හෙක්ටයාර 100,000 කට වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය වන යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වනජීවී උද්‍යානයකි. එපමණක් නොව ලොව වැඩිම වන දිවියන් සාන්ද්‍රතාව ඇත්තේ යාල අතර මෙම වනෝද්‍යානය වසරකට නරඹන්නන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ආකර්ෂණය කරයි. යාල ජාතික වනෝද්‍යානය ආවරණය වන ප්‍රදේශය පුරාණ රෝහණ රාජධානියේ කොටසක් වූ අතර එය ක්‍රිස්තුස් වහන්සේට ඉපදීමට සියවස් කිහිපයකට පෙර සිටම සමෘධිමත් ප්‍රදේශයක් විය. ක්‍රි.පූ 250 දී බුද්ධාගම මෙරටට පැමිණීමත් සමග රෝහණ උප රාජධානියේ විශාල ආගමික ප්‍රබෝධයක් ඇතිවිය. දහස් ගණන් භික්‍ෂූන් වහන්සේලා විසිය හැකි විශාල විහාර සංකීර්න ගොඩනැගිණි. පුරාණ ග්‍රන්ථයන්ට අනුව (සම්මෝහ විනෝදනී අටුවාව) ක්‍රි.පූ 1 වන සියවසේ බැමිණිතියාසාය මහා සාගතය ඇතිවූ කාලයේ සිතුල්පව්ව රජමහා විහාරයේ මහ රහතුන් 12,000ක් සිටි බැව පැවසේ.
කෙසේ වෙතත්, මෙම කලාපයේ ස්වර්ණමය යුගය සුළු රජවරුන් අතර යුද්ධ, නියඟ, සාගත, රෝග සහ නඩත්තු නොකිරීම හේතුවෙන් වාරිමාර්ග යටිතල පහසුකම් විනාශ වීම හේතුවෙන් පසු කාලයකදී අවසන් විය. යුරෝපීයයන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට, කලෙක ජනාකීර්ණ වූ මෙම ප්‍රදේශය පුරා වනය පැතිරී තිබුණි. එසේ නමුත්, මතකයෙන් ගිලිහුණු මෙම රාජධානියේ අවශේෂ තවමත් යාල වන ඇතුළත සෑම ගල් කුලක පාහේ අදද දක්නට ලැබේ. සිතුල්පව්ව, පිඹුරමල්ගල (පිඹුරගල), සිලවකන්ද සහ පලටුපාන (වර්තමානයේ සිතුල්පව්ව මඟුල් මහා වෙහෙර ලෙස හැඳින්වේ), අකාස චෛත්‍යය (ඇත්ගල්පව්ව මත), කලිගම, වරහමන්කඩ, ගෝනගල, පිලිමලෙණ පර්වතය, පිලිමයාය, මූනිඅම්මගම, බෙරලිහෙල කන්ද, අළුගල්ගේ කන්ද, අල්ලගල, සීනක්කුව, තලගුරුහෙළ, වෙහෙරදිවුලාන, නාමල්පොකුණ, බෝවත්තේගල, නෙලුම්පත් පොකුණ, කෝන්ගල, කිරිපොකුනහෙල සහ බඹරගස්තලාව මෙම අවශේෂ සොයා ගන්නා ලද ස්ථාන කිහිපයකි.
පුරාණ බූතව වැව ජලාශයේ සිට බලන විට සිටගෙන සිටින පරිපූර්ණ ඇතෙකුගේ ආකෘතියක් මෙම පර්වතයෙන් ඉස්මතුවේ. එබැවින් මෙම පර්වතය ඇත්ගල්පව්ව ලෙස පොදු ව්‍යවහාරයේ පවතී. නිල් ආකාශයට එරෙහිව නැගෙන මෙම දැවැන්ත පර්වතය මුදුනේ නටබුන් වූ අකාස චෛත්‍යය ස්ථූපය එම ස්ථානයේ සිට පැහැදිළිව දැක ගත හැකිය. ඇත්ගල්පව්වට දකුණින්, තවත් පහත් ගල් තලාවක මෙම පුරාණ සංඟ සංකීර්ණයේ තවත් ස්ථූපයක නටබුන් දැකිය හැකිය. මෙම පුරාවිද්‍යා භූමියේ පිහිටීම හේතුවෙන් වැඩි පර්යේෂණ සිදු කර නොමැති නමුත් යාල තුල අධ්‍යයනය කර ඇති මෙවන් අනෙක් නටබුන් ක්‍රි.පූ 2 සිට 3 වන සියවස් අතර කාලයට අයත් වේ. මෙම නටබුන් එකම රාජධානියක කොටසක් වන බැවින් මෙම ආරාමය ද එම කාල පරිච්ඡේදයට අයත් විය යුතුය.
මෙම පුරාවිද්‍යා අඩවිය සහ යාල ජාතික වනෝද්‍යානය තුළ ඇති තවත් පුරාවිද්‍යා අඩවි කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම්.එච්. සිරිසෝම මහතා විසින් 1974 දී ගවේෂණය කොට ඇත. ඇත්ගල්පව්වහි ස්ථූපය නැගෙනහිර පැත්තේ පිහිටා ඇත. අකාස චෛත්‍යය ස්ථූපයෙහි මතුපිට පරීක්‍ෂණයකින් ඕලන්ද VOC, හතරවන එඩ්වඩ් රජුගේ සහ වික්ටෝරියා රැජිනගේ කාසි කිහිපයක් හමු වී ඇත. ඇත්ගල්පව්ව පර්වතයේ නැගෙනහිර කඳු මුදුනේ තවත් ස්ථූපයක් සොයාගෙන ඇත. මෙය එවිටත් නිධන් හොරුන් විසින් හාරා තිබුණි. මෙහි පේසා වළල්ලක කොටසක් ඉවත් කිරීමේදී කුඩා ධාතු කරඬුවක් සහ ඕලන්ද VOC කාසියක් සොයාගෙන ඇත.
2021 ජූලි මාසයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් යාල ජාතික වනෝද්‍යානයේ 1 වන කොටසේ පිහිටි මෙම අකාස චෛත්‍යය නටබුන්හි සමීක්ෂණයක් පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා විය. මෙහි යම් ප්‍රතිසංකරණයන් සඳහා කොන්දේසිද සඳහන් වේ. පසුව විපක්ෂ නායක විසින් පළ කරන ලද ට්විටර් පණිවුඩයක් මගින් යාල 1 කොටසෙහි යම් රහසිගත අරමුණක් වෙනුවෙන් අක්කර 12,000 ක් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් අකාස චෛත්‍යය වෙත මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් අනාවරණය කරණ ලදී. මේ සමග පරිසරවේදීන් විසින් ප්‍රදේශයේ බොහෝ වන ජීවීන්ගේ අවසාන රැකවරණය වූ යාළ විනාශ කිරීම නැවත්වීම වෙනුවෙන් ක්‍රියාකාරී වෙමින් පවතී.
මුලාශ්‍ර
- De Silva, R. , n.d. Administration Report of the Archaeological Commissioner for the years 1970-1977. 1st ed. Colombo: Department of the Government Printing, pp.29-33.
සම්බන්ධ වෙනත් පිටු
යාල වනයේ සැඟවුණු ඇත්ගල්පව්ව ආකාශ චෛත්‍යය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
යාල වනයේ සැඟවුණු ආකාශ චෛත්‍යය ගමන් මාර්ගය
යාළ පිවිසුමේ සිට ආකාශ චෛත්‍යය දක්වා |
---|
හරහා : කැබිතිගොල්ලාව – පදවිය – පදවි පරාක්‍රමපුර මුළු දුර : කිලෝමීටර් 16 ගතවන කාලය : විනාඩි 40 පමණ ගත කිරිය යුතු කාලය : පැය 1-2 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)