උඩුනුවර වේගිරිය අම්බලම (Udunuwara Wegiriya Ambalama)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 4.33 out of 5)
Loading...

අම්බලම යනු පුරාණ  ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට, වෙළෙඳුන්ට සහ සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදිකරන ලද පොදු සථානයි.  මෙසේ ගමන්බිමන් යාමේදී දින ගණනාවක් තිස්සේ මාර්ගයන්හි ගමන් කිරීමට ඔවුනට සිදු උනා.  එසමයෙහි වෙහෙස නිවා ගැනීමටත්, රාත‍්‍රිය ගත කිරීමටත් පුරාණ මාර්ග කේන්ද්‍ර කරගනිමින් අම්බලම් ඉදිඋනා.

සංචාරකයින්ගේ ප්‍රයෝජනය සඳහා මෙම අම්බලම්  ගොඩනැගීම පුණ්‍ය ක්‍රියාවක් බවත් ඒවා අපවිත්‍ර කිරීම සමාව දිය නොහැකි පාපයක් බවත් පැරැන්නෝ විශ්වාසකළා.  ඒ සමගම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ, අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

පේරාදෙණිය – ගම්පොල මාර්ගයේ කිලෝමීටර 6ක් පමණ ගමන් කල විට ගෙලිඔය ප්‍රදේශය හමු වෙනවා. ගෙලිඔය ටවුමේ සිට බූවැලිකඩ මාර්ගයේ කිලෝමීටර 3.5ක්  පමණ ගමන් කරන විට දස්කර ග්‍රාමයට ලඟා වෙනවා. දස්කර ග්‍රාමයේ වම් අත දෙසට වේගිරිය වේගිරිකන්ද රජමහා විහාරය හා පුරාණ නාථ දේවාලයට ඇති මාර්ගය සලකුණු කරතිබෙනවා.  මෙම මාර්ගයේ මීටර 850ක් ගියතැන ගල්කොණ පුරාණ  බෝධිය හා සම්බන්ධව ගල්කොණ  අම්බලම පසු වෙනවා. මෙම අම්බලම පසුකොට තවත් කිලෝමීටරයක් ගියතැන වේගිරිය අම්බලම හමු වෙනවා.

මෙම අම්බලම සැදීමට විශාල සතරැස්  ගල් කුළුණු හතරක් මත කොස් දැවයෙන් සැකිල්ලක් සාදා  ඒ මත වහලය රඳවා තිබෙනවා. මෙහි ගල් කණුවක් අඩි දහයක් පමණ උසයි. වහලේ පරාල එක්රැස් වන දැව  මඩොල් කුරුපාව දැකුම්කළු පියුමකින් සරසා තිබෙනවා.

මෙම අම්බලමේ බිත්ති අසුන් ගත හැකි ලෙස නිමවා තිබෙනවා. මෙහි දොරටුව තිබෙන්නේ දකුණු දෙසට. දොරටුව ඉදිරියේ උතුරු දිශාවේ බිත්තිය අඩි 3.0 පමණ උසින් පිහිටා තිබෙනවා. ආමි බිත්තිය අඩි 2.5 පමණද දකුණේ බිත්තිය අඩි 1.5 පමණද උස වෙනවා. මෙසේ වෙනස් විසින් ආසන පෝරු නිමවීම නුවර යුගයේ බොහෝ අම්බලම් වල දැකිය හැකි විශේෂත්වයක්. මෙය එකල කුල ක්‍රමය අනුව අසුන් ගැනීමේ සම්ප්‍රදායට වෙනස් උසින් සෑදූ ආසන පද්ධතියක්.

මෙහි වහලය මහනුවර අම්බලම්වල පවතින සාම්ප්‍රදායික ක්‍රමයට මැදින් ආනතිය වැඩිවන ලෙස නැමී තිබෙනවා. මෙම අම්බලමේ වහලයට අල්ලා ඇත්තේ රට උළුය. මෙය පසු කලක කල පිළිසකර කිරීමක ප්‍රතිපලයක් වන්නට පුළුවන්.

මෙම ප්‍රදේශයේ දක්ෂ වේද මහතෙකු වන ජිනදාස විසින් මෙම අම්බලම 1925 ජනවාරි 13 වන දින සදා නිමකර බව වහලයේ ඇති බාලකයක සටහන් කර තිබෙනවා. මෙම අම්බලම පවතින ස්ථානයේ දැවයෙන් කල අම්බලම ඊට පෙර පවතී බව ගමේ වැඩිහිටියන් පවසනවා.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.

සම්බන්ධ වෙනත් පිටු

උඩුනුවර වේගිරිය අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

උඩුනුවර වේගිරිය අම්බලම දිශාවන්

පේරාදෙණිය සිට උඩුනුවර වේගිරිය අම්බලම
හරහා : ගෙලිඔය – දස්කර
මුළු දුර : කිලෝමීටර 13
ගතවන කාලය  : විනාඩි 30
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply