සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන නගරයක් වූ බලංගොඩ සිට කල්තොට දක්වා දිවෙන මහා මාර්ගයේ කිලෝමීටර 25ක් ගියතැන දකුණු දෙසට හැරෙන බොරළු පාර ඔස්සේ මීටර් දෙසීයක් පමණ ගිය විට ගල්ටැම්යාය ලෙස හඳුන්වන පුරාවිද්‍යා භූමියට ඇතුළු විය හැක. මෙම පුරාවිද්‍යා භූමිය 1951 වසරේ දී පවරා ගන්නා විට අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක් වසා ගෙන තිබිණි. නමුත් අද මෙය අක්කර 2½ කට සීමා ඇත.
මෙම ප්‍රදේශය වසාගෙන ශෛලමය කණු විශාල ප්‍රමාණයක් වූ නිසා ගල්ටැම්යාය ලෙස ජනවහරට එක් වී ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම නමම භාවිතයට ගෙන ඇත.
නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී තිබෙන ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමියේ අද එකකුදු සම්පූර්ණ ගල්ටැඹක් දැකගත නොහැක. අද මෙහි දැකගත හැක්කේ අඩි දෙක තුන පමණ උස සිරස්ව සිටින ටැම් කැබලි සහ පොළොව මත පතිත වී ඇති අඩි 2 සිට 8 දක්වා දිග කුඩා ගල් කුට්ටි විශාල ප්‍රමාණයක් පමණි.
පෞරාණික ගොඩනැගිලි වලට අයත් ගඩොල් කැබලි ප්‍රදේශය පුරා පැතිරී තිබෙන අයුරු දැකගත හැක. මෙහි ගොඩනැගිලි ශේෂ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථූපයක් ද කොරවක්ගල්, පියගැට පෙළ, මුරගල් කැබලි කැටයමින් තොර සඳකඩ පහණක්ද අද දැකගත හැක.
කූරගල හා බුදුගල විහාර සංකීර්ණ සමඟ ඇති ගල්ටැම් යාය පුරාණයේ එකම විශාල ආරාම සංකීර්ණයක කොටස් විය හැක.
වසර 1992දී පූජ්‍ය විකිළියේ නාරද හිමි විසින් “ඓතිහාසික රත්නපුර” ග්‍රන්ථයට “පැරණි කල්තොට රාජධානිය” යන ශීර්ෂය යටතේ ප්‍රකාශිත ලිපියේ මෙසේ සඳහන් කොට ඇත;
“තන්ජන්තැන්නේ ගල්ටැම්යාය” යයි මෙකල භාවිතා කරන “කුරුදියවල විහාරය” යැයි කියන්නේ මෙතනටය. මෙතනද ගල්ටැම් බොහෝ ඇත. මෙහි තිබූ ගරා වැටී ඇති චෛත්‍යය මෙයට වර්ෂ පහකට පමණ පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැරණි ස්ථානය පරීක්ෂා කිරීමට අප ආ බව අඟවා වාහනයකින් පිරිසක් ඇවිත් මුලාදෑනි මහතා සහ ගම් වැසියන් ද රවටා එහි චෛත්‍ය හාරා නිධන් වස්තු සියල්ලම පැහැරගෙන ගියහ. මින්පසු ගම්වැසියන්ට සැකසිතී මේ බව පොලීසියට දන්වා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පුරාවිද්‍යා අධිකාරියෙන් විමසා ඇත. එබඳු පරීක්ෂාවකට කිසිවෙකු නොවූ බවත් වහාම ඔවුන් අත් අඩංගුවට ගතයුතු බවත් දැන්වූයෙන් පොලීසියඔවුන්සෙවීමට උත්සාහ ගත්තත් මේ වනතුරුම ඔවුන් ගැන හෝඩුවාවක්වත් සොයාගත නොහැකිව ඇත. කූරගල යෝග මධ්‍යස්ථානයට යෑම සඳහා පුරාණ මාර්ගය වැටී තිබුණේ ගල්ටැම්යාය අසලනි. ගල්ටැම්යාය අසලිනි. එකී මග තැනින් තැන ගල් පඩිද බැඳ තිබිණි. ගල්ටැම්යාය නම් වූ කුරුදියවල විහාරස්ථානයේත් කූරගල යෝගාශ්‍රමයේත් දුරාතීතයේ ලොකු සම්බන්ධතාවයක් තිබූ බව එකී මාර්ගයෙන්ම පෙනේ.
මෙම භූමියේ ඇති ගොඩනැගිලි අවශේෂ ක්‍රමානුකූලව සැලසුම් ගත කිරීමේදී පෙනී යන්නේ මෙය පංචායතනයක අවශේෂ ලෙස පෙනී යන බව දයානන්ද බිනරගම පවසයි. සමහර විටක හුදකලාව පිහිටුවන ලද පටිමාඝරයක් (පිළිම ගෙයක්) වෙනුවට පිළිමගෙවල් කිහිපයකින් සමන්විත පංචකුටි, පංචගෘහ, පංචවාස, පංචායතන යනුවෙන් හැඳින්විය හැකි බෞද්ධ ගොඩනැගිල්ලක නටබුන් ඓතිහාසික ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමියෙන් හඳුනාගත හැකිය.
දැනට පිළිම ගෙය ලෙස හඳුනාගත හැකි ගොඩනැගිල්ල දල වශයෙන් අඩි 50×50 ප්‍රමාණයේ චතුරස්‍රාකාර කුටියකි. එහි සීසාන පැත්තේ අඩි 8 ක් පමණ දික් වූ ගල්ටැම් 5ක් දැකිය හැක. ඒක සමානව වයඹ ප්‍රදේශයේ ද ගල්ටැම් කිහිපයකි. පිළිම ගෙය මධ්‍යයෙහි ගල්ටැම් සමූහයක් ද සිටුවන ලද ගල්ටැම් වල ශේෂ වූ පාදම් කොටස් ද දැකිය හැක. ගිනිකොන දෙසට වන පරිදි කොරවක් ගල් දෙකක් සහිත සඳකඩ පහනක් හා පියගැටපෙළ තුනක්ද ශේෂ වූ මුරගලක කොටසක්ද ද්වාරයේ ඉහළ පේකඩක කොටසක් ද දැකිය හැක.
මෙහි සියලූ අවශේෂ අක්කර භාගයක පමණ ප්‍රදේශයක දැකගත හැකිවේ. මෙහි පංචායතන සැලැස්මට අනුව දකුණු, නිරිතදිග හා වයඹ ප්‍රදේශයන්හි තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ ඇති අතර ඒවා ප්‍රදේශයේ ජනතාව විසින් ඉඩම් අත්පත් කර ගැනීම නිසා විනාශ වී ඇති අයුරු දැක ගැනීමට පුළුවන.
Translated by Malinda Seneviratne
The Island
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- බිනරගම, ද., 2006. සබරගමුව පැරණි රජදහන (මද්‍ය වලව නිම්නය) මහ බින්තැන්න. 1st ed. කොළඹ 10: ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ, pp.60-74.
සම්බන්ධ වෙනත් පිටු
ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමිය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්
බලන්ගොඩ සිට ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමිය දක්වා |
හරහා : කල්තොට පාර මුළු දුර : කිලෝමීටර් 24 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)