පුරාණයේ යාන් ඔය හරහා ගල් අමුණු ගණනාවක් පැවති බව ඔයේ තැනින් තැන තවමත් පවත්නා ශෛලමය ශේෂයන් කියාපායි. වාහල්කඩ අමුණ මධ්‍ය යාන් ඔය නිම්නයේ යාන්ඔය හරස් කොට සැදු එවන් පුරාණ අමුණු කිහිපයෙන් එකකි.
අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට මායිම්ව වාහල්කඩ ගොවි ජනපදයේ D2 කළාපයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් වනාන්තරය තුල මෙම අමුණ යාන් ඔය හරහා දැකගත හැක.
මෙම අමුණ පිලිබඳ විස්තර ඓතිහාසික මුලාශ්‍රයන්ගේ සඳහන් නොවේ. නමුත් 1897 වසරේ පුරාවිද්‍යා පරිපාළන වාර්තාවේ වික්වෝර් නම්වූ මිනින්දෝරුවා විසින් වාර්තා කොට ඇත.
“මුල් අමුණට පහළින් පිහිටා තිබෙන මෙය මා විසින් දක්නා ලද පුරාණ විචිත්‍ර කර්මාන්තයන් ගෙන් එකකි. යටකී අමුණේ මෙන්ම මෙහිදීද ගඟ අමුණට දකුණෙන් හැරී ගොස් තිබේ. මේ නිසා මෙම අමුණේ එක ගලක්වත් ඉවතට පෙරළී නැත. එය සම්පූර්ණයෙන්ම කපාපු ගල් ඉතා දක්ෂ ලෙස පිරිද්දීමෙන් සාදා ඇත. ගල් පේලියේ පෙළ වරක් ගඟේ වතුර පාරට අනුවද වරක් ඊට විරුද්ධව ද පිහිටුවා අමුණ බැන තිබේ. සමහර ගල් අඩි 11½ ක් දිගය 1½ ක් පළලය. අමුණ අඩි 92ක් දිගය, අඩි 38 ක් පළලය. ගඟ පතුලේ සිට අඩි 10ක් උස ය. අමුණ දෙකෙළවර අඩි 6ක් උසට ගංඉවුර අතට හැඩකර සාදා තිබේ. අමුණ උඩින් ගලා යන ගංවතුර සීමා කිරීමට මෙසේ සාදා ගන්නට ඇත.”
(Administration Report- 1897)
මෙසේ වික්වෝර් විසින් 1897දී විස්තර කරනලද මෙම අමුණ ශතවර්ෂයකට පසුද එසේම පවතින බව ආචාර්ය විතානාච්චි 2017දී දක්වා ඇත. ආචාර්ය විතානාච්චිට අනුව මෙම අමුණේ දිග මීටර 26.8කි (අඩි 88), පළල මීටර 11.5කි (අඩි 37.7). මෙය වික්වෝර්ගේ මිනුම් හා ආසන්නව සැසදේ. යාන් ඔයේ ප්‍රමාණය හා සසඳන කල මෙම අමුණ සාපේක්ෂ වශයෙන් එය විශාල අමුනකි. අමුණේ සැලකිය යුතු කොටසක් තවමත් නිරුපද්‍රිතව පවතී. ඔයේ ජලපහර වැඩි වනවිට ඉවුරු කන්ඩි සේදී යෑම වැලක්වීමට ගල් කුට්ට්ටි යොදා සෑදු සැඬපනාව එසේම පවතී. බැම්ම මතුපිට ගල් ස්ථරයෙන් 80% පමණ ඉතිරිව පවතී.
වික්වෝර් විසින් මෙම අමුණ හා සම්බන්ධ ඇළ මාර්ගය අමුණට දම්වැල් 14ක් (මීටර 280) ක් ඉහලින් දකුණු ඉවුරේ පවතින බවත්, එය තවත් දම්වැල් 10ක් (මීටර 201) පහළින් නැවත ඔයට සම්බන්ධ වන බවත්ය. මේ හැර ඔහුට වෙතන් ඇළ මාර්ගයක් හමුවී නැති අතර එය බොහෝ විට පසින් වැසී ඇති තිබිය හැකි බව පවසයි. ආචාර්ය විතානාච්චි මහතාගේ සමීක්ෂණයේදී මෙම ඇළ මාර්ගය හමු නොවූ බවත් බොහෝවිට මෙය යාන් ඔයේ ස්වභාවිකව ඇතිවූ ඛාදනයක් වික්වෝර් විසින් ඇළ මාර්ගය ලෙස අනුමාන කළා වියහැකි බවත් පවසයි. ආචාර්ය විතානාච්චිට අනුව මෙම අමුණෙන් ජලය ලබාගෙන ඇත්තේ වම් ඉවුරට පමණි. මෙම අමුණ හා සම්බන්ධ ඇළ මාර්ගය අමුණට මීටර 20ක් පමණ ඉහළින් පිහිටයි. මෙම අමුණෙන් ජලය ලබාගෙන ඇත්තේ වාහල්කඩ වැවෙන් ජලය සැපයීමට නොහැකි වූ විශාල භූමි ප්‍රදේශයකට බව ඔහු පවසයි. ආචාර්ය විතානාච්චිට අනුව මෙම අමුණ පිහිටා ඇත්තේ අක්ෂාංශ දේශාංශ 8.78373245555, 80.8838876527 හි දීය.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ රියදුරු දිශාවන්
අනුරාධපුර සිට කලා ඔය යකාබැම්ම අමුණ දක්වා |
හරහා : මැදවච්චිය – කැබිතිගොල්ලෑව මුළු දුර: කිලෝමීටර 88 ගතවන කාලය : විනාඩි 120 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)