කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් මතුවුණු වැලිඔය නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.00 out of 5)
Loading...

මුලතිව් දිස්ත්‍රික්කයේ නිකවැව වැලිඔයට කිලෝමීටර කිහිපයක් උතුරින් පිහිටි දුෂ්කර කෘෂි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ ගොවිතැන් පෝෂණය වන්නේ නික වැවෙන් හා නිල්පොකුණ වැවෙනි. නිකවැව දකුණ ප්‍රදේශය වසර දහස් ගණනක් තිස්සේ වනයෙන් වැසුණු විශාල වන ප්‍රදේශයකි.

යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් ඇතිවිය හැකි මුලතිව් දිස්ත්රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. මේ අතර නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් එහි සඳහන් වේ. එම ස්ථාන පහත දැක්වේ.

පහත සඳහන් ස්ථානයන්හි GPS ස්ථාන පහත ගූගල් සිතියෙමෙන් බලා ගත හැක.

වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය (Wediwettukallu South Archaeological Site with a Image House)

යෝජිත කිවුල් ඔය ජලාශයේ ඉහළ කෙළවරෙහි මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත. වර්තමානයේ උස් බිමක් ලෙස පෙනෙන්නට ඇති මෙම ස්ථානය පස් කැපීම නිසා එම තත්ත්වයට පත්ව ඇත. ගල් කණු 4 බැගින් සිටින ලෙස සකස් කරන ලද මෙම පිළිමගෙයි මධ්‍ය නිදන් හොරුන් විසින් දැනට වසර කීපයකට පෙර හාරා ඇත. මෙම පිළිම ගෙය දිගින් මීටර් 38ක් සහ පළලින් මීටර 8ක් වන ගොඩනැගිල්ලකි.

වැඩි විස්තර මෙම පිටුවෙන් ↗️

නිකවැව පුරාවස්තු විසිරුන පැරැණි ජනාවාසය (Nikawewa Ancient Settlement Ruins)

මෙම ස්ථානය  යෝජිත  කිවුල් ඔය ජලාශ බැම්ම ඉදිවන ප්‍රදේශයේ පිහිටා ඇත. මෙහි විශ්කම්භය මීටර් 4ක් හා ගැඹුර මීටර 2 1/2 පමණ වන ලෙස  නිදන් හොරුන් විසින් හාරන ලද වලකි. ගඩොල් කැබලි, උළු හා මැටි බඳුන් කොටස් මෙම ප්‍රදේශයෙන් හමුවන අතර එම ස්ථානයට මීටර දහයක් පමණ බටහිරට වන්නට ඇති ජලය සිදී ගිය ඔයෙහි ද විශාල වශයෙන් ගඩොල් කැබලි දක්නට ලැබේ.

මෙම ස්ථානය පැරැණි ජනාවාසයක් බව හදුනාගත හැක. මෙහි හමුවෙන ගඩොල් අඟල් අටක් පමණ පළලින් යුක්ත වේ මෙම ස්ථානයට මීටර 50ක් පමණ බටහිරට වන්නට විශාල මැටි බඳුන් කොටස් භූමිය මතුපිට දක්නට ලැබේ. යෝජිත කිවුල් ඔය ජලාශ බැම්මෙන් මෙම ස්ථානයට ඍජු බලපෑමක් ඇති වේ.

මෙම ස්ථානයට ළඟාවීම සඳහා පදවිය සිට වැලිඔය දක්වා ගමන් කොට, වැලිඔය මා ඔය හරහා ඇති පාලම පසුකොට නැදුන්කේනි දිශාවට හරවා එම මාර්ගයෙන් 623වන බල සේනා මූලස්ථානය දිශාවට ඇති බොරළු දමා ඇති වෙඩිවෙට්ටුකල්ලු මාර්ගය ඔස්සේ කිලෝමීටර 4.1 ක් පමණ ගමන්ගෙන මෙම පුරාවිද්‍යා ස්ථානයට ලඟා විය හැක.

නිකවැව වෙඩිවෙට්ටුකල්ලු මාර්ගයේ පර්වතයේ පුරා වස්තූන් (48) (Archaeological Remains on the Rock near Wediwettukallu Road)

වෙඩිවෙට්ටුකල්ලු මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.9ක් ගමන් කළ විට උතුරු දිශාවෙන් අඩි තිහක් පමණ උස පර්වතයක් පවතී. ප්‍රශ්නය ඇත්තේ මාර්ගයේ සිට මීටර 40ක පමණ දුරින් වුවද ගණය ඝනට වැවුණු කැලෑව මෙම පර්වතය මාර්ගයෙන් වසාගෙන සිටි. 

මෙම පර්වතයේ කණු වළවල් සහ ඒ පාමුල කුඩා වැවක බැම්ම ආකාරයේ වැටියක් දක්නට ලැබේ. මෙම පර්වතයෙහි පහළ කොටසේ ස්ථාන කිහිපයක ගල් කඩා ඇති අතර ඉහළ කොටසට හානියක් සිදුව නොමැත. මෙහි ඇති කණු වළවල් පරික්ෂා කිරීමේ දී පර්වතය මත තුරස්‍රාකාර ගොඩනැගිල්ලක් ඉදිකර තිබූ බව පෙනෙයි.  මෙම පුරාවිද්‍යා භූමියට යෝජිත ව්‍යාපෘතියෙන් බලපෑමක් ඇති නොවන බව දක්වා ඇත.

දිවුල්වැව පුරාණ ස්තූප නටබුන් (Divulwewa Stupa Archaeological Site)

නිකවැව වෙඩිවෙට්ටුකල්ලු මාර්ගයේ පුරාවිද්‍යා නටබුන් ඇති පර්වතය  ප්‍රදේශයේ වනය තුලට වන්නට මෙම පුරාවිද්‍යා භූමිය පවතී.  ස්තූප ගොඩැල්ලක් හා ගල් කණු මෙන් ම සිරිපතුල් ගලක් මෙම ස්ථානයේ දක්නට ඇත. ස්ථූප ගොඩැල්ල  නිදන් කොල්ලකරුවන් විසින් මීටර තුනක් පමණ ගැඹුරට හාරා ඇත.  එම ස්ථානයේ විශාල ගඩොල් කැබලි දක්නට ලැබේ.

ස්ථූප ගොඩැල්ලට ඔබ්බෙන් ඇති ගල් කණු සහිත ස්ථාන දෙකද නිධන් හොරුන් විසින් හාරා විනාශ කොට ඇත. එහි උළු හා ගඩොල් බහුලව දක්නට ලැබේ. මැටි බඳුන්  කොටස් ද යම් ප්‍රමාණයක් පෙනෙන්නට ලැබෙන අතර මීටර් දෙකකට වඩා වැඩි ගැඹුරකට එය හාරා ඇත. මෙහි හමුවන සිරිපතුල් ගල වෙනත් ස්ථානයක සිට ගෙන ආ එකක් බව පෙනෙන බව දක්වා තිබේ.  

මෙම පුරාවිද්‍යා භූමියට යෝජිත ව්‍යාපෘතියෙන් බලපෑමක් ඇති නොවන බව දක්වා ඇත.

නිකවැව දකුණ ශෛලමය ගොඩනැගිල්ල (Nikawewa Stone Building Ruins)

යෝජිත කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතියේ වන අලි රක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙම ස්ථානය නම් කර තිබුණද කුඹුරු ගොවිතැන් සඳහා ඉඩම් වෙන් කිරීමට සලකුණු කොට තිබේ.  මෙම ප්‍රදේශයේ හමුවන පුරාවිද්‍යා ස්ථාන අතුරින් මෙම ශිලාමය ගොඩනැගිල්ල ඉතා වැදගත් ස්ථානයක් ලෙස හඳුන්වා ඇත.  වෙනත් ස්ථාන මෙන්ම මෙම ස්ථානයද නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

මෙහි ගල්කණු 24 දක්නට ඇති අතර ඉන් 10ක් නිදන් කොල්ලකරුවන් විසින් ගලවා දමා ඇත. මෙම ප්‍රදේශයේ ගඩොල් කොටස් සහ උළු කොටස් ද තැනින් තැන හමුවේ.  මෙහි තිබූ ගොඩනැගිල්ල වාස්තුවිද්‍යා ගොඩනැගිල්ලක් ලෙස හඳුනාගත හැකි බව දක්වා තිබේ. 

සපුමල් වැව (Sapumal Wewa)

නිකවැව දකුණ ප්‍රදේශයේ අක්කර 170ක් පමණ වසා සිටින විශාල පුරාණ වැවකි. මෙහි වේල්ල මීටර් 750ක් පමණදික්වේ. කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වැඩි ජල ප්‍රමාණයක් මෙම වැවට ලබාදීමට නියමිතය. ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පිහිටා ඇත්තේ මේ වැවට තරමක් නොදුරිනි.

ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් (Ethawatunuwewa Sri Udumbararama Rajamaha Viharaya Archaeological Ruins)

මෙම පුරාවිද්‍යා භූමිය මත වර්තමාන ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය ගොඩනැගී පවතී. මෙහි නව ගොඩනැගිලි හා ඒ වටා මානව ක්‍රියාකාරකම් මගින් පුරවස්තුන් අස්ථානගත වී ඇති නමුත් මෙහි ගල්කණු සහිත ගොඩැලි 2ක් හා දාගැබ් ගොඩැල්ලක අවශේෂ පවතී.

වැඩි විස්තර මෙම පිටුවෙන් ↗️

නිකවැව විහාරය පුරාවිද්‍යා නටබුන් (Nikawewa Viharaya Archaeological Ruins)

නිකවැව වැව් බැම්මේ නැගෙනහිර මෙම විහාරය පවතී. මෙය පුරා වස්තූන් ගෙන් සපිරි කුඩා විහාරස්ථානයකි. වර්තමාන විහාරස්ථානයේ නව බෝධියක් හා කුඩා ආවාස ගෙයක් ඉදිකර ඇත. බුද්ධ මන්දිරයක් තනමින් පවතී.

වැඩි විස්තර මෙම පිටුවෙන් ↗️

මූලාශ්‍ර :

  • Mahaweli Consultancy Bureau (pvt) Ltd, 2020. Environmental Impact Assessment Report For The Proposed Kivul Oya Reservoir Project. Final Report. Colombo: Mahaweli Authority of Sri Lanka.
  • 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka.

සම්බන්ධ වෙනත් පිටු

නිකවැව පුරාවිද්‍යා ස්ථාන සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නිකවැව පුරාවිද්‍යා ස්ථාන රියදුරු දිශාවන්

පදවිය සිට නිකවැව පුරාවිද්‍යා ස්ථාන දක්වා
හරහා :වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : –
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply