දෙහැන්නෑගම ශ්‍රී සුදර්ශනාරාම ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...
Tampita Viharaya sketch og
A sketch of a Tampita Viharaya

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආනමඩුව සහ නිකවැරටිය අතර දෙහැන්නෑගම ශ්‍රී සුදර්ශනාරාම විහාරය පිහිටයි. ආනමඩුව සිට ගමන් කරන්න්නේනම් කිලෝමීටර් 5.6 ක් නිකවැරටිය දෙසටත් නිකවැරටිය සිට ගමන් කරන්නේ නම් ආනමඩුව දෙසට කිලෝමීටර් 13.3 ක් ගමන් කළ යුතුය. ඉන්පසුව ප්‍රධාන පුත්තලම් – කුරුණගල මාර්ගයෙන් පුරාණ දෙහන්නගම ජලාශයට යන මාර්ගයේ ගමන් කලවිට ජලාශය අසලින් මෙම විහාරය හමුවේ. මෙම ජලාශය සහ විහාරය පිළිබඳව එඩ්වඩ් උපම් විසින් 1833 රචිත “මහාවාන්සි, රාජ-රත්නකාරි සහ රාජාවලි යන ලංකාවේ පූජනීය ග්‍රන්ථ (වෙළුම 3)” ග්‍රන්ථයේ කෙටි සටහනක් ඇතුලත් කොට තිබේ.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

සෙන්ටිමීටර 20 ක් උස ගල් කණු 8 ක් මත දෙහැන්නෑගම ටැම්පිට විහාරය පිහිටා ඇත. මෙහි පිළිම ගෙය වටා කොරිඩෝවක් දිව යයි. එහි ඉදිරිපස පළල මීටර් 1.43 ක් වන අතර පැති සහ පසුපස සෙන්ටිමීටර 40 සහ 36 පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 3×2.5 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.9×3.2 කි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

දෙහැන්නෑගම ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

දෙහැන්නෑගම ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

හලාවත සිට දෙහැන්නෑගම ටැම්පිට විහාරය දක්වා
හරහා :පඬුවස්නුවර පාර
මුළු දුර : කිලෝමීටර් 53
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com