අඹගස්තැන්න කුරුකුත්තල අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...

මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසලකරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා.  ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.

ඇතැම් අම්බලම් ඉතා විශිෂ්ට ලෙසින් කැටයම් කරලා තිබුණා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව නගරයට ආසන්නයෙන් අඹගස්තැන්න පාරේ කිලෝමීටර එකහමාරක් පමණ ගියවිට අඹගස්තැන්න කුරුකුත්තල අම්බලමට ළඟා වීමට  පුළුවන්. ජනප්‍රවාදයට අනුව මෙම අම්බලම මහනුවර රාජධානි සමයෙහි කරවන ලද බව සඳහන්  වෙනවා. 

අම්බලම මැද අඩි තුන හමාරක පමණ විෂ්කම්භයක් තිබෙන ශෛලමය කණු හතරක් මත මුදුන් වහලය සාදා තිබෙනවා. මෙම ගල් කණු මුදුණේ දැවයෙන් කරන ලද අලංකාර නෙළුම් මල් කැටයම් සහිත පේකඩ සතර බැගින් දාසයක් සවිකර තිබෙනවා. නමුත් අද වන විට මුල් පේකඩ ඉතුරුව ඇත්තේ  තුනක් පමණයි. මේ ගල් කණු හතරක පිටතින් වහළයේ බෑවුමට සම්බන්ධ වන ලෙසට සතර දිසාවෙන් වෘත්තාකාර කණු තුන බැගින් කණු 12 ක් වෙනවා.  මෙම කුළුණු ගඩොලින් සාදා සුණු පිරියම් කොට තිබෙනවා.  වහලයේ බර දැරීමට මෙම  වෘත්තාකාර කණු අතර තවත් කුළුණු අටක් සාදා තිබෙනවා. මෙම ගඩොල් කුළුණු අඩි අටක් පමණ උසයි. 

අම්බලමේ වහලය ආනතිය අඩු වෙමින් ගඩොල් කණු මතට විහිදී යනවා. වහලය මද්‍යයේ කැණිමඩල කැටයම් කල මලක හැඩයක් ගන්නවා. 

අද මෙම අම්බලම අතරමං වී තිබුනද පුරාණයේ කඩුගන්නාව – ගම්පොල මාර්ගය මෙම අම්බලම ඇති ප්‍රදේශය හරහා වැටී තිබුණා. මෙම අම්බලම අලදූවක අම්බලම, මාත්ගමුව අම්බලම හෝ රම්මක අම්බලම ලෙසත් හඳුන්වනවා.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.

සම්බන්ධ වෙනත් පිටු

අඹගස්තැන්න කුරුකුත්තල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අඹගස්තැන්න කුරුකුත්තල අම්බලම රියදුරු දිශාවන්

ඉලුක්වත්ත සිට අඹගස්තැන්න කුරුකුත්තල අම්බලම දක්වා
හරහා : අඹගස්තැන්න මාර්ගය
මුළු දුර :කිලෝමීටර 1.5
ගතවන කාලය  : විනාඩි 10
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply