ගෝනගල යාල අභයභූමියේ සිතුල්පව්ව රජමහා විහාරයට යන මාර්ගයෙන් හරවා ගමන් කලයුතු ගල්කුළු සහිත භූමි ප්‍රදේශයකි. මෙහි මෙම නමින්ම පුරාණ වාරි ජලාශයක නටබුන්ද, ක්‍රි.පූ 2 වන සියවසට අයත් පුරාණ ආරාමයක නටබුන් පෙන්නුම් කරන්නේ පුරාණ රුහුනු රාජධානියේ දියුණු නගරයක් ගෝනගල පැවති බවයි. ගෝනගල පමණක් නොව, සිතුල්පව්ව අවට ඇති පිඹුරාගල, සීලවකන්ද සහ පලටුපාන (වර්තමානයේ මඟුල් මහා වෙහෙර ලෙස හැඳින්වේ) වැනි ගල්කුළු ආශ්‍රිත නටබුන්වූ ආරාම මතයෙන් ගිලිහුණ රුහුණු රාජධානියේ නටබුන් ලෙස ඉතිරිව පවතී.
1974 දී යාල අභයභූමිය තුළ නටබුන් සහිත ස්ථාන කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කොට වාර්තා කර ඇත. ඒවා නම් ආකාශ චෛත්‍ය, වරහමන්කඩ, ගෝනගල, පිලිමලෙන කන්ද, සිතුල්පව්ව බටහිර පෙදෙස, පිළිමයාය, මුනිඅම්මගම , බෙරලිහෙල කන්ද, අළුගල්ගේ කන්ද, අල්ලගල, සීනක්කුව හා අන්ජලී විහාරයයි.
ගෝනගල පර්වත මුදුනේ නිධන් හොරුන් විසින් කැණීම් කරන ලද ස්ථූප දෙකක් වාර්තා විය. ඉන් එකක ගර්භය හොඳින් සංරක්‍ෂිත තත්වයේ පවතී අතර එහි මධ්‍යයේ චතුරස්රාකාර ශෛලමය කුළුණක් ඇති බව වාර්තා විය. අනෙක් දාගැබ බොහෝ ලෙස විනාශ වී තිබිණි. පර්වතයේ ඇති ස්ථූපයන්ට අමතරව, ගොඩනැගිල්ලක නටබුන් ද හමු වී තිබුණි.
මෙම ස්ථානයේ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති ලෙන්ලිපි 11 ක් සොයාගෙන විකේතනය කර ඇත. මහාචාර්ය පරණවිතාන විසින් 1970 දී ප්‍රකාශයට පත් කරන ලද “ලංකාවේ සෙල්ලිපි” ග්‍රන්ථයේ පළමු වෙළුමේ මේවා ලේඛනගත කර ඇත. ගෝනගල, මෝදරගල සහ මගුල් මහා විහාරය යන ස්ථානවල සොයාගෙන ඇති මෙම සෙල්ලිපි ක්‍රි.පූ 250 පමණ කාලයකට අයත් අතර ලංකාවේ සොයාගත් පැරණිතම සෙල්ලිපි ඝනයට වැටේ. මෙහි සියළු ලෙන් ලිපිවල ලෙනෙහි පරිත්‍යාගය පිළිබඳව සඳහන් වේ. මේ අතර විශේෂිත සෙල්ලිපි කිහිපයක්ද ඇත. ඉන් එකක් “මධුකසාලිය සංස්ථාවේ සාමාජිකයින්ගේ ලෙන සංඝයාට [පූජා කොට ඇත]” ලෙස සඳහන් වේ. මධුකසාලිය යන නම බොහෝ විට එම සාමාජකයින් වාසය කොට ඇති නගරයේ නම විය හැක.
ගෝනගල ලෙන් සෙල්ලිපි තුනක පුස්සදේව යන නම සඳහන් වේ. එක් ලෙන් ලිපියක මෙසේ සඳහන් වේ: “සේනාධිපති අභයගේ පුත් පුස්සදේව ප්‍රධානියාගේ පුත් අභය ප්‍රධානියාගේ ලෙන,පැමිණි නොපැමිණි සිවුදෙස සංඝයාට පූජාවයි” ක්‍රි.පූ 2 වන සියවසට අයත් ගෝනගල ආසන්නයේ පිහිටි සිතුල්පව්වහි සොයාගත් ලෙන් ලිපි 61 අතුරින්, සෙල්ලිපි දෙකක දුටුගැමුණු රජුගේ යෝධයන් වන නන්දිමිත්‍ර සහ වේළුසුමන දෙදෙනාගේ නම් සඳහන් වේ. (නිකොලස්, 1963). මහාවංසයට අනුව දුටුගැමුණු රජුගේ හමුදාවේ තවත් යෝධයෙකු වන පුස්සදේව ගේ උපන්ගම සිත්තලපබ්බ (සිතුල්පව්ව) ආසන්න ප්‍රදේශයක පිහිටි අතර, සිතුල්පව්ව සෙල්ලිපිවල පුස්සදේව නම සඳහන් ලෙන් ලිපි තුනෙන් එකක් දුටුගැමුණු හමුදාවේ යෝධයෙකු වූ පුස්සදේව බව තහවරු වේ . පරණවිතානට අනුව ඉහත ගෝනගල සෙල්ලිපියේ සේනාධිපති අභය ලෙස සඳහන් වන්නේ දුටුගැමුණු රජුගේ තවත් යෝධයකු වන ‘ථේරපුත්ත අභය’ (ථේරපුත්තාභය) බවයි. අභයගේ උපතෙන් පසු, ඔහුගේ පියා සසුන් ගත වූ අතර අභය, ‘තෙරගේ පුත් අභය’ ලෙස ථේරපුත්ත අභය පත් විය. තෙරපුත්ත අභය ද දුටුගුමුනුගේ ජයග්‍රහණයෙන් පසුව කලකට පසු සසුන් ගතවිය. නමුත් සසුන්ගත වීමට පෙර ඔහුට පුතෙකු සිටි අතර ඔහු පුස්සදේව ලෙසත් ඔහුගේ පුතා සීයා ගේ නමින් අභය ලෙසත් නම් විය. ඔවුන් සියල්ලෝම පරමක යන පදවි නාමය දරා ඇත. (පරණවිතාන, 1970)
වර්තමානයේ ගෝනගල ස්තුප හෝ එහි හමුවූ ගොඩනැගිල්ල පිලිබඳ තොරතුරු නොපවතී.
යාල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- ආකාස චේතිය
- අතුරුමිතුරුගල (පහත සිතියම බලන්න)
- අතුරුමිතුරුවැව
- බඹරගස්තලාව
- බෙම්බාව
- බෝවත්තේගල
- බ්‍රාහ්මණතොට
- දෙමටගල
- දික්කන්දනේගල
- දිවුලානගොඩ (වෙහෙරදිවුලාන)
- ගෝනගල
- ගොයන්කොළ මායාගල
- හඳුනේරුව
- ඊරියපොල
- කනබිසෝ ගල්ගේ
- කටුපිල (පහත සිතියම බලන්න)
- කටුපිල මංකඩ (පහත සිතියම බලන්න)
- කිරිපොකුණ හෙළ
- මහකිරිවැඩුමගල
- කෝන්ගල
- කොටාදැමූහෙළ
- ලුණුඅටුගල්ගේ (ලුණුඅටු ගල්ගේ)
- සිතුල්පව්ව මගුල් මහා විහාරය
- මල්වාරියකෙම
- මණ්ඩාගල
- මණ්ඩාගල වැව
- මායාගල (වඩම්ඹුව)
- මිනිහාගල්කන්ද
- මෝදරගල
- නෙළුම්පත් පොකුණ
- පඩිකෙම පතනන්ගල
- පිළිමගල
- පිල්ලනෑව ගල් කණු
- පිඹිරාමකන්ද
- සීලවකන්ද
- සිතුල්පව්ව රජමහා විහාරය
- තලගුරුහෙල
- උඩ පොතාන
- වීරගල
References
- De Silva, R. , n.d. Administration Report of the Archaeological Commissioner for the years 1970-1977. 1st ed. Colombo: Department of the Government Printing, pp.29-33.
- PARANAVITĀNA, S., 1970. Inscriptions of Ceylon :Volume 1 : Early Brahmi Inscriptions. 1st ed. Colombo: Department of Archaeology, p.50.
- Nicholas, C., 1963. Historical Topography of Ancient and Medieval Ceylon. Journal of the CEYLON BRANCH OF THE ROYAL ASIATIC SOCIETY, New Series, VI,(Special Number).
සම්බන්ධ වෙනත් පිටු
යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් රියදුරු දිශාවන්
දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා යාල ජාතික වන උද්‍යානය වෙත ළඟා විය හැකිය. එය කොළඹ සිට කිලෝමීටර් 275 ක් දුරින් පිහිටා ඇත. අධිවේගී මාර්ගය මඟ හැර රත්නපුර හරහා මාර්ගය කෙටි සහ දැකුම්කළු නමුත් වැඩි කාලයක් ගතවේ.
කොළඹ සිට යාල ජාතික වනෝද්‍යානය පිවිසුම දක්වා මාර්ගය | කතරගම සිට යාල ජාතික වනෝද්‍යානයට පිවිසුම් මාර්ගය |
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – මත්තල – තිස්සමහාරාම – කිරින්ද දුර : කිලෝමීටර් 275 ගමන් කාලය : පැය 4.30 රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න | තිස්සමහාරාම – කිරින්ද හරහා දුර : කිලෝමීටර 40 ගමන් කාලය : විනාඩි 45. ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න |
තිස්සමහාරාම සිට යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් |
---|
මුළු දුර : කිලෝමීටර් 28 ගතවන කාලය : විනාඩි 60 ගත කිරිය යුතු කාලය : විනාඩි 45 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)