණ උස් කොට සාදා තිබෙනවා. මෙසේ වෙනස් උසට තැනූ පිල් මෙම කාලයේ අම්බලම් වල සුලබ දර්ශනයක්. මීට හේතුව එකල තිබූ කුල භේදයයි. ඉහල කුලයේ අයට උස් ආසනත් අඩු කුලයේ යට මිටි ආසනත් තැබීම මෙකල සාම්ප්‍රදායක්.

මෙම අම්බලමේ  එක ගල්කණු පාදමක පිට පැති  දෙකක සිංහල අක්ෂරයෙන් අම්බලමේ ගොඩනැගීම වාර්තා කරනවා. ඒ අනුව මෙම අම්බලම ගොඩනගා තිබෙන්නේ 1875 දී පුද්ගලික දානපතියෙකුගේ අනුග්‍රහයෙන්.

මෙම අම්බලම 2022 සැප්තැම්බර් 30 වන දින ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

සම්බන්ධ වෙනත් පිටු

මහනුවර දොඩන්වල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මහනුවර දොඩන්වල අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට දොඩන්වල අම්බලම දක්වා
හරහා : ශ්‍රී ධර්මරතන මාවත ඔස්සේ
මුළු දුර :කිලෝමීටර 2
ගතවන කාලය  : විනාඩි 10
ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com