ගලගෙදර කුඹුරේගම වෙලමැද අම්බලම (Kumburegama Welamada Ambalama in Galagedara)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 4.67 out of 5)
Loading...

පැරණි මහනුවර – කුරුණෑගල මාර්ගයේ පැවති අම්බලම් අතරින් දැනට ශේෂ වී ඇති අම්බලම් අතරින් සුවිශේෂී වූ අම්බලමක් ලෙස කුඹුරේගම වෙල මැද අම්බලම පෙන්වා දිය හැකිය. ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරේගම ගම්මානයේ පිහිටි මෙම අම්බලම අරඹේකඩේ – හරංකහව බොක්කාවල දක්වා ඇති මාර්ගයේ ගමන් කර කුඹුරේගම මංසන්ධියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 1 පමණ ගිය පසුව අම්බලම හමුවේ.

ගලගෙදර කන්දේකුඹුරේ අම්බලම හා අත්තරගම අම්බලම අතර පිහිටි මෙම අම්බලම කුඹුරේගම වලව්වේ විසූ කෝරලේ මැතිතුමා සිහිවීම පිණිස ඔහුගේ පුත්‍රයා වූ ගුණ බණ්ඩාර මහත්මයා විසින් ඉදිකරන්නට ඇති බව සැලකිය හැකි ලේඛනයක් අම්බලමේ දැව පරාලයක කොටා ඇත.

අද වන විට ගම්වාසීන්ගේ දායකත්වය මත මෙම අම්බලම සංරක්ෂණය කර ඇත. අම්බලම තුළ පැවති දැව පරාලයේ සදහන් වූයේ මෙවැන්නකි.

ක්‍රි.ව. 1896 අප්‍රියෙල් මස සෙදු දින පරලේකප්‍රාප්ත වූ මැ කුඹුරේගම ලොකු කෝරලේ මැතිතුමානන් සිහිවීම පිණිස තත් පුත ගුනපුබණ්ඩාර මහත්මයා විසින් මේ අම්බලම 1912 ජූනි මස 05 දින කරවා නිමවන ලදී ” යනුවෙනි ..

සටහන : විශ්ව ශ්‍රි ජයසිංහ

සම්බන්ධ වෙනත් පිටු

ගලගෙදර කුඹුරේගම වෙලමැද අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගලගෙදර කුඹුරේගම වෙලමැද අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට කුඹුරේගම වෙලමැද අම්බලම දක්වා
හරහා :උඩුවාවල
මුළු දුර :කිලෝමීටර 17
ගතවන කාලය  : විනාඩි 40
ගතකල යුතු කාලය : විනාඩි 15  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply