මෙම පට්ටියවත්ත අම්බලම ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩුබොක්කාවල ග්‍රාමසේවා වසමේය.
මහනුවර සිට කටුගස්තොට දක්වා පැමිණ එහි සිට මැදවල දක්වා ඇති රණවන පාරේ කිලෝමීටර 4.3ක් ගිය තැන පට්ටියවත්ත මංසන්ධිය හමුවේ. මෙම මංසන්ධියේ සිට අඹතැන්න වෙත දිවෙන පටු මාර්ගයක් තිබේ.
මෙම ස්ථානයේ වම් දිශාවට ගොඩනැගිලි වලට මැදිවී අලුතෙන් සාදන ලද බුදු මැදුරකට මුවාවී මෙම අම්බලම දැකගත හැක.
බදාමයෙන් සාදා රට උළු භාවිතා කොට ප්‍රතිසංස්කරණය කොට ඇති මෙම අම්බලම සමසතරැස් ආකාරයට සාදා ඉදිරිපසින් ඇතුළු වීමට කුඩා කොරිඩෝවක් වැනි කොටසක් එක්කොට ඇත. මෙම කොටස් දෙකෙහිම පල දෙකක් වන ලෙස වහලය සෙවිළි කොට තිබේ.
මෙම අම්බලමේ නුවර යුගයේ අම්බලම්හි දැකියහැකි එකදු ලක්ෂණයක් දක්නට නොමැත. කැටයම් හෝ දැව කණු මෙහි භාවිතා නොවේ. බොහෝ අම්බලම්හි වහලය පල සතරකට සාදා වහලය මද්‍යයේ කැනිමඩලකට පරාළ එක්කරනු ලැබේ. අවම වශයෙන් එම ලක්ෂණයද මෙහි දක්නට නොමැත. බොහෝ විට මෙම අම්බලමේ මුල් ආකෘතිය පසුව සිදු කරනලද ප්‍රතිසන්ස්කරනයන් මගින් අතුරුදහන් වී ඇති බව හැඟේ.
මෙම අම්බලම 2013 වසරේ අගෝස්තු 16වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කොට ඇත. වර්තමානයේ මෙම ගොඩනැගිල්ල ත්‍රීරෝද රථ නැවතුම් ගාලක් ලෙස හා බස් නැවතුම් පොලක් ලෙස භාවිතා වේ.
මූලාශ්‍ර
- The Gazette of the Democratic Socialist Republic of Sri Lanka – No. 1823/73 – FRIDAY AUGUST 16, 2013
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
රජපිහිල්ල පට්ටියවත්ත අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
රජපිහිල්ල පට්ටියවත්ත අම්බලම රියදුරු දිශාවන්
මහනුවර සිට රජපිහිල්ල පට්ටියවත්ත අම්බලම දක්වා |
හරහා : මාතලේ මුළු දුර : කිලෝමීටර් 10 ගතවන කාලය : විනාඩි 30 ගත කිරිය යුතු කාලය : විනාඩි 5-10 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)