පුරාණ මාකෙහෙල්වල අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

මාවනැල්ලේ සිට කඩිගමුව මාර්ගයේ කිලෝමීටර 5.5ක් පමණ ගමන්ගත්කල මාකෙහෙල්වල ටැම්පිට විහාරය මාකෙහෙල්වල මංසන්දියේ හමුවේ. මෙම මංසන්දියෙන් මාකෙහෙල්වල මාර්ගයේ කිලෝමීටර 2ක් පමණ ගමන්ගත්කළ රමණීය කුඹුරු යායකට යාබදව මාකෙහෙල්වල අම්බලම පිහිටා තිබේ. අම්බලමට ඉහලින් අලගල්ල පර්වත කන්ද අලංකාරව දර්ශනය වේ. මාකෙහෙල්වල මාර්ගය අවසන් වන්නේ සුන්දර ඉහළ කෝට්ටේ දුම්රිය නැවතුම අසලිනි. මෙම දුම්රිය මාර්ගයේ ඇති දුම්රිය බිංගෙය සහ ඒ මතින් කඩාවැටෙන මීයන් ඇල්ල මෙම ගමනේ ඔබට නැරඹිය හැක.

මෙය ගඩොල් හා බදාමයෙන් සාදා ඇති ප්‍රමාණයෙන් විශාල අම්බලමකි. මෙහි වහලය ඵල දෙකකට සාදා ඇත. අම්බලම වටා සහ ඵල එක්වන ස්ථානය වටා ඇති කණු විශාල වූ වහලය දරා සිටියි. වහලය මහනුවර යුගයේ ප්‍රචලිත පැතලි උළු භාවිතයෙන් සෙවිලි කොට ඇත. කැණිමඩලක් නොවූවත් වහළය මුදුනේ දෙකෙළවර මැටි කොත් 2ක් සවිකොට ඇත. මෙම අම්බලම මෑත කාලයකදී සම්පූර්ණ ප්‍රතිසන්කරණයකට භාජනය වී ඇත.

සම්බන්ධ වෙනත් පිටු

මාකෙහෙල්වල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාකෙහෙල්වල අම්බලම රියදුරු දිශාවන්

මාවනැල්ල සිට මාකෙහෙල්වල අම්බලම දක්වා
හරහා :දුම්මලසූරිය – කුලියාපිටිය
මුළු දුර : කිලෝමීටර් 7.5
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com