පදවිය සිට වැලිඔය දක්වා ඇත්තේ කිලෝමීටර 13ක පමණ දුරකි. කොටි ත්‍රස්තවාදී සමයේදී වැලිඔය නිතර ත්‍රස්තවාදී ප්රහාරයන්ට ලක්වූ පෙදෙසෙකි.
වැලිඔය මා ඔය හරහා ඇති පාලම පසු කල විගස මාර්ගයෙන් දකුණු අත දිශාවේ වැලිඔය මහා සෑය විහාරය දැකගත හැක. මෙහි වයඹ දෙසට විවෘත වූ කටාරම් සහිත තරමක් විශාලවූ ලෙනකි. ප්‍රදේශය පුරා මැටි බඳුන් හා ගඩොල් කැබලි විසිරී පවතී. මෙය අනුරාධපුර මුල් අවධියට අයත් ස්ථානයක් ලෙස හැඳින්විය හැක.
මෙම ලෙනට පිටුපස භූමියේ පුරාණ ගල් කොරි කිහිපයක් පවතී. මෙහි විශාල ගල් කුට්ටි කිරීමට භාවිතා කල ගල්කටු සලකුණු අනුව මේවා අනුරාධපුර යුගයට අයත් බව නිර්ණය කල හැක. මෙම ගල්කොරි අතර භාවිතයට නොගත් ගල් කුට්ටි කිහිපයක් පවතී. මෙම විහාරය අවට ශෛලමය ගොඩනැගිළි හෝ වෙනත් ශෛලමය නිර්මාණ දක්නට නොලැබෙන බැවින් මෙහි කුට්ටි කරන ලද ගල් වෙනත් ස්ථානයක අවශ්‍යතාවයන් භාවිතා කොට ඇති බව පෙනේ.
මෙම ස්ථානයට කිලෝමීටරයක පමණ දුරින් මා ඔය හරහා බැඳ තිබූ පුරාණ වන්නඩි පාලම (වන්නඩි අමුණ) නටබුන් හමුවේ. එය ගින් මීටර් 200ක් පමණ වේ. පළල මීටර නමයක් පමණ සහ උස ආසන්න වශයෙන් මීටර 2.5–3 අතර වේ. වන්නඩි පාලම සෑදීමට භාවිතා කල ගල් කුට්ටි හා මෙම කොරියේ ගල්කුට්ටි සමානතාවයක් පෙන්වන බැවින් මෙම ස්ථානය වන්නඩි අමුණ සෑදීමට ගල් කුට්ටි සැපයූ ස්ථානයක් ලෙස හඳුනා ගැනීමට හැක.
මූලාශ්‍ර :
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි167-168
- 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka.
- Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].
සම්බන්ධ වෙනත් පිටු
වැලිඔය මහා සෑය පුරාවිද්‍යා නටබුන්පුරාවිද්යා නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
වැලිඔය මහා සෑය පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්
පදවිය සිට වැලිඔය මහා සෑය පුරාවිද්‍යා නටබුන් දක්වා |
හරහා :පරාක්රමපුර මුළු දුර : කිලෝමීටර් 13 ගතවන කාලය : විනාඩි 20 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |