කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...
Tampita Viharaya sketch og
A sketch of a Tampita Viharaya

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දළදාගම (පාදෙණිය-ගල්ගමුව මාර්ගයේ) සිට කිලෝමීටර 11ක් දුරින් කෝන්වැව බෝධිඅංගනාරාමය විහාරය පිහිටා තිබේ. දළදාගම සිට යාපහුව පසුකොට කිලෝමීටර 5.2ක් ගියතැන කෝන්වැව ගම්මානය හමුවේ.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය සෙන්ටිමීටර 43ක් උස් වූ ගල් කුළුණු 17ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයක් දිව යයි. මෙය ඉදිරියෙන් මීටරයක් පළල වන අතර දෙපසින් සෙන්ටිමීටර 61ක්ද පිටුපසින් සෙන්ටිමීටර 58ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 2.67×2.31 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.75×3.91 කි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

පාදෙණිය සිට කෝන්වැව බෝධිඅංගනාරාමය ටැම්පිට විහාරය දක්වා
හරහා : දළදාගම
මුළු දුර : කිලෝමීටර් 32
ගතවන කාලය : විනාඩි 40
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com