නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් (Archaeological Ruins in the 9th Gajaba Regiment Head Quarters at Nelumwewa, Welioya)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

නම වන ගජබා රෙජිමේන්තු මූලස්ථාන භූමිය පවතින්නේ වැලිඔය කිරිඉබ්බන්වැව ප්‍රදේශයෙන් නෙළුම්වැව යයි හඳුන්වන පුරාණ වැව් කර්මාන්තය ඉදිරියේය.

මෙහි ඇති බෝධි වෘක්ෂය වටා පුරාණ බෝධිඝරයට අයත් ගල්කණු කිහිපයක් දැකගත හැක. මේවයින් සමහරක් වෙනස් ස්ථානයකින් ගෙන පැමිණ ඇති බව සඳහන් වූවත් ඒවා ගෙන ආවේ කුමන ස්ථානයකින්ද යන්න සඳහනක් නොමැත. බෝධිඝරයෙන් පිටත මුල් වලින් හා පසින් වැසුනු ගල් කණු කිහිපයක්, කොරවක් ගලක් හා පියගැට පෙළක සාධක දැකගත හැක. මේවයේ ලක්ෂණ අනුව මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් බවත් නිර්මාණය කළ හැක.

බෝධිඝරය මධ්‍යයේ ශෛලමය සමාධි බුදු පිළිමයක් දක්නට තිබේ. මෙම පිළිමය අක්කරවල්ලි නම් ස්ථානයෙන් ගෙන ආ බව සදහන් වේ. අක්කරවල්ලි අනුරාධපුරයට අයත් පුරාණ සංඝාරාමයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම බුද්ධ ප්‍රතිමාව හමුවන විට කොටස්වලට කැඩී තිබී ඇති අතර සිමෙන්ති යොදා එය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බව පෙනේ.

මෙම භූමිය තරමක් දුරින් ඇති ගල් කුලක පුරාණයේ ගල්කොරියක් පවත්වාගෙන සලකුණු දක්නට තිබේ. මෙහි ඇති ගල් කටු ලක්ෂණ අනුව මෙම කොරිය අනුරාධපුර අවධියට අයත් බව නිර්ණය කළ හැක.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි127-128
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පදවිය සිට නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 26
ගතවන කාලය : විනාඩි 40
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)