කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය( Kanthale Sri Agbo Rajamaha Viharaya Archaeological Site)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 2.50 out of 5)
Loading...
කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය - Kanthale Sri Agbo Rajamaha Viharaya Archaeological Site
කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය – Kanthale Sri Agbo Rajamaha Viharaya Archaeological Site
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

කන්තලේ ත්‍රිකුණාමලය මාර්ගයේ 96 මංසන්දියෙන් දකුණතට දිවෙන තිස්සපුර මාර්ගයේ කි.මී. 1.5 ක් පමණ ගිය පසු හමුවන යුධ හමුදා කඳවුර අසලින් වමට දිවෙන මාර්ගයේ මීටර 500 ක් පමණ ගියපසු ඉපැරණි නටඹුන් පිහිටි මෙම විහාරස්ථානය හමුවෙයි. තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 228 ජී මොල්ලිපොතාන උතුර ග්‍රාමසේවා වසමේ මෙම ස්ථානය පිහිටයි.

මෙම විහාරයේ දැනට පෙනෙන්නට ඇති සාධක අනුව නිසැකවම මෙම විහාරය අනුරාධපුර යුගයේ මුල් සමයට අයත් වනවාට සැක නැත. විහාර භූමියේ උතුරු දිශාවට වන්නට ගොඩනැගිලි කීපයකට අයත් නටඹුන් හා ගල් කණු හඳුනාගත් හැක. ඉපැරණි සෑයකට අයත් ගරාවැටුණු ගඩොළු හා පස් සහිත ගොඩැල්ලක් හා ඒ අශ්‍රිතව තවත් ගොඩනැගිල්ලක නටඹුන් ද මෙහි දී හඳුනාගත හැක.

එසේම කැඩී බිඳී ගිය කුඩා ප්‍රමාණයේ ශිලාමය බුද්ධ ප්‍රතිමාවක කොටස් හා රජ කෙනෙකුගේ හෝ බෝධිසත්වවරයෙක් ගේ යැයි සැලකිය හැකි ප්‍රතිමාවක කොටස් මෙම ස්ථානයේ දී දැකිය හැක. තවද ගොඩනැගිලිවල පාදම් ගල් හා වෙනත් ශිලාමය ඉදිකිරීම් වල අවශේෂ විහාර භූමියෙ තැන් තැන්වල විසිරී පවතී.

වර්ථමානය වනවිට පසුව ඉදිකෙරුණු විහාරස්ථානයේ බොහෝ සංවර්ධන කටයුතු සිදුකොට ඇති අතර විහාරගෙය, ආවාස ගෘහය හා ප්‍රාකාරය සහිත බෝධි මලුවේ ඉදිකිරීම් අවසන් කොට ඇත. තවමත් මෙම විහාරස්ථානය තුල විදිමත් පුරාවිද්‍යා ගවේශණයක් සිදුකොට නොමැති අතර මනා ගවේශණයකින් තවත් වැදගත් තොරතුරු රැසක් සොයාගැනීමට හැකිවනු ඇත. එසේම ඇතැම් අවස්ථාවලදී විහාරස්ථානය වටා පදිංචිව සිටින අන්‍ය ආගමිකයන් නිසා විහාර භූමිය සම්භන්ධව ගැටළුද මතුවී ඇත.

චායාරූප : පහත දක්වා ඇති වීඩියෝවෙන්

කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

හබරණ සිට ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා : තිකුණාමලය මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 62
ගතවන කාලය : පැය 1 විනාඩි 15 පමණ
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply