නිදන් හොරුන්ට බිලිවූ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි රතුගල නටබුන් (Buddhist Ruins at Trincomalee Kumpurupiddi Redrock)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Lakmal K. Baduge
By Lakmal K. Baduge

බැස යන හිරුගේ රතු පැහැ කිරණ සමුදුර මත පතිතව දා ගැබ පිහිටි ගල් තලාව සහිත කදු මුදුනත සිප ගනුයේ කුඹුරුපිඩ්ඩි වෙරළ තිරය තුල මනස්කාන්ත දසුනක් මවමිනි. අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සිතිය හැකි දාගැබ පිහිටි ගොඩැල්ල සහිත උස් ගිරිහිස ඉන්දිය සයුර පිස හමා එන ලවණ මුසු සුළගින් නැහැවෙයි.

ත්‍රිකුණාමලය නිලාවෙලි පාරේ කුඹුරුපිඩ්ඩි රෙඩ් රොක්ස් තුඩුවේ නටඹුන් සහිත මෙම ස්තානය පිහිටා තිබේ.

සයුර දෙසට පැතිර පවතින විශාල ගල් තලාවක් සේ විහිදෙන ගිරි මුදුනතේ එක් පසෙකට වන්නට දා ගැබ් ගොඩැල්ල පිහිටා ඇත. කුමන කාලයකදි කුමන යුගයක බලයේ සිටි නිරිදෙකු විසින් කරවන ලද්දක්ද යන්න පිළිබදව තොරතුරු කිසිවක් සොයා ගත නොහැකිවු අතර මෙම වෙරළ තිරය ආශ්‍රීතව මෙම ස්ථානය මුහුදට ආසන්නයේ පිහිටිම නිසාත් අවට සමුද්‍ර විහාර කිහිපයක් පෙර රජ දවස ඉදිව තිබිමෙන් මෙම ස්ථායේ පවතින ගඩොලු ස්ථරය එම කාලයේදි ඉදිවු දා ගැබක අවශේෂ බව සිතිය හැකිය.

නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශවි ඇති මෙම දා ගැබ් ගොඩැල්ල මධ්‍යට වන්නට අනවසර කැණීමක් කර තිබේ. අඩි හතර හමාරක් පමණ විෂ්කම්භය සහිතව අඩි 15 ක පමණ ගැඹුරට දා ගැබ හාරා ඒ තුල පිහිටි ගඩොලු රැසක් ඉවත් කර දමා ඇත. දා ගැබ් ගොඩැල්ල වටා නිධන් සොරුන් විසින් කල කැණීමෙන් ඉවත් කෙරුණු ගඩොලු ඒ අවට විසිර පවති. එමෙන්ම විවිධ වර්ගයේ පාෂාණ රැසක අවශේෂයන් කිහිපයක්ද දක්නට ලැබේ. ඒ අවට තිබි වෙනත් නටඹුන් කිසිවක් හමු නොවිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානයේ මායිම් සළකුණු කර කණු සිටුවා ඇතත් දා ගැබ සහිත බිම තුල කම්බි කණු සිටුවා ඉඩම් කොටස් වෙන් කර ගෙන ඇති බව පෙනි යයි. දා ගැබ් ගොඩැල්ලට මිටර් 100 ක් පමණ පහලින් වෙරළ සිමාවේ සත්ව ව්‍යාපාරිකයකු විසින් ඉදිකරනු ලැබු සංචාරක නවාතැන් පලක් වැනි ඉදිකිරිමක් දක්නට තිබේ. එය අනවසර ඉදිකිරිමක් බවත් එකි ඉදි කිරිම සම්බන්ධව කුච්චවේලි පොලිසියට පවා පැමිණිලි කර ඇති බවත් කෙසේ වෙතත් එකි ඉදිකිරිම තවමත් නිරුපද්‍රිතව පවතින බව පුජ්‍ය කැප්පෙටියාවේ අරණ විහාරි හිමියන් අවධාරණය කරයි.

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි රතුගල නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි රතුගල නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  කුඹුරුපිඩ්ඩි රතුගල නටබුන් දක්වා
හරහා : නිලාවේලි – කුච්චවේලි
මුළු දුර : කිලෝමීටර් 25
ගතවන කාලය :විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply