අළුත් හේරත්ගම ශ්‍රී උපතිස්සාරාමය පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.25 out of 5)
Loading...

අළුත් හේරත්ගම යනු පාදෙනිය සහ අනුරාධපුර අතර මධ්‍යයේ පිහිටි ගමකි. මෙම විහාරස්ථානයට ළඟාවීම සඳහා පාදේනියේ සිට අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර 40 ක් හෝ අනුරාධපුර සිට කි.මී. 41 ක් ගමන් ගෙන අළුත්හේරත්ගම වැව දෙසට ඇති මාර්ගයට ඇතුළු විය යුතුය. විහාරය මෙම මාර්ගයේ මීටර 50ක් පමණ ගමන්කලවිට හමුවේ.

මෙම විහාරය නවීන පෙනුමක් ඇති අතර මෑතකදී ඉදිකරන ලද ගොඩනැගිලි බොහොමයක් ඇත. කෙසේ වෙතත් මෙම නවීන ගොඩනැඟිලි මධ්‍යයේ කුඩා ටැම්පිට විහාරයක් දැකගත හැක.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

අළුත් හේරත්ගම ටැම්පිට විහාරය ගල් කුළුණු 10 ක් මත ඉදිකර ඇති අතර එහි සාමාන්‍ය උස සෙන්ටිමීටර 51 කි. මෙවන් ගොඩනැගිළිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ප්‍රදක්ෂිණා පථයක් මෙහි නොමැත. මෙහි ප්‍රථිමා ගෘහයේ දිග මීටර් 2.95 ක් සහ පළල මීටර් 2.36 කි. සම්පූර්ණ ගොඩනැගිල්ල මීටර් 3.94 ක් සහ පළල මීටර් 2.36 වේ.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

අළුත් හේරත්ගම ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අළුත් හේරත්ගම ටැම්පිට විහාරය දිශාවන්

පාදෙණිය සිට අළුත් හේරත්ගම ටැම්පිට විහාරය දක්වා
හරහා :අඹන්පොල
මුළු දුර : කිලෝමීටර් 40
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com