මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් (Sugandhipuram Archaeological Ruins in Mulativu)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...
නිදන් සොරුන් විසින් විනාශ කොට ඇති ස්තූප ගොඩැල්ල - මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Sugandhipuram Archaeological Ruins in Mulativu
නිදන් සොරුන් විසින් විනාශ කොට ඇති ස්තූප ගොඩැල්ල – මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් – Sugandhipuram Archaeological Ruins in Mulativu
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) ග්‍රාමය පිහිටා ඇත්තේ මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. පරන්තන් සිට පුතුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 24.5ක් ගමන් කර තැන සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) හන්දියට පැමිණිය හැක. පුතුකුඩුරිප්පු සිට මෙම මංසන්ධියට දුර කිලෝමීටර් 10ක් වේ. එම මංසන්ධියේ සිට සුගන්ධිපුරම් කොලනිය දෙසට කිලෝමීටර 6ක් පමණ ගමන් කල විට සැටලයිට් හංදිය ලෙස හඳුන්වන මංසන්දියෙන් වමට ඇති 16වන ආධාරක කාලතුවක්කු රෙජිමේන්තු කඳවුර මාර්ගයේ කිලෝමීටර 2.5ක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම් පසට මුහුණලා මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබේ.

මෙම මාර්ගය අසලින්ම වම් පසින් මීටර් දෙකක් පමණ උස්වූ දාගැබ් ගොඩැල්ලක් දක්නට ඇත. මෙහි විෂ්කම්භය මීටර් 10 පමණ වේ. දාගැබ් ගොඩැල්ල මධ්‍යයේ මීටර් 3×3 පමණ වූ වලක් මීටරයක් පමණ ගැඹුරට නිදන් සොරුන් සාරා ඇත. මෙය තුළ ගඩොල් වැටි දහයක් පමණ දක්නට තිබේ. මෙම ගොඩැල්ලට උතුරින් මාර්ගයේ අනිත් පස මීටර 50 ක පමණ විශ්කම්භයකින් යුත් පොකුණක් ලෙස අනුමාන කළ හැකි ස්ථානයකි.

දාගැබ් ගොඩැල්ලට මීටර විස්සක් පමණ බටහිරින් කුඩා ගල් කණු සහිත ගොඩැල්ලක් දක්නට ලැබේ. මෙම ස්ථානයද නිදන් හොරුන් විසින් කැණීම් කොට ඇති අතර එම ගොඩැල්ලට අයත් බැම්මක අවශේෂ කොටස් දක්නට ඇත.

මෙම ස්ථානයේ මතුවී ඇති බොහෝ ගල්කණු කොටස් පසින් යට ව තිබී නිධන් හොරුන්ගේ කැණීම් වලින් මතු වී ඇති බව පෙනේ.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි108-110
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පරන්තන් සිට මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : පුතුකුඩුරිප්පු පාර
මුළු දුර : කිලෝමීටර් 31
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply