සේරුනුවර නීලපොල ට්‍රැක් 14 බෞද්ධ පුරාවිද්‍යා නටබුන් (Serunuwara Neelapola Track 14 Buddhist Ruins)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

මෙම නටඹුන් පිහිටි ස්ථානය සේරුනුවර හා මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවේ නීලපොල ග්‍රාමසේවා වසමේ ට්‍රැක් 14 කුඹුරු ඉඩමේ, දෙහිවත්ත නීලපොල රජමහා විහාරයේ සිට කි.මි. 1 කට මදක් දුරින් තරමක් වයඹ දෙස වන්නට කුඹුරු යාය මැදට වන්නට පිහිටයි. මෙහි ලඟාවීමට පහසුම මග නීලපොල රජමහ විහාරය පසුකොට තවත් මීටර 500 ක් පමණ ගොස් එතැන් සිට වගා ඇල ඔස්සේ දිවෙන මගෙහි ඊසාන දෙසට මීටර 600 ක් පමණ කුඹුරු යාය මැදින් ගමන් කිරීමයි.

සැබැවින්ම මෙම ස්ථානය තරමක් විශාල දාගැබක නටඹුන් සහිත ඉතා වැදගත් නටඹුන් භූමියකි. සමස්ථයක් ලෙසට ගත්කල අක්කර 1.5 ක පමණ භූමිභාගයක් පුරා මෙහි නටඹුන් විසිර පවතී. මෙහි දාගැබ අඩි 5 ක් පමණ ගැඹුරට නිධන් හොරුන් විසින් හාරා විනාශකොට ඇත. පඳුරු වලින් වැසී ගොස් ඇති පස් හා ගඩොළු ගොඩක් බවට දැනට පත්ව ඇති මෙම දාගැබෙහි ආනති උස අඩි 15 ක් පමණ වෙයි. නිධන් හොරුන් හාරා ඇති වලෙහි ගැඹුරට ගඩොල් ස්ථර දක්නට ලැබෙන අතර විශාල ප්‍රමාණයේ පැතලි ගඩොල් අවට විසිරී පවතී.

මීට අමතරව ටැම්පිට විහාර ගොඩනැගිල්ලකට හෝ වෙනයම් ගොඩනැගිල්ලකට අයත් කෙටි ගල්කණු 12 ක් පමණ සහිත ගොඩැල්ලක් මෙහි දක්නට ලැබෙයි. එසේම තවත් පෙරලී ගිය ශිලා කුළුණු කීපයක්ම ඒ අවට දක්නට ලැබෙයි. නටඹුන් පිහිටි ස්ථානයට දකුණින් මීටර අඩි 75-150 ත් අතර තුර කුඹුරු ඉඩම්වල ඔවිටි වල උළු, මැටි බඳුන්වල බිඳී ගිය කොටස් විශාල ලෙස දක්නට ලැබෙයි. මෙහි ඇති ඉදිකිරීම් වලට අනුව නිසැකවම මෙම ස්ථානය අනුරාධපුර මුල්යුගයේදී ඉදිකෙරෙන්නට ඇති බව සැක නැත.

සම්බන්ධ වෙනත් පිටු

නීලපොල (ට්‍රැක් 14) බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නීලපොල (ට්‍රැක් 14) බෞද්ධ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පරන්තන් සිට නීලපොල (ට්‍රැක් 14) බෞද්ධ පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : පුතුකුඩුරිප්පු පාර
මුළු දුර : කිලෝමීටර් 48
ගතවන කාලය : පැය 1 විනාඩි 15 පමණ
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply